යේමන් යුද්ධය:හවුති සටන්කාමීන්ගේ නවතම මැදි දුර බැලස්ටික් මිසයිලය

houthis-reveal-medium-range-ballistic-missile-used-in-recent-dammam-strike-video-photos

අගෝස්තු මස පළමුවෙනිදා යේමනයේ හවුති සටන්කාමීන් පළමුවරට සෞදි අරාබියේ නැගෙනහිර වෙරළේ හමුදා ඉලක්කයක් වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කලෝය.සෞදි හමුදා ඉලක්කයේ ස්වභාවය හෙළි නොකලද ඉලක්කය පිහිටා තිබෙන්නේ ඩාම්මම් වරාය නගරයේ පිටත ප්‍රදේශයේ යැයි හවුති පක්ෂයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් යහියා සාරි පැවසීය.

ඉදිරියේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම මෙහෙයුමේ සහ අලුත් බැලස්ටික් මිසයිලය සම්බන්ධව තොරතුරු හෙළි කරන බව බ්‍රිගේඩියර් ජෙනරල් සාරි සඳහන් කලේය.

ඩාම්මම් යනු පර්සියානු බොක්කට මුහුණලා සෞදි අරාබියේ පිහිටා ඇති ප්‍රධානතම වරායකි.එය වයඹදිග යේමනයේ හවුති පාලන ප්‍රදේශයේ සිට කි.මී. 1,200කට වැඩි දුරකින් පිහිටා ඇත.


අගෝස්තු පළමුවෙනිදා හවුති සටන්කාමීන් එල්ල කල දෙවන මිසයිල ප්‍රහාරය මෙයයි.පළමු මිසයිල ප්‍රහාරයේ ඉලක්කය වූයේ යේමනයේ දකුණු කොටසේ පිහිටි ඒඩන් නගරයේ පැවැත් වූ සෞදි ප්‍රමුඛ සන්ධාන හමුදාවේ හමුදා පෙළපාලියකි.එම ප්‍රහාරය නිසා හමුදා සාමාජිකයින් සහ නිලධාරීන් 40කට වැඩි පිරිසක් මරණයට පත් වූහ.

බ්‍රිගේඩියර් ජෙනරල් යාහියා සරි පොරොන්දු වූ පරිදි අගෝස්තු මස 2දා ඔවුන් සිය නවතම මැදි දුර බැලස්ටික් මිසයිලය සම්බන්ධව තොරතුරු අනාවරණය කලහ.බුර්කන්-3 යන නමින් හඳුන්වන මෙම මිසයිලය අගෝස්තු මස පළමුවෙනිදා සෞදි අරාබියේ නැගෙනහිර වෙරළේ ඩාම්මම් නගරයට එල්ල කල ප්‍රහාරය සඳහා භාවිතා කලේය.හවුති හමුදා ප්‍රකාශකයා පවසන පරිදි බුර්කන්-3 යනු පවුලේ තුන්වන පරම්පරාවේ මිසයිලයකි.එය යේමන විශේෂඥයින් විසින් නිපදවා තිබෙන්නේ සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මඟ හරිමින් ගමන් කිරීම සඳහාය.

බුර්කන්-3 මැදි දුර බැලස්ටික් මිසයිලය පැරණි  බුර්කන්-1 සහ 2H මිසයිලවලට සමාන ස්කඩ් මිසයිල පවුලේ සාමාජිකයෙක් බව පෙනේ.කෙසේවෙතත්,බුර්කන්-3 මිසයිලය එහි පුරෝගාමීන් මෙන් නොව ඉරාන බැලස්ටික් මිසයිලවලට සමානකම් නොපෙන්වයි.


බුර්කන්-3 මැදි දුර බැලස්ටික් මිසයිලය දියත් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්


අලුත් මිසයිලයේ මෙහෙයුම් පරාසය කි.මී. 1,200කි.එමගින් හවුති සටන්කාමීන්ට බහරේනයේ ඇමෙරිකානු නාවික සහාය පහසුකම් වෙත පහරදීමට හැකියාවද ලැබේ.මෙම නාවික හමුදා කඳවුර නගරයට කි.මී. 60ක් ගිනිකොණදිග දෙසින් පිහිටා ඇත.

බුර්කන්-3 මිසයිලය එහි ඉලක්කයේ ගැටීමට සමත් වූයේද යන්න පැහැදිලි නැතත්,එවැනි මිසයිල නිපදවීමට සහ මෙහෙයවීමට හවුති සටන්කාමීන්ට හැකියාව තිබේ නම් ඔවුන්ගේ සතුරන්ට එය බරපතල තර්ජනයක් වනු ඇත.


බුර්කන්-3 මැදි දුර බැලස්ටික් මිසයිලය දියත් කරන අයුරු












source:southfront.org


යේමන් යුද්ධය:හවුති සටන්කාමීන්ගේ නවතම මැදි දුර බැලස්ටික් මිසයිලය යේමන් යුද්ධය:හවුති සටන්කාමීන්ගේ නවතම මැදි දුර බැලස්ටික් මිසයිලය Reviewed by HarshaLulzSec on August 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.