සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 06

syrian-war-report-august-6-2019-syrian-military-vows-to-resume-operations-against-militants

සිරියාවේ වයඹදිග හමා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කල අලුත්ම සටන්විරාමය බිද වැටිණි.

තම කණ්ඩායම එක් සටන්කරුවෙක් හෝ අවියක් යුද මුක්ත කලාපය බිම් තීරුවෙන් ඉවත් කර නොගන්නා බවත් රජයේ හමුදා මුදා ගත් ප්‍රදේශ නැවතත් අල්ලා ගන්නා බවත් හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල් නුස්රා)කණ්ඩායමේ නායක අබු මොහම්මඩ් අල්-ජුලානි අගෝස්තු මස 3දා නිවේදනය කලේය.සටන් විරාමය ස්ථාපිත කිරීම පිටුපස තිබූ ප්‍රධානම කොන්දේසියක් වූයේ යුද මුක්ත කලාප බිම් තිරුවේ සිටින අන්තවාදී කණ්ඩායම් ඉන් ඉවත් විය යුතුය යන්නයි.

එදිනම නැගෙනහිර ඉඩ්ලිබ් හි ටාෆ්ටනාස් ප්‍රදේශයේදී මර උගුලක් ක්‍රියාත්මක වීමෙන් අල්කයිඩාවට සම්බන්ධ හොරස් අල්-ඩින් ත්‍රස්තවාදී කණ්ඩායමේ ඉහල පෙළේ නායකයෙක් වූ අබු අල්-වලිඩ් අල්-ටියුනිසි නැමැත්තා මරණයට පත් වූයේය.සටන්කාමීන්ට පක්ෂපාතී සමහරක් මූලාශ්‍ර වහාම එහි චෝදනාව ඩැමැස්කස් රජය දෙසට එල්ල කලහ.


  •  සිරියානු අරාබි හමුදාව උතුරුදිග හමා ප්‍රදේශයට ඉහළ අහසේදී මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් බිම හෙළු බව ඇනා පුවත් සේවය අගෝස්තු 4දා වාර්තා කලේය.



 දේශීයව නිෂ්පාදනය කරන ලද මෙම ඩ්‍රෝන් යානයේ  නාසය කොටසේ විදුලි මෝටරයක් සහ කුඩා අවි ශීර්ෂයක් ඇතුලත් විය.


මෙම මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය,රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට සහ අනෙකුත් ප්‍රධාන හමුදා මර්මස්ථාන වෙත පහරදීමට ඉඩ්ලිබ් සටන්කාමීන් නිතර භාවිතා කරන විශාල ඩ්‍රෝන් යානාවලට වඩා වෙනස්ය.කෙසේවෙතත් හානියක් සිදු කිරීමට මෙම යානය හඳුනා ගැනීමට ඉඩ ලැබිණි.මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය බිම හෙළුවේ සටන් විරාමයට පෙරද පසුද යන වග ඇනා පුවත් සේවය සඳහන් කර නොමැත.



  •  උතුරුදිග හමා හි ජයිබීන් සහ ටෙල් මෙලෙහ් ගම්මාන වල සිදු කල මෙහෙයුම්වලදී අල්ලා ගත් අවි සහ උපකරණ සමහරක් අගෝස්තු මස 4දා සිරියානු අරාබි හමුදාව ප්‍රදර්ශනය කර තිබිණි.


සානා පුවත් සේවය එම අවි සහ උපකරණ ඇතුලත් වීඩියෝ පටයක් නිකුත් කරන ලදි.එහි ප්‍රදර්ශනයට තබා තිබූ සමහරක් දෑ වන්නේ..

දැඩි ලෙස හානියට පත් T-55AMV යුද ටැංකියක්

4×4 පික් අප් ට්‍රක් රථයක්

මි.මී. 12.7 DShK මැෂින් තුවක්කු 4ක් සහ උණ්ඩ දහස් ගණනක්.

මි.මී. 73හි SPG-9 වාංගු නොවන අවියක්

Konkurs යුද  ටැංකි නාශක මිසයිල විදිනයක්

නයින් 60 සහ මි.මී. 80හි මෝටාර් අවි සහ උණ්ඩ දුසිම් ගණනක් ආදියයි.




ජයිබීන් සහ ටෙල් මෙලෙහ් ගම්මාන මුදා ගැනීමේ සටනේදී හායට් ටරිර් අල්-ෂාම් සහ මිත්‍ර සටන්කාමී කණ්ඩායම්වලට සටන්කරුවන් දුසිම් ගණනක් සහ යුදෝපකරණ විශාල ප්‍රමාණයක් අහිමි විය.



  • සිරියාවේ දකුණු කොටසේ සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී විශාල අවි ගබඩාවක් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව සානා පුවත් සේවය අගෝස්තු 4ද වාර්තා කර තිබිණි.




එම ගබඩාවේ පහත දැක්වෙන අවි ඇතුලුව උණ්ඩ සහ යුදෝපකරණ විශාල ප්‍රමාණවලින් අන්තර්ගත විය.

