ඊශ්‍රායල හමුදාව සතු හොඳම නවෝත්පාදන

the-idfs-top-10-innovations

ඊශ්‍රායල ආරක්ෂක හමුදා පිහිටුවා මෙම වර්ෂයට වසර 71ක් සපිරේ.මේ වෙද්දී ඔවුන් සතුව සුවිශේෂී සහ පුරෝගාමී තාක්ෂණයන් රැසක් පවතියි.පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.


අයන් ඩෝම් - ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය


වසර ගණනාවක තිස්සේ ගාසා තීරයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කෙරේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේදී දකුණුදිග ඊශ්‍රායලයේ "අයන් ඩෝම්" නම් ගුවන් ආරක්ෂක පද්ධතිය යොදවයි.අයන් ඩෝම් පද්ධතියේ අරමුණ වන්නේ නිරන්තරයෙන් එල්ල වන රොකට් ගුවනේදී විනාශ කර ඊශ්‍රායල සිවිල් වැසියන් ආරක්ෂා කිරීමයි.

ප්‍රොටෙක්ටිව් ඒඩ්ජ් මෙහෙයුමේදී රොකට් 692ක් විනාශ කිරීමට සමත් වූ අයන් ඩෝම් මිසයිල පද්ධතියේ ආවරණ පරාසය සැතපුම් 43.5කි.2012 නොවැම්බර් මාසයේදී ඩිෆෙන්සිව් පිලර් මෙහෙයුමේදී දින 8ක් ඇතුලත රොකට් 421ක් විනාශ කරන ලදි.

සතුරා රොකට්ටුවක් දියත් කල වහාම,රේඩාර් පද්ධතිය එය හඳුනාගෙන එහි ගමන් මාර්ගය ලුහුබැඳ,වහාම රොකට්ටුව විනාශ කිරීමට මිසයිලයක් දියත් කරයි.සතුරු රොකට්ටුව පතිත වන ස්ථානය නිශ්චය කිරීමේදී සිවිල් වැසියන්ට සහ දේපොළවලට හානියක් සිදු නොවේ නම් රොකට්ටුව අන්තඃඛණ්ඩනයට මිසයිලයක් දියත් කරන්නේ නැත.

අයන් ඩෝම් - ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය



ට්‍රෝපි - සක්‍රීය ආරක්ෂක පද්ධතිය


යුද ටැංකියක් යනු සියලු බල සහිත සහ පරාජය කල නොහැකි යන්ත්‍රයක් යැ‍යි ඔබ සිතන්නේ නම් එය නොවේ.යුද ටැංකි නාශක මිසයිලයකට,යුද ටැංකියක් අලුත්වැඩියා කල නොහැකි තරමට විනාශ කල හැකිය.මෙම තර්ජනය විරුද්ධව ක්‍රියා කිරීම සඳහා ට්‍රෝපි නම් සක්‍රීය ආරක්ෂක පද්ධතිය යුද ටැංකි සඳහා ඊශ්‍රායලය භාවිතා කරයි.

ට්‍රෝපි පද්ධතිය මගින් යුද ටැංකිය වටා අංශක 360ක පරාසයක් ආවරණය වන ආරක්ෂක පළිහක් නිර්මාණය කරයි.ට්‍රෝපි පද්ධතියෙන් සමන්විත යුද ටැංකියකට එරෙහිව සතුරන් මිසයිලයක් දියත් කල විට,ට්‍රෝපි පද්ධතිය වහාම එය හඳුනාගෙන,නිශ්ක්‍රීය කරන්නේ ප්‍රති-මිසයිලයක් දියත් කර සතුරු මිසයිලය විනාශ කිරීම මගින්ය.

ට්‍රෝපි - සක්‍රීය ආරක්ෂක පද්ධතිය



F-16I "සූෆා" - ඇමෙරිකානු එෆ්-16 යානයේ ඊශ්‍රායල සංස්කරණය


එෆ්-16 යානයේ විශේෂත්වය කුමක්දැයි ඔබ අසාවි.බටහිර ලෝකයෙන් භාගයක් පමණ මෙම යානය භාවිතා කරන බවත් කියාවි.මෙය සාමාන්‍ය එෆ්-16 ජෙට් යානයක් නොවේ.මෙය එෆ්-16 අයි "සූෆා" යානයයි.එෆ්-16 යානය ඊශ්‍රායල ගුවන් හමුදාවේ අවශ්‍යතා සඳහා ගැලපෙන පරිදි විශාල වශයෙන් වෙනස් කිරීම්වලට භාජනය කර තිබෙන නිසා එහි නමේ අගට "I" අකුරක් එකතු කර තිබේ.ගුවන් නියමුවාගේ කාර්යයන් පහසු කිරීමට සහ ඵලදායි කිරීම සඳහා එෆ්-16 අයි යානය අති නවීන අවි පද්ධතිවලින්,විශේෂයෙන් සකස් කල රේඩාර් පද්ධතියකින් සහ සතුරු යානය දෙස බැලීමෙන් පමණක් නියමුවාට අවි පද්ධති ක්‍රියාත්මක කල හැකි අද්විතීය හෙල්මටයකින් සමන්විතය.එයට දී තිබෙන "සූෆා" යන නමේ හීබෲ අර්ථය "කුණාටුව" යන්නයි.

