සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 03

syrian-war-report-september-3-2019-russia-accuses-u-s-of-sabotaging-idlib-ceasefire

පසුගියදා සිරියාවේ ඉඩ්ලිබ් වෙත එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරය නිසා ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ සටන් විරාමය අන්තරායට පත් බවත්,කලින් ඇති කරගෙන තිබූ එකඟතා සියල්ල උල්ලංඝනය වූ බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ සැප්තැම්බර් මස පළමුවෙනිදා පැවසීය.

උතුරු ඉඩ්ලිබ් හි අල්-කයිඩා සංවිධානය මූලස්ථාන ඉලක්ක කර ගෙන ප්‍රහාරයක් එල්ල කලේ ඇමෙරිකානු මධ්‍යම ආඥාව අගෝස්තු 31දා නිවේදනය කලේය.මෙම ප්‍රහාරය හරහා ඉදිරි කාලයේදී ත්‍රස්තවාදීන්ට එල්ල කිරීමටත් ,කලාපය අස්ථාවර කිරීමටත් ඔවුන්ට ඇති හැකියාව පහළ වැටුණු බව ඇමෙරිකාව පවසයි.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ ඉඩ්ලිබ් කලාපය තුල සිරියානු සන්නද්ධ හමුදා ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සුලු කාලයකට පසුවයි.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ගුවන් ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ අන්සාර් අල්-තවුහිඩ් නම් අල්යිඩාවට සම්බන්ධ සටන්කාමීන්ගේ කඳවුරකි.කෙසේවෙතත්,එහි සිටි ත්‍රස්තවාදීන්ට හෝ නායකයින්ට හානියක් සිදු වූ බවට කිසිදු වාර්තාවක් පළ නොවීය.

කෙසේවෙතත්,අගෝස්තු 31 දා ආරම්භ වූ සටන් විරාමයෙන් පසුව ඉඩ්ලිබ් කලාපයේ වාතාවරණය සාපේක්ෂව සාමකාමීය.රජයට පක්ෂපාතී හමුදා සහ සටන්කාමීන් කඩින් කඩ එල්ල වන කාලතුවක්කු ප්‍රහාර සම්බන්ධව එකිනෙකාට චෝදනා එල්ල කර ගනියි.මෙම ප්‍රහාරවලින් ජිවිත හානි හෝ තුවාල ලැබීම් සිදු වූ බවට වාර්තා නොවේ.

ඒ අතරතුර,ඊසානදිග සිරියාවේ "ආරක්ෂිත කොරිඩෝර" එකඟතාවය ක්‍රියාත්මක කර ගැනීමේදී එක්සත් ජනපදය සහ තුර්කිය යම් අපහසුතාවලට මුහුණ දී තිබේ.තුර්කි සෙබලුන්ට ආරක්ෂිත කොරිඩෝරය පාලනය කිරීමට අවසර නොලැබුණහොත් තුර්කිය තමන්ගේම සැලැස්මකට ක්‍රියා කරන බවට එරට ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් තර්ජනය කලේය.ඔහු පැවසුවේ තුර්කියට වෙලාවක් හෝ ඉවසීමක් නැති බවත්,තමන්ට අවශ්‍ය වන්නේ ඇත්තටම සිය සෙබලුන් විසින් මුර කරන ආරක්ෂිත කොරිඩෝරයක් බවත්ය.

මෙම වාතාවරණයෙන් ප්‍රදර්ශනය වන්නේ තුර්කිය සහ එක්සත් ජනපදය අතර පවතින බෙදීමයි.ඊසානදිග සිරියාවේදී වොෂින්ටනය වැඩියෙන්ම විශ්වාස කරන්නේ,තුර්කිය ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් හඳුන්වන කුර්දි බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්ය.ඒ නිසා ආරක්ෂිත කොරිඩෝරය කෙසේ විය යුතුද යන්න සම්බන්ධව දෙපාර්ශ්වය අතර වෙනස් දැක්මක් තිබේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 03 සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 03 Reviewed by HarshaLulzSec on September 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.