ඉරාකයේදී ඇමෙරිකානු සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් අනතුරට පත් වෙයි

u-s-combat-drone-crashes-near-baghdad-photos

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් MQ-1C ග්‍රේ ඊගල් සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ බටහිර දෙසින් වූ රාඩ්වානියාහ් දිස්ත්‍රික්කයට අගෝස්තු 7 දා කඩා වැටී තිබිණි.යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් තම ඩ්‍රෝන් යානයක් මෙලෙස ගොඩබැස්ස වූ බව එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය පැවසීය.

කඩා වැටුණු MQ-1C ඩ්‍රෝන් යානය

කඩා වැටුණු MQ-1C ඩ්‍රෝන් යානය

ගුවන් යානය ආරක්ෂිතව ගොඩබෑ අතර ඉරාක ආරක්ෂක බලකා විසින් එය සාර්ථකව සොයා ගනු ලැබීය. ගොඩබෑමේදී කිසිවෙකුට හෝ දේපොළකට හානියක් සිදු නොවීය,යනුවෙන් සන්ධානය අගෝස්තු 9 දා නිකුත් කල ප්‍රකාශයක සඳහන් විය.

ජෙනරල් ඇටොමික්ස් සමාගමේ නිෂ්පාදනයක් වන MQ-1C යානය 2009 වර්ෂයේදී සේවයට එක් වේ.මෙම ඩ්‍රෝන් යානයට පැය 25ක කාලයක් ගුවනේ ගත කල හැකිය.එයට කි.මි.8කට වැඩි උසකින් පියාසර කිරීමට පුලුවනි.

ගොඩබස්සවා තිබූ ග්‍රේ ඊගල් යානයේ ඡායාරූපවලින් පෙනෙන්නේ එය ACM-114 හෙල්ෆයර් ලේසර් නියාමක මිසයිල 4කින් සන්නද්ධ බවයි.

කඩා වැටුණු ඩ්‍රෝන් යානය

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ ප්‍රකාශයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන ඉරාක මූලාශ්‍රවලට අනුව ඩ්‍රෝන් යානය කඩා වැටුණේ ඉලෙක්ට්‍රොනික් ප්‍රහාරයක් නිසාය.මේ දක්වා ඒ ප්‍රකාශය තහවුරු කර නොමැත.

පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකා හෙළි කල පරිදි ඔවුන් ඇමෙරිකානු ඩ්‍රෝන් යානා කිහිපයක පාලනය සියත ගත් අතර,ඉන් එකක් ඉරාකයට කඩා වැටිණි.




source:southfront.org


ඉරාකයේදී ඇමෙරිකානු සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් අනතුරට පත් වෙයි ඉරාකයේදී ඇමෙරිකානු සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් අනතුරට පත් වෙයි Reviewed by HarshaLulzSec on August 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.