සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 05

syrian-war-report-july-5-2019-british-marines-seized-iranian-oil-tanker

යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝනය කරමින් සිරියාවට තෙල් ප්‍රවාහනය කලේ යැයි සැක කල තෙල් ප්‍රවාහන නෞකාවක් ජූලි මස 4දා රාජකීය මැරීන් සෙබලුන් සහ ජිබ්‍රෝල්ටර් හි බලධාරීන් සිය භාරයට ගන්නා ලදි.ඉරානයේ සිට පැමිණි ග්‍රේස් 1 නෞකාව ඉලක්ක කල මෙහෙයුම සඳහා 42 කොමාන්ඩෝ හි රාජකීය මැරීන් භටයින් 30 දෙනෙක් සහභාගී විය.මෙහෙයුම ක්‍රියාවට නංවන ලද්දේ එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ඉල්ලීමක් මතයි.නෞකාවේ රැගෙන ගියේ ඉරානයට අයත් තෙල් බව තහවුරු වුවහොත් එක්සත් ජනපදය ඉරාන තෙල් අපනයනයට පැනවූ තහනම උල්ලංඝනය කිරීමටත් එම නෞකාව වැරදිකරු වේවි.

ග්‍රේස් 1 නෞකාව

පසුව,ඉරානයේ විදේශ අමාත්‍යාංශය එරට බ්‍රිතාන්‍ය තානාපති වන රොබ් මැකෙයර් හට පවසා තිබුණේ මෙම සිදුවීම "නීතිවිරෝධී අල්ලා ගැනීමක්" බවයි.කෙසේවෙතත් නෞකාව ළඟදීම නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කල නොහැකිය.මෙම මෙහෙයුම හරහා බෂාර් අල්-අෂාඩ් ගේ රජයට එරෙහිව මෙන්ම කලාපය තුල ඉරානීය තෙල් අපනයනයට එරෙහිව අලුත් වටයක පීඩනයක් එල්ල කිරීමේ ව්‍යාපාරයක ආරම්භ සනිටුහන් කරයි.

ජූලි 3 සහ 4 දෙදින තුල උතුරු ඇලපෝ හි හස්වාන් නගරය ආසන්නයේදී කුර්දි මහජන ආරක්ෂක ඒකක,සිරියානු හමුදාව යන ඒකාබද්ධ හමුදා සහ තුර්කියේ ප්‍රොක්සි හමුදාවක් වන ජාතික සිරියානු හමුදාව අතර ගැටුම් ඇති විය.එහිදී තම සටන්කරුවන් දෙදෙනෙක් මරණයට පත් වූ බව තුර්කියට පක්ෂපාතී සටන්කාමීන් සඳහන් කර තිබිණි.

අෆ්රින් සහ අල්-බාබ් හි නැගෙනහිර ප්‍රදේශය අතර භූමිය සිරියානු හමුදාව සහ කුර්දි සටන්කාමීන්ගේ ඒකාබද්ධ පාලනය යටතේ පවතියි.එහි වැදගත් ස්ථානවල රුසියානු හමුදා පොලිසියේ ඒකක යොදවා තිබේ.අෆ්රින් හි තුර්කි ඉලක්ක වෙත කුර්දි සටන්කාමීන් එල්ල කරන සෑම සාර්ථක ප්‍රහාරයකින්ම පසුව මෙම පාලන ප්‍රදේශ දෙක වෙන කරන සීමාවේ සහ සිරියාවේ තුර්කි පාලන ප්‍රදේශයේ අවිනිශ්චිතභාවය වර්ධනය වේ.

 සිරියානු බුද්ධි අංශ නියෝජිතයෝ සිදු කල විශේෂ මෙහෙයුමකින් දකුණුදිග ඉඩ්ලිබ් හි ජබාල් අල්-අර්බෙයින් ප්‍රදේශයේ පිහිටා තිබූ සටන්කාමීන්ගේ අවි ගබඩාවක් පුපුරවා හැරි බව ටයිගර් බලකායන්ට සමීප මූලාශ්‍රයක් ජූලි 5දා හෙළි කලේය.

ජූලි මස 3දා සිදු කලේ යැ‍යි කියන මෙම මෙහෙයුමට අදාලා ඡායාරූප කිහිපයක් මුදා හැර තිබේ.ඒවා හි දැක්වෙන්නේ හුදකලා ගොඩනැගිල්ලකින් කළු පැහැ දුමාරයක් නැගෙන අයුරුය.



ජබාල් අල්-අර්බෙයින් හි පිපිරීම් කිහිපයක් සිදු වූ බව දින දෙකකට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් වාර්තා කර තිබිණි.කෙසේවෙතත්,ඔවුන් පසුව සඳහන් කර තිබුණු පරිදි පිපිරීම් රුසියානු සහ සිරියානු ගුවන් ප්‍රහාර නිසා හටගත් ඒවාය.

