යේමන් යුද්ධය:එක්සත් අරාබි එමීර් රාජ්‍යය යේමනයෙන් හමුදා ඉවත් කර ගන්නේ ඇයි

uae-pullout-from-yemen-less-about-peace-more-about-war-with-iran

යේමන යුද්ධයේදී සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අසමතුලිත සහයෝගීත්වය නිසා දෙපාර්ශවයටම සිදු වූ බරපතල හානි සිදුවූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුදා ඉවත් කර ගැනීම පිටුපස තිබෙන ප්‍රධාන හේතුව මෙයයි.මෙම පුදුම සහගත පසුබැසීමට හේතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්,අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයත්(හවුති)ඇති කර ගත් රහස් එකඟතාවයක් යැ‍යි සිතීමටද සමහර මාධ්‍ය සහ විශ්ලේෂකයෝ පෙළඹුණි.නමුත් මෙම පසුබැසීම සිදුවන කාලය ගත් විට අනුමාන කල හැක්කේ එක්සත් ජනපදයේ නියෝගයක් මත ඉරානය වෙත යොදන යුදමය පීඩනය වැඩි කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය හමුදා නැවත කැඳවූ බවයි.

යේමනයේ සනා හි හවුති කැරලිකාර රජයට එරෙහිව පසුගිය වසර හතරක තුල දියත් කල යුද්ධයේ ඇමෙරිකානු සහාය ලබන අරාබි හමුදා සන්ධානයෙහි සෞදි අරාබිය සමග ප්‍රධාන භුමිකාව නිරූපනය කල අනෙක් රට වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.2014 වර්ෂයේදී හවුති සටන්කාමීන් විසින් බලයෙන් පහළ කල කණ්ඩායමට නැවත යේමනයේ පාලන බලය ලබා දීම එමිරේට්වරුන්ගේ සහ සෞදි අරාබියේ අවශ්‍යතාවය විය.හවුති-විරෝධී සන්ධානයට විශාල වශයෙන් අවි සහ කාර්යසාධන පහසුකම් සපයමින් ඔවුන්ගේ කෲර ගුවන් සංග්‍රාමය සඳහා එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සහාය ලබා දුන්හ.

යේමනයට යැවූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු ලොව මිලාධිකම යුද ටැංකිවලින් එකක් වන ප්‍රංශ ලෙක්ලර්ක් යුද ටැංකිය.

සාපේක්ෂව යේමන් යුද්ධයට බටහිර මාධ්‍ය ආවරණය ලැබීම අඩු මට්ටමක පැවතුනත්,එය භයානක මානුෂීය ව්‍යසනයක් බව ප්‍රචලිතය.එරට මිලියන 24ක ජනගහනයෙන් භාගයකට පමණ ආහාර සහ ජලය ලබා ගැනීමේදී බරපතල අයුරින් පිඩා විදියි.සිවිල් වැසියන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා බටහිර සහාය ලබන සන්ධානය යුද අපරාධ චෝදනා වලට ලක් වේ.ඇමෙරිකානුවන්ට වියට්නාමය සේ සෞදි සහ එමිරේට් රාජ්‍යයන්ට මෙම යුද්ධයද ජය ගත නොහැකි මඩ වගුරක් යැ‍යි විස්තර කෙරේ.

ජූලි මාසයේ තුන්වන සතියේදී එමිරේට් බලධාරියෙක් පැවසුවේ යේමනයෙන් හමුදා ඉවත් කර ගැනීමට පොළඹවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන සාම සැලැස්මට රුකුලක් වශයෙන් බවයි.නමුත් සැබවින්ම එමිරේට් රාජ්‍යයට අවශ්‍ය වී තිබෙන්නේ නිරර්ථක සහ මිලාධික යුද්ධයෙන් ඉවත් වීමයි.මෙම ක්‍රියාමාර්ගය සාමය ගැන නොව තම රටේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම මත වඩාත් පදනම් වී තිබේ.

යේමනයේ ඒඩන් ගුවන් තොටුපොලේ නවතා තිබෙන එමිරේට් හමුදා ප්‍රවාහන ගුවන් යානයක්

එමිරේට් රාජ්‍යය යුද්ධයට සක්‍රීයව සම්බන්ධ වීමට පිටුපෑම නිසා සෞදි අරාබිය අසතුටින් පසුවන වාර්තා වේ.එමිරේටයේ ඉවත්ව යෑම නිසා ඇතිවන හිඩැස පිරවීමට සෞදි අරාබියට තවත් මූල්‍යමය සම්පත් සහ හමුදා යොදවන්නට සිදුවීම මේ නොසතුටට හේතුවයි.ඒ හරහා යේමන මඩ වගුර සෞදියට තවත් ගැඹුරු සහ අභාග්‍ය සම්පන්න එකක් වනු ඇත.ඉන් ඇඟවෙන්නේ රියාද් රජය තවත් දුෂ්කරතාවයට පත් වන බවයි.

