සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 08

syrian-war-report-august-8-2019-army-makes-fresh-gains-in-battle-for-northern-hama

අගෝස්තු මස 7 දා උදෑසන කාලයේදී සිරියානු අරාබි හමුදාව සහ ටයිබර් බලකා වයඹදිග හමා ප්‍රදේශයේ අන්තවාදී සටන්කාමීන්ගේ බලප්‍රදේශ වෙත ඇදුණි.දිවා කාලයේදී ඔවුන්  අර්බීන් සහ අල් සේකාහ් යන ගම්මාන දෙක මුදා ගත්හ.

ඊට අමතරව සටන්කාමීන්ගේ පාලනය යටතේ තිබෙන කැෆ්ර් සීටා සහ අල්-ලටාමිනා නගර අතර සැපයුම් මාර්ගය අවහිර කරන්නට රජයේ හමුදා සමත් වූහ.එම ප්‍රදේශයට එල්ල කරන ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරද වැඩි කරන ලදි.


කැෆ්ර් සීටා සහ අල්-ලටාමිනා යනු ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල පිහිටා ඇති,ජයිස් අල්-ඊසා සහ හයාට් ටරිර් අල්-ෂාම් යන සටන්කාමීන් කණ්ඩායම්වල ප්‍රධාන බලකොටු දෙකකි.

සටන්කාමීන් දිගටම සටන් විරාමය උල්ලංඝනය කලහොත් යුද මෙහෙයුම් නැවත ආරම්භ කරන බවට සිරියානු අරාබි හමුදාව අගෝස්තු මස 5 දා අනතුරු ඇඟවීමක් සිදු කලේය.අගෝස්තු 6 දා සටන්කාමීන් සටන් විරාමය උල්ලංඝනය කලහ.ඒ නිසා අගෝස්තු මස 7 දා සිරියානු අරාබි හමුදාව,ඉඩ්ලිබ් අවට පිහිටුවීමට අපේක්ෂා කල යුද මුක්ත කලාප බිම් තීරුවෙන් අන්තවාදී සටන්කාමීන් පලවා හැරීමට නැවත මෙහෙයුම් ඇරඹීය.

ඉදිරි දිනවලදී සිරියානු අරාබි හමුදාව කැෆ්ර් සීටා නගරයත්,ඉන්පසුව අල්-ලටාමිනා නගරයත් මුදා ගැනීමේ අරමුණින් යුතුව ඉදිරියට ගමන් කරාවි යැ‍යි අනුමාන කල හැකිය.


  •  අගෝස්තු මස 6 දා සිරියානු සහ ඉරාක හමුදා ඉරාක-සිරියා දේශසීමාවේ අල්-බුකමල් දේශසීමා පැන්නුම ආශ්‍රිත ප්‍රදේශයේ ඒකාබද්ධ හමුවක් පවත්වන ලදි.දේශසීමා පිවිසුම නැවත විවෘත කිරීම ආසන්නයේ තිබියදී සිරියානු බලධාරීන් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටියි.


සිරියාව සහ ඉරකය අතර සම්බන්ධය ශක්තිමත් වීම ඇමෙරිකා-ඊශ්‍රායල සන්ධානය තමන්ට තර්ජනයක් ලෙස දකියි.මන්ද මේ හරහා ඉරානය,ඉරාකය,සිරියාව සහ ලෙබනනය ගොඩබිම හරහා එකිනෙක සම්බන්ධ වන නිසාය.








  •  පසුගිය සමයේ වයඹදිග හමා හි ගැටුම්වලදී සටන්කාමීන් සතු වූ යුදෝපකරණවලට අත් වූ ඉරණම පෙන්වන ඡායාරූප සහ වීඩියෝ පටයක් සානා පුවත් සේවය මුදා හැර තිබේ.








  • අගෝස්තු 7 දා උතුරුදිග සිරියාවේ අල්-කටානියාහ් නගරයේ සිදුවූ පිපිරීමකින් ළමුන් තිදෙනෙක් ඇතුලුව සිවිල් වැසියන් පස්දෙනෙක් මරණයට පත් විය.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට අනුව පාසලක් අසල ගාල් කර තිබූ රථයක සවි කල බෝම්බය දුරස්ථපාලකයක් මගින් පුපුරවා හැර තිබේ.


ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් අමාක් පුවත් සේවය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.ප්‍රහාරයෙන් කුර්දි සටන්කාමීන් 8 දෙනෙක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි කියා අසත්‍ය පුවතක්ද ඔවුන් ඉදිරිපත් කලහ.පසුගිය මාස කිහිපය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශ ඉලක්ක කර බෝම්බ ප්‍රහාර ගණනාවක් දියත් කරන ලදි.