සිරියානු බුද්ධි අංශ ඉඩ්ලිබ් හි අතිශය ක්‍රියාකාරීය.හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම පාලනය කරනු ලබන මෙම ප්‍රදේශයෙහි පසුගිය මාස කිහිපය තුල බුද්ධි අංශවල මෙහෙයුම්කරුවන් දුසිම් ගණනක් අත් අඩංගුවට ගත් බව ඔවුන් පැවසීය.පසුගිය මාසයේදී මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සිවිල් වැසියන් හත් දෙනෙක් ඝාතනය කලේ ඔවුන් සිරියානු බුද්ධි අංශ සහ රුසියානු හමුදා වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා කරමින්ය.

අල්කයිඩාවට අනුබද්ධ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂයේ ඉහල පෙළේ අණදෙන නිලධාරීන් කිහිපදෙනෙක් වයඹදිග හමා හි සිරියානු අරාබි හමුදාවත් සමග සටන්කාමීනුත් වෙන් කරන ඉදිරි ආරක්ෂක වළලු නිරීක්ෂණය කිරීමේ සංචාරයක් සිදු කරන ලදි.ජූලි 2දා සිදු කල සංචාරයේ ඡායාරූප තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය විසින් නිකුත් කර තිබිණි.එම ඡායාරූපවල සටන්කාමී නායකයින්ගේ මුහුණු බොඳ කර තිබූණත් ඉහත කී කණ්ඩායමේ කැපී පෙනෙන අණදෙන නිලධාරීන් වන  අබු රිඩා අල්-තුර්කිස්තානි සහ ඉබ්‍රහීම් මන්සූර් එහි සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.




සිත්ගන්නා සුළු කරුණ වන්නේ ඔවුන්ගේ සංචාරය සිදු වන්නේ ෂීර් මුගර් හි තුර්කි හමුදා නිරීක්ෂණ මුරපොල ආසන්න ප්‍රදේශයේය.කෙසේවෙතත් යුද මුක්ත කලාප එකඟතාවයට අනුව නම් තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය සහ හයාට් ටරිර් අල්-ෂාම් ආදී අන්තවාදී කණ්ඩායම්, පාලන ප්‍රදේශ දෙක වෙන් කර සීමාවෙන් බැහැරව සිටිය යුතුය.කෙසේවෙතත් පෙනෙන හැටියට මෙම කණ්ඩායම් තුර්කි හමුදාවේ ආරක්ෂාව යටතේ යුද මුක්ත කලාපය තුල නිදහසේ සැරිසරයි.

ජූලි මස 3දා අෆ්රින් විමුක්ති බලකා විසින් අෆ්රින් සහ ඒ අවට ප්‍රදේශයේ තුර්කි ප්‍රොක්සි හමුදා ඉලක්ක කර ප්‍රහාර තුනක් සිදු කලහ.ඔවුන් නැගෙනහිර අෆ්රින් හි මරියා සහ ගල්බාෂ් යන නගරවලදී හම්සා සේනාංකය එලීට් ආමි නම් තුර්කි ප්‍රොක්සි හමුදා වලට අයත් ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරන ලදි.ප්‍රහාර සඳහා යුද ටැංකි නාශක මිසයිල සහ වාංගු නොවන රයිෆල් අවි භාවිතා කර තිබේ.එහිදී සටන්කාමීන් 5 දෙනෙක් මරණයට පත් විය.




කුර්දි සටන්කාමීන් තුන්වන ප්‍රහාරය එල්ල කලේ සුල්තාන් මුරාඩ් සේනාංකය නම් තුර්කි ප්‍රොක්සි හමුදාවට අයත් රථයක් ඉලක්ක කරගෙනයි.එම රථය ප්‍රහාරයට ලක් වන්නේ මෙයිඩන්කි සහ බීඑල්බ්ලා නගර අතරදීය.ප්‍රහාරයෙන් සටන්කාමීන් තිදෙනෙක් වත් මිය යන්නට ඇතැයි වාර්තාවේ.


අෆ්රින් විමුක්ති බලකා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර වලින් පෙනී යන්නේ අෆ්රින් හි ඔවුන්ගේ බලය ක්‍රමයෙන් වර්ධනය වන බවයි.මේ දක්වා සිය පාලන ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට තුර්කි හමුදාව සහ එහි ප්‍රොක්සි හමුදා සමත්ව නැත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 05 සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 05 Reviewed by HarshaLulzSec on July 06, 2019 Rating: 5

No comments:

Powered by Blogger.