සෞදි සන්ධානය අල්-හුඩයිඩා,සනා,සාඩා ආදී මෙහෙයුම්වලදී පරාජය වූ අතර අරමුණු මුදුන්පත් කර ගැනීමට අසමත් වීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය හමුදා යේමනයේ යුද පෙරමුණුවලින් ඉවත් කර ගන්නට තීරණය කලේය.කෙසේවෙතත්,එමිරේටය එය පසුබැසීමක් ලෙස නොසලකන අතර ඔවුන් පවසන්නේ අනෙක් රටවලින්(යේමනය,සුඩානය ආදී) පුහුණු කරන 90,000ක හමුදාවක් මගින් එම අඩුව පිරවෙන නිසා එමිරේටයේ හමුදා යේමනයේ සිටීම අවශ්‍ය නොව බවයි.



කෙසේවෙතත් මෙම පසුබැසීම ප්‍රධාන හේතු හතරක් තිබිය හැකිය


1.එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුදා හවුති සටන්කාමීන්ට එරෙහි සටන් ගණනාවක් පරාජය වීම


ඉබ් පළාතේ සීමාවලින් සෞදි සන්ධාන හමුදා පලවා හැරි අතර,පසුව අල් ඩාලේ ප්‍රදේශයේ හවුති සටන්කාමීන්ගේ අලුත් මෙහෙයුමකින් පළාතේ බටහිර සහ නැගෙනහිර දිස්ත්‍රික්කවල බලය නැවත ලබා ගත්හ.හවුති සටන්කාමීන්ට එරෙහිව වසර කිහිපයක ගුවන් ප්‍රහාර සහ වටලෑම කෙසේවෙතත්,සෞදි සන්ධානයේ මෙම මිලාධික මෙහෙයුම් අසමර්ථ ඒවා වූ බව පෙනේ.

එමීර් රාජ්‍යය මෙහෙයවූ හමුදා සාමාන්‍යයෙන් රැඳී සිටියේ දකුණු යේමනය ආශ්‍රිතවයි.එහි ඒඩන් නගරය ආශ්‍රිතව විශාල වශයෙන් දේශපාලනික ප්‍රශ්න ඇති වූ අතර ඝාතන මෙන්ම හවුති ඩ්‍රෝන් ප්‍රහාරවලද ලක් විය.එමීර් රාජ්‍යය විසින් විවෘත කල අලුත් යුද පෙරමුණ හවුති මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවල පහසු ඉලක්ක බවට පත් විය.එවැනි මාදිලියේ හවුති ප්‍රහාර සඳහා සූදානමක් එමීර් රාජ්‍ය හමුදා සතු නොවීය.සෙබලුන්ගේ අඩුව,සුඩානයේ අභ්‍යන්තර ගැටලු සහ එමීර් රාජ්‍යය ලිබියානු අර්බුදයට මැදිහත් වීම,එමීර් රාජ්‍යයේ එමීර්වරුන්ගේ උනන්දුව අවම වීම ආදී කරුණු නිසා ඔවුන් හමුදා ඉවත් කර ගැනීමට තීරණය කලේය.




2.හවුති සටන්කාමීන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පහර දෙන බවට තර්ජනය කිරීම


අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය/හවුති ඩ්‍රෝන් සහ මිසයිල සංවර්ධනය අතින් සාර්ථක වීමත් සමග ඒවා එමීරේටය වෙත ළඟා වීමට තරම් තර්ජනාත්මක වීම .අබු ඩාබි ගුවන් තොටුපොලට හවුති ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමේ වීඩියෝ දර්ශන නිකුත් කිරීම හරහා අනාවරණය වන්නෙ මෙම තර්ජනයන් කොතරම් වැදගත්ද යන්නයි.එමිරේට් හමුදා යේමනයෙන් ඉවත්ව යෑමට මෙම තර්ජනයද එක් හේතුවකි.




