රුසියානු හමුදා ප්‍රවාහන යානය හඹා ආ බ්‍රිතාන්‍ය ෆයිටර් ජෙට් යානා

uk-fighters-scramble-to-intercept-russian-military-air-transport-near-estonia

එස්ටෝනියාවේ නවාතැන් ගෙන සිටින එක්සත් රාජධානියට අයත් ෆයිටර් ජෙට් යානා පසුගිය සති අන්තයේදී,එස්ටෝනියා ගුවන් සීමාව ආසන්නයෙන් පියාසර කල රුසියානු ඉලියුෂන්-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයකට බාධා කල බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය ජූලි මස 30දා ප්‍රකාශ කලේය.

"ප්‍රවාහන ගුවන් යානය එස්ටෝනියා ගුවන් අවකාශයෙන් ඈතට එනම් උතුරු දෙසට පියාසර කරන අපි එම යානය පසුපස හඹා ගියෙමු" යැ‍යි සිදුවීමට සම්බන්ධව වූ ටයිපූන් යානයක නියමුවෙක් පැවසීය.

අමාරි ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ ටයිපූන් ෆයිටර් ජෙට් යානා දෛනික පුරුද්දක් වශයෙන් මෙම මෙහෙයුම සිදු කරන බව අමාත්‍යාංශ ප්‍රකාශයේ සඳහන්ය.


 එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල සිදුවීමට අදාල ඡායාරූප කිහිපයක්




මැයි මාසයේදී බෝල්ටික් කලාපයේ ගුවන් මුර සංචාර මෙහෙයුම ජර්මනියෙන් එක්සත් රාජධානියට පැවරීමෙන් පසුව ක්ෂණික ප්‍රතිචාර සෝදිසි බලඝනයට කැඳවීමක් ලැබුණු 14 වන අවස්ථාව මෙයයි.

අවසන් වරට රුසියානු හමුදා ගුවන් යානයක් මෙලෙස හඹා ගියේ ජූනි මාසයේදීය.

2014 වර්ෂයේදී රුසියාව ක්‍රිමියානු අර්ධද්වීපයේ බලය අල්ලාගෙන,එහි සිටින රුසියානු භාෂාව කතා කරන බහුතරය රුසියාව සමග එක් වීමට ජනමත විමසුමක් හරහා කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග එස්ටෝනියාව,ලැට්වියාව,ලිතුවේනියාව සහ පෝලන්තය යන රටවල නේටෝ සංවිධානය බහුජාතික සංග්‍රාමික කණ්ඩායම් හතර ස්ථානගත කලේය.




source:sputniknews.com


රුසියානු හමුදා ප්‍රවාහන යානය හඹා ආ බ්‍රිතාන්‍ය ෆයිටර් ජෙට් යානා රුසියානු හමුදා ප්‍රවාහන යානය හඹා ආ බ්‍රිතාන්‍ය ෆයිටර් ජෙට් යානා Reviewed by HarshaLulzSec on August 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.