සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 04

syrian-war-report-july-4-2019-dozens-militants-killed-in-airstrikes-on-greater-idlib

ජූලි මාසයේ තුන්වෙනිදා ඉරාකයේ මෝසූල් නගරාසන්නයෙන් දිවෙන කිර්කුක්-සිහන් තෙල් නල මාර්ගයේ කොටසක් ඉලක්ක කරගෙන පිපිරවීම් හයක් සිදු විය.දිනකට තෙල් බැරල් ලක්ෂ දහසයක් පමණ පොම්ප කිරීමේ හැකියාව සහිත කි.මී.970 ක දිගකින් යුක්ත මෙම නල මාර්ගයේ මහා ගින්න ඇති වන්නට හේතු වූයේ දේශීයව නිෂ්පාදනය කල බෝම්බ පිපිරවීම නිසාය.ඉරාක පාර්ශ්වය සඳහන් කරන්නේ කෙටි කාලයක් තුල ගින්න හට ගත් බවයි.

 මාසයක් තුල ඉරාකයේ තෙල් ආශ්‍රිත පහසුකම් ඉලක්ක කර ගෙන එල්ල වූ දෙවන ප්‍රහාරය මෙයයි.ඛනිජ තෙල් සමාගම් අතර දැවැන්තයින් වන ඇමෙරිකානු එක්සන්මොබිල්,රෝයල් ඩච් සෙල් සහ ඉතාලි Eni SpA සමාගම් වල මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටි බටහිර බස්රා සහ බර්ජෙසියා ජනාවාසය වෙත ජූනි මාසයේදී රොකට් ප්‍රහාරයක් එල්ල විය.ඉන්පසුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වහාම එහි වරදකරුවා බවට පත් කලේ ඉරානීය ප්‍රොක්සි හමුදාවන්ය.නමුත් එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සපයන්නට ඔවුන් සමත්ය.

සිරියානු සහ රුසියානු ගුවන් හමුදා ඉඩ්ලිබ් අවට කාන් ෂෙයිකුන්,හොබිට්,මඩායා ආදී නගරවලට එල්ල කල ප්‍රහාරවලින් හයාට් ටරිර් අල්-ෂාම්,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ තුර්කිස්තාන ඉස්ලාමීය පක්ෂය ත්‍රස්තවාදී කණ්ඩායම්වල සාමාජිකයෝ 50 දෙනෙක් පමණ මිය යන්නට ඇතැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.


ඊට සමගාමීව අල්කයිඩාවට සම්බන්ධ "වා හරිඩ් අල්-මුමිනින්" මෙහෙයුම් මැදිරියේ ඒකක උතුරු හමා හි අල්-මාෂරි ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ප්‍රහාරයක් දියත් කලහ.සටන්කාමීන්ට අනුව ප්‍රහාරයක් සිරියානු සෙබලුන් හත් දෙනෙක් මිය ගියහ.ඊට අමතරව අසිසියා සහ අල්-රාසිෆ් ජනාවාස වලට සටන්කාමීන් එල්ල කල කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් ළමුන් දෙදෙනෙක් මරණයට පත් වූහ.

අල්-සුවයිඩා නගර මධ්‍යයේදී මෝටර් සයිකලයක අටවා තිබූ බෝම්බයක් ජූලි මස 3දා පස්වරුවේ පිපිරී ගියේය.පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසූ පරිදි සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් හත්දෙනෙක් තුවාල ලබා ඇත.


මේ දක්වා ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් භාර ගෙන නොමැත.කෙසේවෙතත්,ප්‍රධාන සැකකරුවා වන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයයි.ඩැමැස්කස් කාන්තාරයේ උතුරු අල්-සුවයිඩා හි එම සංවිධානයේ රහස් තිප්පොලවල් අතිශය ක්‍රියාකාරීය.ඇමෙරිකානු පාලනය යටතේ තිබෙන අල්-ටන්ෆ් ප්‍රදේශයේ සැඟවී සිටීමට ත්‍රස්තවාදීන්ට ඇති හැකියාව නිසා මෙම කාන්තාර ප්‍රදේශයේ කොතරම් මෙහෙයුම් සිදු කලත් ත්‍රස්තවාදී තර්ජනය මුලිනුපුටා දැමීම අසීරුය.එහි සිටින ඇමෙරිකානු හමුදා ත්‍රස්තවාදී මර්ධනය කරනවාට වඩා තම ප්‍රදේශයට ඇතුල් වන සිරියානු රජයට පක්ෂපාතී කණ්ඩායම් වලට පහරදීමට මනා සූදානමකින් පසුවේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 04 සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 04 Reviewed by HarshaLulzSec on July 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.