දකුණු ලෙබනනයේ ඊශ්‍රායල-හිස්බුල්ලා ගැටුම් සහ සිරියාවේ වාතාවරණය

war-report-hezbollah-strikes-israeli-military-vehicle-amid-escalation-in-southern-lebanon

සැප්තම්බර් මාසය ආරම්භයේදී ඊශ්‍රායල-ලෙබනන දේශසිමාව දෙපස ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් ඇවිලී ගියෝය.

සැප්තැම්බර් පළමුවෙනිදා ඊශ්‍රායල හමුදාව ෂෙබා ගොවිපොල භූමියේ ඉලක්කවලට කාලතුවක්කු ප්‍රහාර කිහිපයක් එල්ල කලේය.ලෙබනනය යටතේ තිබෙන ෂෙබා ගොවිපොල හි බෙස්ට්‍රාහ් වෙත ඊශ්‍රායල ඩ්‍රෝන් යානයකින් ගිනි ගන්නා සුළු බෝම්බ විශේෂයක් හෙළන ලදි.

මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඉහල ගැලිලී හි අවිවිම් ආසන්නයේ හමුදා මුරපොලක් සමීපයේ තිබූ ඊශ්‍රායල හමුදාවේ රථයකට යුද ටැංකි නාශක නියාමක මිසයිල ප්‍රහාරයක් එල්ල කලේය.ලෙබනන සටන්කාමී කණ්ඩායමට අනුව ප්‍රහාරය දියත් කලේ හසන් අල්-සබිබ් සහ යසෙර් ඩහිර් යන නම් වලින් හඳුන්වන ඒකකය විසින් බවයි.අගෝස්තු මාසයේ සිරියාවේ ඩැමැස්කස් නගරයට එල්ල කල ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් මිය හිස්බුල්ලා සටන්කරුවන් දෙදෙනා සිහිපත් කිරීම පිණිස ඉහත කී ඒකකයට එම නම ලබා දී තිබේ.

හිස්බුල්ලා සංවිධානය පවසන පරිදි ඔවුන්ගේ මිසයිල ප්‍රහාරයෙන් ඊශ්‍රායල සෙබලුන් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇත.කෙසේවෙතත් ජීවිත හානි/තුවාල ලැබීම් ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කලේය.

අනෙක් පසින් ටෙල් අවිව් හමුදා කාලතුවක්කු ප්‍රහාර 100කට වැඩි ගණනක් දකුණු ලෙබනනයට එල්ල කලහ.ප්‍රහාර සඳහා ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද භාවිතා කරන ලදි.

මීට පෙර බේරූට් සහ ඩැමැස්කස් නගරයට එල්ල කල ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායල සිය ආක්‍රමණශීලීත්වය පෙන්වූ තවත් අවස්ථාවක් ලෙස ලෙබනනයට එල්ල කල මෙම ප්‍රහාර දැක්විය හැකිය.විශේෂඥයින්ට අනුව වර්තමාන ඊශ්‍රායල නායකත්වය ගැටුම් ඇවිලවීමට ක්‍රියා කරන්නේ ඒ හරහා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වාසියක් ලබා ගැනීමේ අරමුණින් යුක්තවයි.


අගෝස්තු මස 31දා සිරියාවේ ඉඩ්ලිබ් කලාපය අරමුණු කරගෙන අලුත් සටන්විරාමයක් ආරම්භ වූයේ වයඹදිග සිරියාවේ වාතාවරණයට රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ඔස්සේ පිළිතුරක් සෙවීම සඳහා සිරියාව,තුර්කිය,ඉරානය සහ රුසියාව යන රටවල් දරන උත්සාහයක් වශයෙනි.

ඒකපාර්ශ්වික සටන් විරාමය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අගෝස්තු 30දා නිවේදනය කල අතර සිරියානු සන්නද්ධ හමුදා එය තහවුරු කලේ අගෝස්තු 31දාය.කෙසේවෙතත්,සිරියානු හමුදාව පවසන්නේ ත්‍රස්තවාදීන් සිදු කරන සටන් විරාම උල්ලංඝනය කිරීමකදී ඊට එකට එක කිරීම අයිතිය සිරියානු අරාබි හමුදාව පාවිච්චි කරන බවයි.

අගෝස්තු මාසයේ මුල් භාගයේදී හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙක් අන්තවාදී කණ්ඩායම් මීට සමාන සටන් විරාමයක්,එය ආරම්භ වූ වහාම උල්ලංඝනය කිරීමට පටන් ගත්හ.ඉන්පසුව සිරියානු අරාබි හමුදව උතුරු හමා සහ දකුණු ඉඩ්ලිබ් දෙසට සිය ආක්‍රමණය දියත් කරමින් කාන් ෂයිකුන් නගරය මුදාගත්තේය.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයෙහි දකුණු කොටස කේන්ද්‍ර කරගෙන ආරම්භ වූ සටන් විරාමය වැඩි කාලයක් නොපවතිනු ඇත.ඊට ප්‍රධාන හේතුව වන්නේ සිරියානු විපක්ෂයේ හැසිරීමයි.මෙවර සටන් විරාමය ආරම්භ වූ වහාම හයාට් ටරිර් අල්-ෂාම් සටන්කාමීන්,සටන් විරාමය නිරීක්ෂණය කරමින් සිටි සිරියානු ඩ්‍රෝන් යානය බිම හෙළීය.