එක්සත් ජනපදයේ නිෂ්පාදිත TOW යුද ටැංකි නාශක නියාමක මිසයිල විදිනයක් සහ ඊට යොදන මිසයිල 3ක්

සෝවියට් දේශයේ නිෂ්පාදිත Konkurs යුද ටැංකි නාශක නියාමක මිසයිල 2ක්

සෝවියට් දේශයේ නිෂ්පාදිත Fagot යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්

සෝවියට් දේශයේ නිෂ්පාදිත Strela-2 ජංගම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්

තාපජ මූර්තන කැමරාවකින් සමන්විත DJI පැන්තම් 4 වර්ගයේ කුඩා ඩ්‍රෝන් යානයක්














  • අගෝස්තු 3දා හෝම්ස් පළාතේ නැගෙනහිර ප්‍රදේශයේ අල්-ෂයිරට් ගුවන් හමුදා කඳවුරේ දැවැන්ත පිපිරීමක් සිදු විය.කල් ඉකුත් වූ උණ්ඩ ඉවත් කිරිමේදී සිදු වූ තාක්ෂණික වරදක් නිසා මෙම පිපිරීම ඇති වූ බව සානා පුවත් සේවය වාර්තා කලේය.

සිරියානු හමුදා මූලාශ්‍රයක් රූපවාහිනී නාලිකාවට පැවසූ පරිදි පිපිරීම හේතුවෙන් සිරියානු සෙබලුන් සහ නිලධාරීන් 28 දෙනෙක් මරණයට පත්ව ගුවන් හමුදා කඳවුරට දැඩි හානියක් සිදු විය.



  • ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සතු යුදෝපකරණ රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශ වන අයුරු දැක්වෙන වීඩියෝපටයක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර තිබිණි.රොකට් විදිනයක්,අවි ගබඩාවක්,කාලතුවක්කු අවිය සහ ශක්තිමත් මුරකපොලු කිහිපයක් විනාශ වන අයුරු එම වීඩියෝවේ දැක ගත හැකිය.


අගෝස්තු 4දා වා හරිඩ් අල්-මුමිනින් නම් අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමී කණ්ඩායම් වල එකමුතුවෙන් සැදි සන්ධානය උතුරු ලටාකියා හි ස්ලාන්ෆාහ් නගරයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන්ට හානි සිදුවිය.වයඹදිග හමා හි කිර්බට් අල්-නාකුස් ආසන්නයේදී තම සටන්කරුවන් රුසියානු විශේෂ බලකා මෙහෙයුමක් ව්‍යර්ථ කල බව ත්‍රස්තවාදීන් පැවසීය.සටන්කාමීන්ගේ සන්ධානය සඳහන් කරන පරිදි ගැටුම්වලදී ඔවුන්ට සටන්කරුවන් දෙදෙනෙක් අහිමි වී තිබේ.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිටින සටන්කාමී කණ්ඩායම් සටන් විරාමයට එකඟ වී ප්‍රතික්ෂේප කල බවත්,ඒ ආසන්නයේ පිහිටි ජනාවාස වෙත දිගටම ප්‍රහාර එල්ල කරමින් ඇතැයිද සිරියානු රජයේ හමුදා අගෝස්තු මස 5දා නිවේදනය කලේය.නිකුත් කල ප්‍රකාශනයට අනුව සිරියානු හමුදා සටන්කාමීන්ට එරෙහි සංග්‍රාමික මෙහෙයුම් නැවත ආරම්භ කරාවි.සිරියානු ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර වයඹදිග හමා සහ දකුණු ඉඩ්ලිබ් වෙත එල්ල වූ බවට වාර්තා වේ.

කලින් වාර්තාවල සඳහන් වූයේ සටන්කාමීන් දිගටම සටන් විරාමය උල්ලංඝනය කල හොත් රාමසාන් උපවාස සමය අවසන් කෙරෙන අගෝස්තු 15 න් පසුව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ මහා පරිමාණ පාබල හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කරන බවයි.


ඩැමැස්කස් රජයට අනුව,තුර්කිය සිරියාව ආක්‍රමණය කිරීමේ පටන් මේ දක්වා ඔවුන් සිරියාව ඇතුලත සෙබලුන් 10,655ක්,යුද ටැංකි 166ක්,සන්නාහ සන්නද්ධ රථ 278ක්,රොකට් විදින 18ක්,මෝටාර් අවි 173ක්,ප්‍රබල මැෂින් තුවක්කු සහිත වාහන 73ක්,යුද ටැංකි නාශක මිසයිල විදින 41ක් සහ පොලිස් නිලධාරීන් 280ක් දියත් කර තිබේ.

ඇමෙරිකානු සහාය හිමි කුර්දි සන්නද්ධ කණ්ඩායම් විසින් පාලනය කරන ඊසානදිග සිරියාවට ඇතුල් වන්නට තුර්කිය සැලසුම් කර සිටින බවත්,එම සැලසුම් එක්සත් ජනපදය සහ රුසියාව සමග බෙදාගෙන තිබෙන බවත් තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් අගෝස්තු මස 4දා නිවේදනය කලේය.තුර්කි ප්‍රොක්සි හමුදාවක් වන සිරියානු ජාතික හමුදාව අගෝස්තු මස 5 දා මරියා සහ හර්බල් යන නගරවල නැගෙනහිර කොටසේ කුර්දි සටන්කාමීන් ස්ථානගත වී සිටින ස්ථාන වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කලේය.

අෆ්රින් ප්‍රදේශයේ තුර්කි ඉලක්ක වෙත පහරදීම සඳහා නිර්මාණය කල කුර්දි කැරලිකාර සංවිධානයක්, අෆ්රින් විමුක්ති බලකා නිවේදනය කල පරිදි ඔවුන් පසුගිය කාලයේ සිදු කල මෙහෙයුම්වලින් තුර්කි ප්‍රොක්සි හමුදා සාමාජිකයෝ 19ක් මරා දමන්නට සමත් වූ බවයි.ප්‍රදේශය තුල අවිනිශ්චිතභාවය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 06 සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 06 Reviewed by HarshaLulzSec on August 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.