රුසියානු ඔක්හොට්නික් ස්ටෙල්ත් ඩ්‍රෝන් යානයේ මංගල ගුවන් ගමන

Russias-secretive-Okhotnik-stealth-drone-during-maiden-flight

රුසියාවේ සුකොයි සමාගම විසින් නිපදවූ එස්-70 ඔක්හොට්නික්-බී එසේත් නැත්නම් හන්ටර්-බී ඩ්‍රෝන් යානය පළමුවරට ගුවන් ගත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මුදා හැර තිබිණි.මෙම ඩ්‍රෝන් යානයේ ඡායාරූප පළමුවරට නිකුත් කෙරුණේ ජනවාරි මාසයේදීය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කල පරිදි ඔක්හොට්නික් යානය මිනිත්තු 20ක කාලයක් ගුවනේ රැඳෙමින් අඩි 1,970 උසකට නැගීමට සමත් විය.

ඔක්හොට්නික්-බී යානය

මෙම අත්හදා බැලීමේ ගුවන් ගමන සිදු කල ස්ථානය සම්බන්ධව සඳහන් කර නොමැත.2019 මැයි මාසයේදී නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූපයක් සහ රුසියානු රජයෙ නිල ප්‍රකාශ හරහා තහවුරු වූ පරිදි අවම වශයෙන් එක් ඔක්හොට්නික්-බී යානයක් රුසියාවේ නිරිතදිග කලාපයේ 929 වන චකාලොව් රාජ්‍ය පියාසැරි පරීක්ෂා මධ්‍යස්ථානය තිබිණි.නමුත් තවත් වාර්තාවකින් කිය වුනේ යානයේ පළමු ගුවන් ගමන මැයි මස 25දා සුකොයි සමාගමේ නොවොසිබියර්ස්ක් ගුවන්යානා නිෂ්පාදන සමාගම් කර්මාන්තශාලාව ආශ්‍රිතව සිදු කල බවයි.

ඔක්හොට්නික්-බී යානය පියාසර කරන අයුරු

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල වීඩියෝවේ ඔක්හොට්නික් ඩ්‍රෝන් යානය ධාවන පථය තුල ගමන් කරන අයුරු,ගුවන් ගත වන අයුරු,ධාවන පථයට ඉහළින් පියාසර කරන අයුරු සහ ගොඩබස්සවන අයුරු දැකගත හැකිය.රුසියානු ඩ්‍රෝන් යානය විශාලත්වයෙන් ඇමෙරිකානු නෝත්රුප් ග්‍රමන් සමාගමේ එක්ස්-47බී යානයට දළ වශයෙන් සමානය.

ඔක්හොට්නික් ඩ්‍රෝන් යානය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්

ඔක්හොට්නික් යානය සඳහා භාවිතා කරන එන්ජිම ඇතුලුව එහි බොහොමයක් තොරතුරු මේ දක්වා හෙළි කර නොමැත.විශේෂඥ මතය වන්නේ සුකොයි සමාගම ෆ්ලෑන්කර් ෆයිටර් ජෙට් යානා පවුල වෙනුවෙන් භාවිතා කරන සැටර්න් AL-31F එන්ජිම් පෙළ ඒ සඳහා යොදා ගෙන ඇතැයි කියාය.


ඔක්හොට්නික් ඩ්‍රෝන් යානයේ ප්‍රථම ගුවන් ගමන


රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ දැන් පවසන පරිදි ඔක්හොට්නික් ඩ්‍රෝන් යානයේ මූලික මෙහෙයුම වනුයේ බුද්ධි තොරතුරු රැස් කිරීම,පෙරික්සුම් සහ අවේක්ෂණය යන කාර්යයන් බවයි.කෙසේවෙතත් යානයේ ප්‍රමාණය සලකා බලද්දී එහි අභ්‍යන්තරයේ අවි රැගෙන යා හැකිය.

2011 වර්ෂයේදී ඉරානයට කඩා වැටුණු ඇමෙරිකානු RQ-170 සෙන්ටිනල් ඩ්‍රෝන් යානය පරීක්ෂා කිරීමට රුසියානු ඉංජිනේරුවන්ට ඉඩ ලබා දුන් බව වාර්තාවේ.එහිදී ඇමෙරිකානු ඩ්‍රෝන් යානය අධ්‍යයනය කිරීම හරහා ලබා ගත් දැනුම ඔක්හොට්නික්-බී යානය නිපදවීමට රුසියාව භාවිතා කලේ යැ‍යිද මතයක් තිබේ. කෙසේවෙතත් රුසියාව සිය ඩ්‍රෝන් යානය ස්ටෙල්ත් තාක්ෂණයෙන් යුක්ත යැ‍යි පැවසුවද එය එසේ නොවන බව විශේෂඥ මතයයි.මෙම යානයේ ඔවුන් පැහැදිලිව දකින ගැටලුව වන්නේ එහි එන්ජිමේ සැකැස්මයි. එන්ජිමෙන් පිට වන උණුසුම් වාතය හරහා ගුවන් යානයේ ස්ටෙල්ත් හැකියාව අවම කර සතුරාට නිරාවරණය කරයි.




source:thedrive.com


රුසියානු ඔක්හොට්නික් ස්ටෙල්ත් ඩ්‍රෝන් යානයේ මංගල ගුවන් ගමන රුසියානු ඔක්හොට්නික් ස්ටෙල්ත් ඩ්‍රෝන් යානයේ මංගල ගුවන් ගමන Reviewed by HarshaLulzSec on August 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.