 බිම හෙළු ඩ්‍රෝන් යානය පෙනුමෙන් සිරියානු අරාබි හමුදාව භාවිතා කරන ඉරාන මුහාගිර්-4 සහ අබාබිල්-3 ඩ්‍රෝන් යානාවලට සමානය.මෙය ඉහත කී ඉරාන ඩ්‍රෝන් යානාවල සිරියානු පිටපතක්ද විය හැකිය.පහත දැක්වෙන්නේ බිම හෙළු සිරියානු හමුදාවට අයත් ඩ්‍රෝන් යානයයි.

HAY’AT TAHRIR AL-SHAM SHOT DOWN DRONE OVER SOUTHERN IDLIB VIOLATING NEW CEASEFIRE

HAY’AT TAHRIR AL-SHAM SHOT DOWN DRONE OVER SOUTHERN IDLIB VIOLATING NEW CEASEFIRE

ඉඩ්ලිබ් කලාපය සම්බන්ධව රුසියා-තුර්කි එකඟතාවය පරිදි නුදුරේදීම ඉඩ්ලිබ් හි හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ එහි ගැලවීමේ රජය විසුරුවා හරිනු ඇතැයි සිරියාවේ අල්-වාටන් නම් පුවත්පත සැප්තැම්බර් පළමුවෙනිදා වාර්තා කර තිබිණි.වාර්තාවට අනුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම දැන් තුර්කියේ සහාය හිමි විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සමග සාකච්ඡා කරමින් සිටින්නේ තවත් තුර්කි ප්‍රොක්සි හමුදාවක් වන ෆයිලාක් අල්-ෂාම් කණ්ඩායමේ මැදිහත් වීම මතයි.කෙසේවෙතත්,හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නිල වශයෙන් විසුරුවා හැරියත්,ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදී තර්ජනය ඉවත් ව නොයන්නේ ඉහත කී ත්‍රස්තවාදී කණ්ඩායමේ සියලු සාමාජිකයෝ එම ප්‍රදේශයේම රැඳී සිටින නිසාය.
 අලුතින් මුදා ගත් අල්-ලටාමිනා නගරයේ තිබූ සමූහ මිනිවලක් සොයා ගැනීමට සිරියානු අරාබි හමුදාව අගෝස්තු මස 31දා සමත් විය.එහි තිබී පුද්ගලයින් දස දෙනෙක්ගේ ශරීර කොටස් සොයා ගත් බව සානා පුවත් සේවය සඳහන් කලේය.මිනී වල සොයා ගැනීමට ප්‍රදේශවාසීන් සැපයූ තොරතුරු ඉවහල් වී තිබේ.




අල්-ලටාමියා නගරය මුදා ගැනීමට පෙර ජයිස් අල්-ඊසා සහ හයාට් ටරිර් අල්-ෂාම් යන කණ්ඩායම්වල බලකොටුවක් පැවතිණි.මෙම අපරාධ පිටුපස සිටින්නේද ඔවුන් විය හැකිය.
අගෝස්තු මස 31දා නැගෙනහිර ඩාරා හි නැගෙනහිර  ගරියාහ් සහ අල්-කරාක් අතර ප්‍රදේශයේදී සිරියානු හමුදාවේ බස් රථයක් ඉලක්ක කරගෙන මර උගුලක් ක්‍රියාත්මක වීමෙන් සෙබලුන් හත්දෙනෙක් පමණ තුවාල බලා ඇත.රජයට පක්ෂපාතී ක්‍රියාකාරීන් පවසන්නේ මෙම ප්‍රහාරය පිටුපස දකුණුදිග සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප්පොලවල් සිටින බවයි.ජූලි මස 17දා බටහිර ඩාරා හි අල්-යඩුඩාහ් නගරය ආසන්නයේදී මෙවැනිම පිපිරීමකින් සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් පස්දෙනෙක් මරණයට පත් තවත් කිහිපදෙනෙක් තුවාල ලැබීය.

ඉඩ්ලිබ් හි ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වීම නිසා දකුණු ප්‍රදේශයේ ත්‍රස්තවිරෝධී මෙහෙයුම් ක්‍රමයෙන් අවම වීම නිසා එම වාසිය ලබාගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ අනෙකුත් අන්තවාදී කණ්ඩායම් දකුණුදිග සිරියාවේ සිය ක්‍රියාකාරකම් වර්ධනය කර ගනිමින් සිටිති.





source:southfront.org


දකුණු ලෙබනනයේ ඊශ්‍රායල-හිස්බුල්ලා ගැටුම් සහ සිරියාවේ වාතාවරණය දකුණු ලෙබනනයේ ඊශ්‍රායල-හිස්බුල්ලා ගැටුම් සහ සිරියාවේ වාතාවරණය Reviewed by HarshaLulzSec on September 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.