චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියා-ඉරාක දේශසීමාවට ඊශ්‍රායලය ප්‍රහාරයක්?

satellite-images-show-8-supposed-warehouses-destroyed-by-alleged-israeli-strike-on-al-bukamal

ඉරාක දේශ සීමාවේ පිහිටි අල් බුකමල් නම් සිරියානු නගරය ආසන්නයේ සැප්තැම්බර් මස 8 දා පිපිරීම් කිහිපයක් සිදු වූ බව අල් අරාබියා පුවත් සේවය වාර්තා කලේය.එම වාර්තාවට අනුව ඉලක්ක කර තිබූ ප්‍රදේශයේ ඉරානයට සම්බන්ධ ඉරාක සටන්කාමීන් ස්ථානගත වී සිටින අතර පිපිරීම් සිදු වන්නේ ඔවුන් ඉලක්ක කරගෙනයි.

වාර්තා වන පරිදි පිපිරීම්වලින් සටන්කරුවන් කිහිපදෙනෙක් මරණයට පත්ව ඇත.ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කරන්නේ එහිදී ඉරාන ප්‍රොක්සි හමුදා සටන්කරුවන් 18 දෙනෙක් මියගොස් දුසිම් කිහිපයක් පමණ සටන්කරුවන් තුවාල ලැබූ බවයි.එම මූලාශ්‍ර පවසන්නේ මෙය ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයක් බවයි.

ඉරානයේ කුඩ්ස් බලකා විසින් පාලනය කරන ඉරානයට පක්ෂපාතී සටන්කාමීන් සිරියාවේ ඩැමැස්කස් ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයට රොකට් කිහිපයක් එල්ල කලේ යැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා සැප්තැම්බර් මස 8 වෙනිදා සඳහන් කලේය.

අල් බුකමල් ප්‍රදේශයේ ඉරාන ප්‍රොක්සි හමුදා රැඳී සිටින ස්ථාන වෙත ඊශ්‍රායලයෙන් එල්ල වූයේ යැ‍යි කියන ප්‍රහාරයේ ප්‍රතිඵල දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම සැප්තැම්බර් මස 9 වනදා නිකුත් කර තිබිණි.සිරියා-ඉරාක දේශසීමාවේ පිහිටි තිබෙන බඩු ගබඩා 8ක් ප්‍රහාරයෙන් විනාශ වී ඇති අයුරු එම ඡායාරූපවල දැකගත හැකිය.








source:southfront.org


චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියා-ඉරාක දේශසීමාවට ඊශ්‍රායලය ප්‍රහාරයක්? චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියා-ඉරාක දේශසීමාවට ඊශ්‍රායලය ප්‍රහාරයක්? Reviewed by HarshaLulzSec on September 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.