හිස්බුල්ලා සංවිධානයේ මිසයිල ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය හමුදා මුරපොලක් අතහැර දමයි

war-report-mighty-israeli-army-abandoned-military-facility-after-hezbollah-atgm-strike

හිස්බුල්ලා සටන්කාමීන්ගේ යුද ටැංකි නාශක නියාමක මිසයිල ප්‍රහාරයක ඉලක්කයක් වූ ඉහල ගලීලි හි අවිවිම් හමුදා මුරපොල අතහැර දමන්නට ඊශ්‍රායලය හමුදා ක්‍රියා කර තිබේ.මුදා හරින ලද වීඩියෝවකට අනුව ඊශ්‍රායල සෙබලුන් එම ප්‍රදේශයේ යුදෝපකරන දෙකක් සහ උණ්ඩ ඇතුලුව තවත් දෑ දමා ගොස් ඇත.

සැප්තැම්බර් පළමුවෙනිදා ලෙබනන-ඊශ්‍රායල දේශසීමාවේ ගැටුම් ආරම්භ වූයේ ෂෙබා ගොවිපොල හි ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.එම සිදුවීමෙන් පසුව,එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජයග්‍රහණය ප්‍රකාශ කරමින් පැවසුවේ"තීරණාත්මක සහ විචක්ෂණභාවයේ එකමුතුවක් ලෙස ක්‍රියා කරමින් සිය හමුදා ඔවුන්ගේ සියලු අරමුණු ඉටු කර ගත් බවයි".කෙසේවෙතත්,බැලූ බැල්මට හමුදා මුරපොලක් අතහැර දැමීම නම් ජයග්‍රහණයක් ලෙස නොපෙනේ.පෙනෙන හැටියට එය උපායමාර්ගික පසුබැස්මකි.

ඇමෙරිකානු ෆොක්ස්නිවුස් පුවත් සේවය සහ ඊශ්‍රායල ඉමේජ්සැට් සමාගම සැප්තැම්බර් මස තුන්වෙනිදා කරළියට එන්නේ සිරියාව තුල ඉරාන හමුදාවල පැවැත්ම සම්බන්ධව අලුත් වාර්තාවක් සමගයි.බටහිර බුද්ධි තොරතුරු මූලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් සහ චන්ද්‍රිකා ඡායාරූපයක් පෙන්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ ඉරානය සිරියාවේ අල්-බුකමල් ප්‍රදේශයේ අලුත් හමුදා කඳවුරක් පිහිටුවා ඇති බවත් එහි දහස් ගණනක් සෙබලුන් රැඳවීමට සැලසුම් කර ඇති බවත්ය.එහි ඉරානයේ නියතාර්ථ නියාමක මිසයිල ගබඩා කරනු ඇතැයිද එම වාර්තාව පවසයි.

 ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප - සිරියාවේ අල්-බුකමල්:ඉරානයේ අලුත්ම හමුදා කඳවුර




තම ප්‍රොක්සි හමුදා යොදාගෙන සිරියා-ඉරාක දේශසීමාව අල්ලාගෙන සිරියාව සහ ඉරාකය වෙන් කිරීමේ සැලසුම් අසාර්ථක වීමෙන් පසුව එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සිය ගෝලීය මාධ්‍ය ආධිපත්‍යය භාවිතා කරමින් සිරියා-ඉරාක දේශසීමාව සම්බන්ධව බියජනක ආරංචි පැතිර වීමෙහි යෙදී සිටින්නේ කාලයක පටන්ය.මෙම මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ස්ථාපිත කල ගොඩබිම් සබැදිය යොදාගෙන සිරියාවේ සහ ලෙබනනයේ සිටින සිය මිත්‍ර කණ්ඩායම්වලට අවි සහ උපකරණ සැපයීමට ඉරානය ක්‍රියා කරනු ඇතැයි යන්නයි.

 සිරියාවේ තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කරුවෙක් වීම කොතරම් අසීරුද

සිරියානු යුද්ධය සඳහා තුර්කියේ දායකත්වය පෙරටත් වඩා වැඩිව තිබෙන මොහොතක,එරට සහාය හිමි සටන්කරුවන්ට සිරියාව යනු සුවපහසු තැනක් නම් නොවේ.පහත ඡායාරූපයේ සිටින සටන්කරුවා එක වර තුර්කියේ,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ,නිදහස් සිරියානු හමුදාවේ සහ ජාතික සිරියානු හමුදාවේ(තුර්කිය විසින් නිර්මාණය කල ප්‍රොක්සි හමුදාවකි)නිල ලාංඡන පැළඳ සිටියි.අස්ටානා සාකච්ඡා යටතේ ගෙනා එක් කොන්දේසියක් වන,මධ්‍යස්ථ විපක්ෂය ත්‍රස්තවාදීන්ගෙන් වෙන් කිරීම යන්න මේ දක්වා ක්‍රියාත්මක කිරීමට නොහැකි ව තිබීමට හේතුව මෙම ඡායාරූපයෙන් මනාව පැහැදිලිවේ.එනම්,මධ්‍යස්ථ විපක්ෂය සහ ත්‍රස්තවාදීන් යනු එකම පිරිසකි.


සිරියාවේ අසාස් සහ මරි යන ප්‍රදේශ ආසන්නයේ සිටින තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් ඉලක්ක කර කුර්දි මහජන ආරක්ෂක ඒකක කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.තුර්කියට පක්ෂපාතී හමුදාද සීමා සහිත කාලතුවක්කු ප්‍රහාර ගණනක් එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීය.

දකුණුදිග ඉඩ්ලිබ් හි සිරියානු අරාබි හමුදාවත්,සටන්කාමීනුත් අතර ඉදිරි ආරක්ෂක වළලුවල තත්ත්වයද සාමකාමීය.





source:southfront.org


හිස්බුල්ලා සංවිධානයේ මිසයිල ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය හමුදා මුරපොලක් අතහැර දමයි හිස්බුල්ලා සංවිධානයේ මිසයිල ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය හමුදා මුරපොලක් අතහැර දමයි Reviewed by HarshaLulzSec on September 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.