සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 12

syrian-war-report-august-12-2019-tiger-forces-crush-militants-defense-in-southern-idlib

පසුගිය සති අන්තයේදී සිරියානු අරාබි හමුදාව සහ ටයිගර් බලකා වයඹදිග හමා සහ දකුණු ඉඩ්ලිබ් ප්‍රදේශවල සිටින හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර සටන්කාමී කණ්ඩායම්වලට එරෙහි මෙහෙයුම් ඉදිරියට කරගෙන ගියහ.


අගෝස්තු මස 12දා රජයේ හමුදා අල්-හොබිට්,මගර් අල්-හමාම්,මගර් අල්-හන්ටා,සුකයික් සහ ටෙල් සුකයික් යන ප්‍රදේශ යටත් කරගත්හ.සිරියානු අරාබි හමුදාව උතුරු ලටාකියා හි කබානා ගම්මානයට පහර දුන්නද සටන්කාමීන්ගේ ආරක්ෂක වළලු බිද හෙළීමට අසමත් විය.

සිරියානු අරාබි හමුදාවේ මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් හයාට් ටරිර් අල්-ෂාම්,ජයිස් අල්-ඊසා,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ අනෙකුත් ඉඩ්ලිබ් සන්නද්ධ කණ්ඩායම් එක්ව සුකයික් සහ අල්-වාස්ටා යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කලහ.ඔවුන් බෝම්බ ඇටවූ රථයක් පුපුරවා හරිමින් සිරියානු අරාබි හමුදාවේ දකුණු ඉඩ්ලිබ් ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සාහ දැරුවද,ප්‍රහාර දෙකම රජයේ හමුදා විසින් ව්‍යර්ථ කරන ලදි.


 හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරය - සටන්කාමීන්ගේ ඩ්‍රෝන් යානයක් මගින් ලබා ගත් දර්ශන




තම කණ්ඩායමේ ඉහළ පෙළෙ අණදෙන නිලධාරීන් තිදෙනෙක් සිරියානු අරාබි හමුදාව විසින් ඝාතනය කලේ යැ‍යි ජයිස් අල්-අනාර් සටන්කාමීන් අගෝස්තු 11දා අනාවරණය කලේය.ඔවුන් පිළිවෙලින් ප්‍රධාන අණදෙන නිලධාරී ,ටියුනීසියානු ජාතික අබු  මිසාබ් අල්-ටියුනිසි,විශේෂ බලකා අණදෙන නිලධාරී අබු සුටිෆ් අල්-බිනිෂි සහ කණ්ඩායමේ ක්‍රියාන්විත මැදිරියේ සම්බන්ධීකාරක අබු කුටාඩ අල්-හොම්සි යන අයයි.

මරාදමන ලද සටන්කාමී නායකයින් තිදෙනා


ජයිස් අල්-අනාර් යනු 2016 වර්ෂයේදී සටන්කාමීන් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් පිහිටුවන ලද,අරාර් අල්-ෂාම් කණ්ඩායමෙන් කැඩී ගිය සන්ධානයකි.සිරියාවේ අල්-කයිඩා ශාඛාව වන ජබාත් අල්-නුස් රා සංවිධානය පිහිටු වූ හයාට් ටරිර් අල්-ෂාම් නම් කණ්ඩායමට එක් වූ පළමු සටන්කාමීන් කණ්ඩායම් අතර ජයිස් අල්-අනාර් සිටියි.ඉන්පසුව 2017 වර්ෂයේදී ජයිස් අල්-අනාර් කණ්ඩායම,හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමෙන් වෙන් වී තුර්කියේ සහාය හිමි විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සමග සන්ධාන ගත විය.විමුක්තිය සඳහා ජාතික සන්ධානය මධ්‍යස්ථ විපක්ෂ කණ්ඩායමක් වශයෙන් 2018 වර්ෂයේදී පිහිටුවන ලදි.

ඉඩ්ලිබ් හි තත්ත්වය සමනය කිරීමට මීට පෙර දැරූ උත්සාහයන් සහ වෙනස් අන්තවාදී කණ්ඩායම් පිටුපස තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජයිස් අල්-අනාර් කණ්ඩායමේ ඉරණමයි.ඉඩ්ලිබ් සටන්කාමී කණ්ඩායම් අලුත් සන්ධාන සමග එක් වී ඔවුන්ගේ නම් වෙනස් කර ගන්නේ,සිය සැබෑ මුහුණුවර වසා ගැනීමටයි.

මෙම නම් වෙනස් කර ගැනීමේ කාර්යය නිසා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සටන්කාමීන්ගේ උදව්කරුවන්ට,දැනට සිරියාවේ සිදුවන සටන් අෂාඩ්ගේ දුෂ්ඨ පාලනය මධ්‍යස්ථ විපක්ෂය සහ ප්‍රජාතාන්ත්‍රික කැරලිකරුවන්ට එරෙහිව දියත් කරන මිලේච්ඡ ප්‍රහාර වශයෙන් හුවා දක්වන්නට හැකිවී තිබේ.

