ඉරානය එළිදරවු කල නවතම ස්මාට් බෝම්බ

iran-unveils-new-precision-guided-air-to-ground-munitions

ඩ්‍රෝන් යානා සඳහා භාවිතා කල හැකි නවතම ස්මාට් බෝම්බ තුනක් අගෝස්තු මස 6දා ඉරානය මාධ්‍ය හමුවේ අනාවරණය කලේය.මේවා යසින්,බලබෑන් සහ ගයේම් නම් නවතම විද්‍යුත්-ප්‍රකාශ බෝම්බ මාලාවට අයත් වේ.සියලුම බෝම්බ දේශීයව නිෂ්පාදනය කල ඒවාය.

මෙම බෝම්බ සම්බන්ධව මීට පෙර දැන සිටියද ඒවා මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කර තිබුණේ එළිදරවු කිරීමක් යැයි පවසමින්ය.

බලබෑන් සහ යසින් බෝම්බවල(JDAM-ER) ඡායාරූප මෙම වර්ෂයේ මුලදී ප්‍රදර්ශනය කලේ ඉරාන ආරක්ෂක කර්මාන්ත සංවිධානයේ අනෙකුත් නිෂ්පාදන සමගයි.එහිදී ගයේම් බෝම්බ පවුලේ පළමු සංස්කරණය මහාජර්-6 ඩ්‍රෝන් යානය සමග ප්‍රදර්ශනය කර තිබිණි.


ගයෙම්-9 යනු මහාජර්-6 සහ ෂහීඩ්-129 වැනි විශාල ප්‍රමාණයේ ප්‍රහාරක ඩ්‍රෝන් යානා සඳහා හඳුන්වා දුන් නවතම බෝම්බ මාදිලියකි.ගයෙම්-5 බෝම්බය යනු මහාජර්-6 ඩ්‍රෝන් යානය සමග නිෂ්පාදනයට පිවිසි සම්මත නියාමක බෝම්බයකි.උතුරු ඉරාකයේ කුර්දි කැරලිකාර කණ්ඩායම්වලට පහරදීම සඳහා ඒවා භාවිතා කර තිබේ.

ගයෙම්-1 යනු එම පවුලේ කුඩාම සංස්කරණයකි.ඉරානය පුළුල්ව භාවිතා කරන අබාබිල්-3 වැනි උපායමාර්ගික පෙරික්සුම් ඩ්‍රෝන් යානා වැනි සාපේක්ෂව කුඩා යානා සඳහා මෙම බෝම්බ මාදිලිය යොදා ගැනේ.

බෝම්බ එළිදරවු කල ඉසව්වට සහභාගී වූ ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් අමීර් හටාමි පැවසුවේ,මෙහෙයුම් පරාසය වැඩි කර ගැනීම සඳහා බලබෑන් බෝම්බයට පියාපත් සවි කර තිබෙන බවයි.එය මාර්ගෝපදේශනය සඳහා ගෝලීය පිහිටුම් පද්ධතිය සහ අනෙකුත් සංවේදක භාවිතා කරන අතර ඒවා ගුවන් යානා,හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන් යානාවල සවි කරනු ලැබේ.

බලබෑන් නියාමක බෝම්බය කි.මී.25ක් වැනි කෙටි දුරක් ඇතුලතට පිහිටි ඉලක්ක වෙත පහරදීමට යොදා ගනියි.නමුත් ඒවා සැලකිය යුතු තරම් ප්‍රමාණයෙන් කුඩාය.

අමාත්‍යවරයා විස්තර කල පරිදි යසින් බෝම්බය,දිගු දුර,නියතාර්ථ සහ නියාමක බෝම්බයකි.මෙම බෝම්බ මාදිලිය ඩ්‍රෝන් යානයකින් හෝ සාමාන්‍ය යුද ගුවන් යානයකින් නිකුත් කල හැකි මෙහෙයුම් පරාසය කි.මී. 50ක් දක්වා දීර්ඝ එකකි.