F-16I "සූෆා" - ඇමෙරිකානු එෆ්-16 යානයේ ඊශ්‍රායල සංස්කරණය



මර්කාවා 4 යුද ටැංකිය


පළමු බැල්මෙන් "මර්කාවා 4" යුද ටැංකියත් අනෙක් යුද ටැංකිත් වෙන් කොට දැක්විය නොහැකි බව පෙනුනද එය එසේ නොවේ.මර්කාවා පවුලේ වර්තමාන සාමාජිකයා වන මර්කාවා 4 යුද ටැංකිය සතුව හෙලිකොප්ටර් ප්‍රහාරයකට එරෙහිව ආරක්ෂාව සලසා ගත හැකි හැකියාවත් සමග වැඩිදියුණු කල වෙඩි පාලන පද්ධතියක්, ඩිජිටල් සංග්‍රාම භූමි කළමනාකරණ පද්ධතියක්,පෙර නොදුටු අවලම්භන පද්ධතිය සහ වෙනත් යුද ටැංකි දණ ගැස්සවිය හැකි වඩාත් රළු භූමි ප්‍රදේශයක පවා ගමන් කල හැකි ට්‍රැකින් පද්ධතියක් තිබේ.එය ලොව හොඳම යුද ටැංකි අතර තිබීමට මෙම කාරණා හේතුවක් වී ඇත.

මර්කාවා 4 යුද ටැංකිය



ඩ්‍රෝන් යානා - ඊශ්‍රායල හමුදාවේ ඇස්


ගොඩබිම සිට හෝ මුහුදේ සිට මෙහෙයවන මිනිසුන් රහිත ගුවන් යානා හෙවත් ඩ්‍රෝන් යානා,සතුරු ක්‍රියාකාරකම් පාලනය සඳහ යොදා ගන්නා අත්‍යාවශ්‍යම මෙවලමක් බවට පත් ව තිබේ.ඒවා සතු ප්‍රධානම වාසිය වන්නේ,සතුරු ඇස නොගැටී සතුරන් නිරීක්ෂණය කිරීමේ හැකියාවයි.මෙම රොබෝවන් ආරක්ෂිත ස්ථානයක සිට සෙබලුන් විසින් දුරස්ථව පාලනය කරනු ලැබේ.එයිටන් යන ඩ්‍රෝන් යානය උදාහරණයකට ගත හොත්,එහි පියාපත්වල දිග අඩි 85ක් හෙවත් බොයින් 737 මගී ගුවන් යානයකට සමානය.මෙම දැවැන්ත ඩ්‍රෝන් යානයට බාධාවකින් තොරව පැය 36 කාලයක් ගුවනේ රැඳී සිටිමින් දිගු දුර මෙහෙයුම් සිදු කල හැකිය.එයිටන් ඩ්‍රෝන් යානයට ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කල හැකි සේම,එහි බැදෙන අයිස් ස්වයංක්‍රීයව ඉවත් කිරීමේ පද්ධතියකින්,ස්වයංක්‍රීයව ගුවන් ගත වීමේ හා ගොඩබෑමේ පද්ධතියකින් සහ බොහොමයක් සංවේදක උපාංග ගෙන යෑමේ හැකියාවෙන් යුක්ත වේ.

එයිටන් ඩ්‍රෝන් යානය



ස්කයිලාර්ක් I-LE ඩ්‍රෝන් යානය


ස්කයිලාර්ක් යනු කුඩා,සැහැල්ලු සහ මුළුමනින්ම පාහේ අනාවරණය කර ගත නොහැකි ඩ්‍රෝන් යානයකි.එය තනි පුද්ගලයෙකුට රැගෙන යා හැකි තරම් සැහැල්ලු සහ මිනිත්තු 8 කට අඩු කාලයකදී පියාසර කර වීමට සූදානම් කල හැකි යානයකි.ඕනෑම කාලගුණයක් යටතේ,දිවා සහ රාත්‍රී කාලයන් හි පැය තුනක කාලයක් පියාසර කරමින් එසැණින් වීඩියෝ දර්ශන ලබා දීමත් සමත්ය.ස්කයිලාර්ක් යානය මීයෙක් මෙන් නිශ්ශබ්ද සහ උකුස්සෙක් මෙන් දෘෂ්ඨියක් සහිතය.

