ඉරාක-සිරියා දේශසීමාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම

ඔපරේෂන් විල් ඔෆ් වික්ටරි යන කේත නාමය යටතේ ඉරාකයේ බටහිර කොටසේ ඉතිරිව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන්නට ඉරාක හමුදාව සහ PMU ඒකක ක්‍රියා කලහ.ඒකාබද්ධ ඉරාක මෙහෙයුම්වල නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජෙනරල් අබ්දුල් අමිර් යර් අල්ලාහ් ජූලි 7 දා මෙහෙයුම සම්බන්ධව තොරතුරු අනාවරණය කලේය.

විල් ඔෆ් වික්ටරි මෙහෙයුම හරහා  සලහුඩින්,නිනෙවෙහ් සහ ඇන්බාර් අතර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කෙරේ.ඒ සඳහා ඉරාක හමුදාවේ ඒකක,PMU ඒකක සහ ගෝත්‍රික සටන්කාමීන් සහභාගී වන බව හෙතෙම පැවසීය.

ට්විටර් වෙබ් අඩවිය හරහා මෙම මෙහෙයුමට ප්‍රශංසා කල ඉරාක අගමැත් අඩිල් අබ්දුල්-මාඩි සඳහන් කර තිබුණේ එමගින් ඉතිරිව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අවසන් කර ඉරාක හමුදා තීරණාත්මක ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි කියාය.

මෙහෙයුම ආරම්භ කර පැය කිහිපයකට පසුව PMU ඒකකයන්හි මාධ්‍ය අංශය නිවේදනය කල පරිදි නිනෙවෙහ්  හි දකුණු  බාජ් ප්‍රදේශයේ පිහිටා තිබූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟවී සිටි ස්ථානයක් සහ හමුදා කඳවුරක් විනාශ කර තිබේ.

2019 වර්ෂය තුල ඉරාක හමුදා දියත් කල විශාලතම ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලින් එකක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.මීට පෙර සිදු කල මෙහෙයුම්වලින් එරට බටහිර කොටසේ සිරියානු මායිමේ ආරක්ෂාව සුවිශේෂී ලෙස වර්ධනය විය.






ඉරාක හමුදාවල දේශසීමා ආරක්ෂක මෙහෙයුමට සමගාමීව සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා තමන්ගේම සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.සිරියාවේ ගිනිකොණදිග දේශසීමාවේ අල්-බුකමල් නගරය ආසන්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල්වල් විනාශ කිරීම සිරියානු හමුදාවල අරමුණයි.


රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා නැවත වරක් කාන්තාරයේ එක් කොටසක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල්වල් අතුගා දැමීමට උත්සාහ කරමින් සිටිති.මෙමගින් යුප්‍රටීස් ගංගාව අද්දර සිය ඉදිරි ආරක්ෂක වළලුවලට අමතර ආරක්ෂාවක් සලසා ගැනීමට රජයේ හමුදාවන්ට ඉඩ ලැබේ.කෙසේවෙතත් මෙවැනි සීමා සහිත මෙහෙයුම් ඔස්සේ කාන්තාරයේ තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල්වලින් එල්ල වන තර්ජනය අවසන් කරන්නට ඉඩ ලැබේවි යැ‍යි සිතිය නොහැකිය.ඊට ප්‍රධාන හේතුව වන්නේ සිරියාවේ ගිනිකොණදිග කාන්තාර ප්‍රදේශය තුල ත්‍රස්තවාදීන්ට නිදහසේ සැරිසරන්නට ඉඩ ලැබී තිබීමයි.විශේෂයෙන් ඇමෙරිකානු ආධිපත්‍යය යටතේ තිබෙන අල්-ටන්ෆ් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ට ක්ෂේම භූමියකි.

ඉරාකයේ ඒකක ජූලි මස 7 වනදා ආරම්භ කල "විල් ඔෆ් වික්ටරි" මෙහෙයුම මගින් මේ දක්වා දුසිම් ගණනක් ගම්මානවල ආරක්ෂාව තහවුරු කිරීමටත් ත්‍රස්තවාදීන්ගේ රහස් තිප්පොල්වල් කිහිපයක් විනාශ කිරීමටත් හැකියාව ලැබිණි.වාර්තා වන පරිදි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ටද හානි සිදුවී ඇත.ප්‍රශ්නය වන්නේ ඉරාකයේ බොහොමයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප්පොල්වල් තිබෙන්නේ එරට උතුරු කොටසේ නාගරික ප්‍රදේශයන් හි වීමයි.








source:southfront.org


ඉරාක-සිරියා දේශසීමාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම ඉරාක-සිරියා දේශසීමාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම Reviewed by HarshaLulzSec on July 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.