පියාසර පරාසය කි.මී. 50 ඉක්මවන යසින් බෝම්බය(JDAM-ER) පළමුවරට දැක ගන්නට ලැබුණේ පසුගිය වර්ෂයේ ප්‍රදර්ශනය කල ,ඉරානය විසින් වැඩිදියුණු කල සුකොයි-22 ෆයිටර් බෝම්බ හෙළන යානයේ අවි පද්ධතීන් සමගයි.ඊට අමතරව යසින් බෝම්බ එෆ්-7 ෆයිටර් ජෙට් යානාවල රැගෙන යන අයුරුද දැකගත හැකි විය.

ඉරානය එහි අවි සංවර්ධනයේ ලබා තිබෙන ප්‍රගතිය සම්බන්ධව බ්‍රිගේඩියර් ජෙනරල් අමීර් හටාමි ප්‍රශංසා කල අතර එක්සත් ජනපදයෙන් එල්ල වන පීඩනය හමුවේ කිසිදා යටත් නොවන බවද පැවසීය.



බෝම්බ ප්‍රදර්ශනය අවස්ථාවේ ඡායාරූප කිහිපයක්








බෝම්බ වෙන් වෙන්ව දැක්වෙන ඡායාරූප

යසින් බෝම්බය

බලබෑන් නියාමක බෝම්බය

ගයෙම්-1 නියාමක බෝම්බය

ගයෙම්-5 නියාමක බෝම්බය

ගයෙම්-9 නියාමක බෝම්බය

 අබාබිල්-3 ඩ්‍රෝන් යානයක ගයෙම්-1 බෝම්බයක් රැගෙන යන අයුරු

බලබෑන් නියාමක බෝම්බය පියාසර කරන අයුරු

යසින් සහ බලබෑන් බෝම්බ වලින් සන්නද්ධ කර්රාර් ඩ්‍රෝන් යානයක්

යසින් සහ බලබෑන් බෝම්බ වලින් සන්නද්ධ කර්රාර් ඩ්‍රෝන් යානයක්
දෙරට අතර සහයෝගීතාවය පුළුල් කර ගැනීම සඳහා යෝජනා මාලාවකින් සමන්විත රහසිගත ගිවිසුමක් ඉරාන සන්නද්ධ හමුදා සහ රුසියානු සන්නද්ධ හමුදා අතර අත්සන් තැබූ බව ඉරාන නාවික හමුදාවේ (ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකා නාවික හමුදාව සමග පටලවා නොගන්න) ප්‍රධානී රියර් අද්මිරාල් හොසෙයින් කන්සාඩි අගෝස්තු මස 5දා පැවසුවේය.2019 වර්ෂය අවසානයට පෙර පර්සියානු බොක්කේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාස එම යෝජනාවලින් එකකි.

පසුගිය සතියේ මොස්කව් හි සිදු කල සිය සංචාරය අතරතුර ඉරාන සන්නද්ධ හමුදා හි ජෙනරල්වරුන්ගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන්,රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ සමග මෙම ගිවිසුම සඳහා තමන් අත්සන් කල බව අද්මිරාල්වරයා කීවේය.


"මෙම එකඟතාවයේ සමහරක් කොන්දේසි රහසිගත වුවද සමස්ථයක් වශයෙන් එහි අරමුණ වන්නේ දෙරට අතර හමුදා සහයෝගීත්වය පුළුල් කිරීමයි.ගිවිසුමේ වැඩි කොටසක් දෙරටේ නාවික හමුදා සඳහා වෙන් කර තිබේ." යනුවෙන් රියර් අද්මිරාල් හොසෙයින් කන්සාඩි.

මෙම ගිවිසුම රුසියාව සහ ඉරානය අතර හමුදා සහයෝගීතාවයේ හැරවුම් ලක්ෂයක් යැයි රියර් අද්මිරාල් හොසෙයින් කන්සාඩි පැවසීය.



source:southfront.org

ඉරානය එළිදරවු කල නවතම ස්මාට් බෝම්බ ඉරානය එළිදරවු කල නවතම ස්මාට් බෝම්බ Reviewed by HarshaLulzSec on August 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.