අගෝස්තු මස 7 දා රුසියානු යුද ගුවන් යානා එල්ල කල ප්‍රහාරවලින් සටන්කාමීන්ගේ පූර්ව අනතුරු ඇඟවීම් මුර පොල දෙකක් විනාශ විය.උතුරු දිග හමා හි පිහිටා තිබූ මේවා 20 වන මුරපොල සහ ඊගල් මුරපොල යන නම් වලින් හැඳින්වීය.විපක්ෂ මූලාශ්‍රවලට අනුව ප්‍රහාර හමුවේ අබු ජල්බිබ් සහ අබ්ඩොල් අල්-නාසන් යන අණදෙන නිලධාරීන් දෙදෙනා ඇතුලුව සටන්කාමීන් සිව්දෙනෙක් මරණයට පත් වූහ.

අබු ජල්බිබ් සහ අබ්ඩොල් අල්-නාසන්

මෙවැනි මුරපොල මගින් සිදු කරන්නේ රුසියානු සහ සිරියානු යුද ගුවන් යානාවල පියාසැරි නිරීක්ෂණය කිරීමත්,ඉඩ්ලිබ් කලාපයේ සටන්කාමීන්ගේ ස්ථාවලට එල්ල විය හැකි ගුවන් ප්‍රහාර සම්බන්ධව ඔවුන් කලින් දැනුවත් කිරීමත් යන කාර්යයන්ය.


සිය සටන්කරුවන් මෙරියා නගරය සහ බ්‍රාඩ් ගම්මානය අසල සිදු කල මෙහෙයුම්වලදී තුර්කියට පක්ෂපාතී සටන්කාමීන් 13ක් මරා දැමූ බව කුර්දි කැරලිකාර කණ්ඩායමක් වන අෆ්රින් විමුක්ති බලකා අගෝස්තු මස 6 දා නිවේදනය කලේය.පසුගිය මාසය තුල අෆ්රින් විමුක්ති බලකා තුර්කි පාලනය යටතේ තිබෙන අෆ්රින් කලාපය තුල තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ට එරෙහිව සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදු කරන ලදි.


ඊසානදිග සිරියාවේ ඇමෙරිකානු පාලනය යටතේ තිබෙන කලාපයේ "සාමදාන කොරිඩෝරයක්" ස්ථාපිත කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට තුර්කිය සහ එක්සත් ජනපදය පැවැත් වූ සාකච්ඡා අවසන් කල බව අගෝස්තු මස 7 දා දෙරට ඒකාබද්ධව නිකුත් කල නිවේදනයේ සඳහන් විය.


දෙපාර්ශවය එකඟවූ කරුණු වන්නේ;

  • තුර්කියේ ආරක්ෂාව සම්බන්ධව ආරම්භක ක්‍රියාමාර්ග වේගවත්ව ක්‍රියාවට නැංවීම.
  • ආරක්ෂිත කලාපය ස්ථාපනය කල පසු එය කළමනාකරණයට සහ සම්බන්ධීකරණයට තුර්කිය තුල ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් හැකි ඉක්මණින් පිහිටුවීම.
  • ආරක්ෂිත කලාපය සාමදාන කොරිඩෝරයක් විය යුතුය.අපගේ සිරියානු සහෝදරයෝ යළි ඔවුන්ගේ රට බලා යෑමට අමතර ක්‍රියාමාර්ග ගැනීම.

තුර්කියේ ඇනඩොලු පුවත් සේවය පවසන පරිදි ඒකාබද්ධ "සාමදාන කොරිඩෝරය" ඊසානදිග සිරියාවේ කි.මී. 30-40 පමණ දුරකට විහිදේ.කුර්දිස්ථාන කම්කරු පක්ෂය සහ මහජන ආරක්ෂක බලකා මෙම කොරිඩෝරයෙන් ඉවත්ව යා යුතු අතර ඔවුන්ගේ බර අවි භාර දිය යුතුය.මෙම කණ්ඩායම් දෙක ඊසානදිග සිරියාවේ ක්‍රියාත්මක ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාවක් වන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි බහුතරය නියෝජනය කරන අතර ඔවුන් තුර්කිය සම්බන්ධව දැඩි සතුරු ආකල්පයකින් කටයුතු කරයි.මේ නිසා ඉහත ගිවිසුම ක්‍රියාවට නැංවීමේදී බරපතල අපහසුතාවයන්ට මුහුණු දීමට සිදු වේවි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 08 සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 08 Reviewed by HarshaLulzSec on August 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.