අගෝස්තු මස 9 දා දකුණු අෆ්රින් හි කිමාර් නගරයේ තුර්කි හමුදාවේ කඳවුරකට කුර්දි සටන්කාමීන් එල්ල කල යුද ටැංකි නාශක ප්‍රහාරයකින් තුර්කි සෙබලුන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි කිමාර් ප්‍රහාරයට වගකිව යුත්තේ කුර්දි මහජන ආරක්ෂක බලකාය.කෙසේවෙතත්,අෆ්රින් විමුක්ති බලකා මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබෙන්නේ,තමන්ගේ සටන්කරුවෙක් මරා දැමීමට ප්‍රතිචාරයක් වශයෙන් ප්‍රහාරය එල්ල කල බව පවසමින්ය.

තුර්කි හෙලිකොප්ටර් මගින් තුවාල ලැබූ සෙබලුන් අෆ් රින් හි ප්‍රධාන පාපන්දු ක්‍රීඩාංගනයේ සිට තුර්කියේ රෝහලකට රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කර තිබේ.


කුර්දි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් තුර්කි හමුදාව දකුණු අෆ්රින් හි කුර්දි පාලන ප්‍රදේශවලට කාලතුවක්කු ප්‍රහාර 127ක් එල්ල කල බව වාර්තාවේ.එම ප්‍රහාරවලින් බිලිඳෙක් ඇතුලුව සිවිල් වැසියන් පස්දෙනෙක් තුවාල ලබා ඇතැයි හවාර් පුවත් සේවය සඳහන් කර තිබේ.



පසුගිය දිනවල ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සටන්කාමීන්ගේ ස්ථාන වෙත එල්ල කල ගුවන් ප්‍රහාරවල වීඩියෝ දර්ශන රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර තිබිණි.

 සටන්කාමීන් භූගතව රැඳී සිටි ස්ථානයකට එල්ල වන ප්‍රහාරයක්




සටන්කාමීන්ට අයත් වූ අවියක් විනාශ වන අයුරු



සටන්කාමීන්ගේ ඉලෙක්ට්‍රොනික් පෙරික්සුම් මුරපොලක් විනාශ වන අයුරු




අගෝස්තු මස 10 දා හවස් යාමයේ උතුරු හමා ප්‍රදේශයට ඉහළ අහසේදී ටයිගර් බලකා සන්නද්ධ ඩ්‍රෝන් යානයක් බිම හෙළීය.ටයිගර් බලකා මූලාශ්‍රයකට අනුව,අලුතින් මුදා ගත් ජයිසාට් නගරයට ඉහළින් පියාසර කරමින් සිටියදී මැෂින් තුවක්කු ප්‍රහාරවලින් ඩ්‍රෝන් යානා කඩා වැටිණි.

ඇනා පුවත් සේවය නිකුත් කල බිම හෙළු යානයේ ඡායාරූපවලට අනුව නම් එය ඉඩ්ලිබ් සටන්කාමීන් නිතර භාවිතා කරන ඩ්‍රෝන් යානාවලට සමානය.නමුත් එය නවතම බෝම්බ විශේෂයකින් සන්නද්ධ විය.




පසුගිය සතියේදී උතුරු හමා හි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට උත්සාහ දැරූ කුඩා ඩ්‍රෝන් යානයක් හමුදාව විසින් බිම හෙළීය.දේශීය නිපදවන මෙම ඩ්‍රෝන් යානා පසුගිය කාලයේ උතුරු හමා ආශ්‍රිතව සිරියානු හමුදාවට එරෙහිව සටන්කාමීන් බහුලව භාවිතා කලද ඉන් ඔවුන් බලාපොරොත්තු වූ හානිය සිදු කර ගැනීමට නොහැකි විය.



ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අගෝස්තු මස 12දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මුදා හැර තිබිණි.ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් ට්‍රක් රථයක් සහ උපකරණ සහිත ගොඩනැගිල්ලක් හා ආරක්ෂාව තර කල ස්ථාන දෙකක් ප්‍රහාරවලින් විනාශ වන අයුරු දැකගත හැකිය.


අගෝස්තු 11දා රුසියානු හමුදාව තවත් වීඩීයෝවක් නිකුත් කලේය.එහි දැක්වුනේ සටන්කාමීන් රැඳී සිටින අබු ඩාලි නගරයට රොකට් ප්‍රහාර එල්ල කරන අයුරුය.මෙම ප්‍රහාර අගෝස්තු 9 දා සිදු කර තිබේ.




අගෝස්තු මස 12දා සිරියානු ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අලි අබ්දුල්ලා අයුබ් දකුණුදිග ඉඩ්ලිබ් හි ඉදිරි ආරක්ෂක වළල්ල ආශ්‍රිතව සංචාරයක නියැලිණි.එහිදී ඔහු අලුතින් මුදා ගත් අල්-හොබිට් නගරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මුදා හැර තිබේ.







source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 12 සිරියානු යුද වාර්තාව - 2019 අගෝස්තු 12 Reviewed by HarshaLulzSec on August 13, 2019 Rating: 5

No comments:

Powered by Blogger.