3.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර අර්බුද


එරට එමීර්වරුන්ගේ අතර ඇති වන මතභේද සමහර අවස්ථාවලදී මාධ්‍ය ඔස්සේ දැකගත හැකිය.ඒවාට ප්‍රධාන හේතු වන්නේ මූල්‍ය ප්‍රශ්න සහ රට මෙහෙය වීම එකිනෙකා දක්වන නොහැකියාව ආදියයි.සමහරක් එමීර්වරුන් යේමන යුද්ධයට වියදම් කිරීමට අකමැතිය.ඔවුන්ට අනුව එය ප්‍රයෝජනයක් නැති යුද්ධයකි.කෙසේවෙතත්,බලය සඳහා වූ අරගලය එතරම් බරපතල නැති වුවත් එයද ඔවුන්ගේ හමුදා ඉවත් කර ගැනීමට හේතුවක් විය හැකිය.





4.එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය අතර එකඟතාවයක්


සමහරක් මාධ්‍ය සහ විශ්ලේෂකයෝ ඉදිරිපත් කරන ප්‍රධාන සහ පුදුම සහගත හේතුව වන්නේ දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බවයි.දේශපාලනික ප්‍රකාශ නොසලකා හැරිය විට,මෙවැනි මතයක් සනාථ කිරීමට කිසිදු නිල මූලාශ්‍රයක් නොමැත.දෙපාර්ශ්වය අතර කතිකාවක් සිදු වුනත්,එමිරේට් හමුදා ඉවත් කර ගැනීමට එකම හේතුව එම කතිකාවේ ප්‍රතිඵල පමණක් විය නොහැකිය.එවැනි එකඟතාවයක් සැබවින් තිබේ නම් යුද බිමෙන් සහ යේමන දූපත් වලින් පසු බැසීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අත් වන ලාභය කුමක්ද?


එමිරේට් හමුදා යේමනයෙන් ඉවත්ව යෑමට ඉහත සඳහන් කල පැහැදිලිව පෙනෙන සහ නොපෙනෙන හේතු තිබිය හැකිය.අලි අබ්දුල්ලා සලේගේ මරණයෙන් පසුව අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ බලය ක්ෂය වී යනු ඇතැයි බොහොමයක් විශේෂණ පෙන්වා දුන් නමුත් අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ සැලසුම් වලින් එය ආපසු හැර වූ අතර එමිරේට් හමුදා ඉවත් කර ගැනීමේ තීරණයෙන්ද ඒ බව පෙනේ.

අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය සමග ගැටීම්,සිවිල් යුද්ධයක් බවට පත් වීමට හැකි යැ‍යි එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායකයෝ තේරුම් ගෙන තිබේ.ඔවුන් සටන් බිමේ රැඳී සිටීමද සිය රටට අනතුරක් මෙන්ම අධික මිලක් ගෙවීමට වන කාර්යයකි.මෙම පසුබැසීම සමහරක් මාධ්‍ය හරහා වාර්තා කර තිබූ අතර සමහර දූපත්වලින් සහ කඳවුරුවලින් ඉවත්ව යෑම පෙන්වා දුන්නේ පරාජයක සලකුණුය.

යේමනයේ සටන් වදින එමිරේට් රාජ්‍යයට පක්ෂපාතී සටන්කරුවන්

අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයත්,එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අතර කතිකා පවතියි නම්,එමගින් පළමුව හවුති ජයග්‍රහණ තහවුරු කිරීම සහ සෞදි අරාබිය හැකි වෙනත් ආධාරකරුවෙක් නොමැති මන්සූර් හඩිගේ නායකත්වය යටතේ තිබෙන,මුස්ලිම් සහෝදරත්වයට වඩා නැඹුරුතාවයක් දක්වන අල්-ඉස්ලාහ් පක්ෂය හුදකලා කිරීම සිදු කරයි.එනිසා අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය සමග කතිකා කිරීමට සෞදි පාර්ශ්වයෙන් ඉල්ලීම් ඉදිරිපත් නොවේ යැයි අපේක්ෂා කල නොහැකිය.

අවාසනාවකට,එමිරේට් හමුදා ඉවත් වීම හරහා යේමනයේ සාමය ඇති වන්නේ නැත.වඩාත් අසුභ ලකුණක් වන්නේ ඉරානය සමග දැවැන්ත සහ විනාශකාරී යුද්ධයක් ඇති කර ගැනීමට කලාපය තුල හමුදා සංවිධානය කිරීමක් සිදුවෙමින් තිබෙන බවයි.




source:southfront.org.iswnews.com


යේමන් යුද්ධය:එක්සත් අරාබි එමීර් රාජ්‍යය යේමනයෙන් හමුදා ඉවත් කර ගන්නේ ඇයි යේමන් යුද්ධය:එක්සත් අරාබි එමීර් රාජ්‍යය යේමනයෙන් හමුදා ඉවත් කර ගන්නේ ඇයි Reviewed by HarshaLulzSec on August 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.