ස්ටෙල්ත් බෝම්බ හෙළන්නාගේ සහ බ්‍රිතාන්‍ය ස්ටෙල්ත් සටන්කරුවාගේ පළමු ගුවන් හමුව

photos-of-usaf-b-2s-and-raf-f-35bs-flying-together-for-the-first-time

එක්සත් රාජධානියේ තිබෙන ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා තුන කලාපය තුල විවිධාකාරයේ පුහුණු අභ්‍යාසවල නිරත වන අතරේ ඉන් එක් යානයක් පළමුවරට අයිස්ලන්තයට සම්ප්‍රාප්තිවීම පසුගියදා සිදු කෙරිණි.ඊට අමතරව ඇමෙරිකානු බී-2 බෝම්බ හෙළන යානා පළමුවරට එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදාවේ එෆ්-35 බී ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් ජෙට් යානා දෙකක් සමග එකට පියාසර කලහ.

මෙම ඒකාබද්ධ පුහුණු පියාසැරිය 2019 අගෝස්තු 29 දා එක්සත් රාජධානියේ ඩෝවර් වෙරළ ඔස්සේ සිදු කෙරිණි.විදේශීය ගුවන් හමුදාවක එෆ්-35 ෆයිටර් ජෙට් යානා සමග ඇමෙරිකානු බී-2 බෝම්බ හෙළන යානයක් පියාසර කල පළමුවතාව මෙයයි.








අගෝස්තු මස 28 දා සිදු කල බෝම්බ හෙළන යානා කාර්ය සාධන බලකා පුහුණු මෙහෙයුමකදී බී-2 බෝම්බ හෙළන යානයක් එංගලන්තයේ ෆෙයාර්ෆෝර්ඩ් හි සිට අයිස්ලන්තයේ කැෆ්ලවික් ගුවන් හමුදා කඳවුරට ළඟා වූ බව ඇමෙරිකානු ගුවන් හමුදා නිවේදනය කලේය.අයිස්ලන්තයට ගොඩබැස්සවීමෙන් පසුව බී-2 යානය "Hot pit refueling " නම් ක්‍රමය භාවිතයෙන් ගෙන ඉන්ධන ලබා ගත්තේය.එහිදී යානයේ එන්ජින් ක්‍රියාත්මක තත්ත්වයේ පවතියි.මෙහි තිබෙන වාසියක් වන්නේ යානය ඉක්මණින් නැවත ගුවන් ගත වීමට හැකියාව ලැබීමයි.





source:thedrive.com


ස්ටෙල්ත් බෝම්බ හෙළන්නාගේ සහ බ්‍රිතාන්‍ය ස්ටෙල්ත් සටන්කරුවාගේ පළමු ගුවන් හමුව ස්ටෙල්ත් බෝම්බ හෙළන්නාගේ සහ බ්‍රිතාන්‍ය ස්ටෙල්ත් සටන්කරුවාගේ පළමු ගුවන් හමුව Reviewed by HarshaLulzSec on September 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.