ස්කයිලාර්ක් I-LE ඩ්‍රෝන් යානය



Tzefa Shirion - බෝම්බ ඇතිරූ බිම් නිෂ්කාශන පද්ධතිය


මෙය රොකට්ටුවක් මගින් දියත් කරන කිලෝ ග්‍රෑම් 1000 ක සී4 පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කල අඩි 394ක් දිග දාමයකින් සමන්විතය.එය බිම පතිත වූ විට අඩි 394ක් දිග අඩි 19-26ක් අතර පළලක් සහිත භූමි ප්‍රදේශයක බිම් බෝම්බ පුපුරවා හැරේ.එමගින් සන්නද්ධ රථවලට සහ සෙබලුන්ට බිම්බෝම්බ අතුරා තිබූ භූමිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසා දෙයි.මෙම අවිය පලස්තීනයේ සිවිල් වැසියන් ඉලක්ක කර භාවිතා කල බවට චෝදනා එල්ල වී තිබේ.





EyeBall R1 - අවේක්ෂණ ගෝල


සිතන්න,ත්‍රස්තවාදියෙක් ගොඩනැගිල්ලක් තුල සැඟව සිටිතැයි කියා.ඔහු සිටින්නේ කොතැනද,තනිවද යන්න සෙබලුන් නොදනියි.එක් සෙබලෙක් කුඩා ගෝලයක් වැනි යමක් ගෙන එය ගොඩනැගිල්ල තුලට විසි කරයි.තත්ත්පර කිහිපයකින් පසුව එම ගෝලය ගොඩනැගිල්ලේ අංශක 360 පරාසයක් ආවරණය කරමින් ඡායාරූප එවීමටත්,සියලු ශබ්ද පිටත සිටින සෙබලුන්ට ඇසීමටත් සලස්වයි.ටෙනිස් බෝලයකට මදක් විශාල මෙම ගෝලය EyeBall R1 නමින් හඳුන්වයි.මේවා අවශ්‍ය ස්ථානය වෙත විසි කිරීම හැකි අයුරින් නිපදවා තිබෙන අතර එහිදී ඇතිවන කම්පන සහ දෙදරීම් වලට ඔරොත්තු දීමටද පුලුවනි.එය අධෝරක්ත හැකියාවන් සහිත කැමරාවකින් සමන්විතය.සෙබලුන්ට දුරස්ථ පාලකයක් මගින් එහි කැමරාව අවශ්‍ය දිශාවකට හැරවීමට හැකිය.මෙය නිපදවා තිබෙන්නේ ත්‍රස්ත මර්ධන මෙහෙයුම්වලදී ළඟා වීම අනතුරු දායක ගොඩනැගිලි,උමං හෝ ගුහා ආදිය තුල සිදුවන දෑ නිරීක්ෂණය කිරීම සඳහාය.

EyeBall R1 - අවේක්ෂණ ගෝල



නේමර් - පාබල හමුදා ප්‍රහාරක/පුද්ගල ප්‍රවාහන රථය


නේමර් යනු මර්කාවා 4 යුද ටැංකි චැසිය මත පදනම්ව නිර්මාණය කල සෙබලුන් ප්‍රවාහනය සඳහා වූ රථයකි.එය මර්කාවා 4 යුද ටැංකියත් වඩා ශක්තිමත් සන්නාහයකින් සමන්විතය.ඊශ්‍රායල හමුදාව පවසන පරිදි නේමර් යනු ලොව තිබෙන වැඩිම ආරක්ෂාව සහිත පාබල හමුදා ප්‍රහාරක/පුද්ගල ප්‍රවාහන රථයයි.ට්‍රෝපි සක්‍රිය ආරක්ෂක පද්ධතියද එක්වීම හරහා එහි ගමන් කරන සෙබලුන්ගේ ජීවිත අවදානම තවත් පහළ වැටී තිබේ.මෙහි සෙබලුන් 9 දෙනෙක් ප්‍රවාහනය කල හැකිය.

නේමර් - පාබල හමුදා ප්‍රහාරක/පුද්ගල ප්‍රවාහන රථය



ස්පයික් - යුද ටැංකි නාශක නියාමක මිසයිල විදිනය


මෙය ඊශ්‍රායල හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂයෙන් නිපද වූවකි.එහි නවතම සංස්කරණය,කලින් ඒවාට වඩා බරින් 40%ක් අඩුය.සෙබලෙකුට සිය උරහිස මත රඳවාගෙන මිසයිල දියත් කල හැකිය.ඊට අමතරව වාහනයක සහ හෙලිකොප්ටරයක සවි කල හැකි මාදිලිද තිබේ.මේ වනවිට ස්පයික් මිසයිල එහි සිව්වන පරම්පරාවට පිවිස තිබේ.එය සුවිශේෂී වන්නේ මාර්ගෝපදේශන පද්ධතිය හේතුවෙනි..

ස්පයික් - යුද ටැංකි නාශක නියාමක මිසයිල විදිනය




source:idf.il

ඊශ්‍රායල හමුදාව සතු හොඳම නවෝත්පාදන ඊශ්‍රායල හමුදාව සතු හොඳම නවෝත්පාදන Reviewed by HarshaLulzSec on August 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.