විශ්‍රාම නොගිය සෝවියට් යුගයේ ගුවන් යානා නාශක අවි

soviet_era_antiaircraft_weapons_still_used_in_local_conflicts

හවුති සටන්කාමීන් යේමනයට ඉහළ අහසේදී MQ-9 රීපර් ඩ්‍රෝන් යානයක් බිමේ හෙළීම පුවත සිරස්තලයක් නොවුවද සතුරු ඩ්‍රෝන් යානා බිම හෙළීමට තමන් සතු හැකියාව ඔවුන් අවස්ථා ගණනාවකදී පෙන්වා තිබේ.මැයි මාසයේදී ඔවුන් MQ-1 ප්‍රඩේටර් ඩ්‍රෝන් යානයක් බිම හෙළු අතර සෞදි අරාබිය චීනයෙන් මිලදී ගත් වින්ග් ලූන්ග් ඩ්‍රෝන් යානා වලින් එකක් අප්‍රේල් මාසයේදී වෙඩි තබා බිම හෙළීය.හවුති සටන්කාමීන් ෆයිටර් ජෙට් යානා පවා බිම හෙළු බව වාර්තා වේ.

එක්සත් ජනපදය සතු වඩාත් බලවත්ම සංග්‍රාමික ඩ්‍රෝන් යානය බිම හෙළු බව පිළිගැනීමටත්,එම සිදුවීම අනාවරණය කිරීමටත් මෙවර ඇමෙරිකාව ක්‍රියා කලේය.හවුති සටන්කාමීන් ක්‍රියාත්මක කලේ පැරණි සෝවියට් කබ්(නේටෝ නාමය SA-6 ගෙයින්ෆුල්) නම් ගුවන් යානා නාශක අවියයි.නූතන ඩ්‍රෝන් යානා සමග සටන් කිරීමට ඒවා සමත්ද යන ප්‍රශ්නයට එය මවිත කරන සුළු පිළිතුරක් දුන්නේය.ඊට පෙර හවුති සටන්කාමීන් වැඩි දියුණු කල ගුවන්-ගුවන් මිසයිල සහ ජංගම තනි මිනිසෙකුට භාවිතා කල හැකි ගුවන් යානා නාශක අවි භාවිතා කලහ.කෙසේවෙතත් පැරණි කබ් මිසයිල පද්ධතිය වෙනස් අවියකි.මේ සම්බන්ධව ඇමෙරිකානු හමුදාවේ අවධානයද යොමුව තිබෙන්නේ එමගින් හවුති සටන්කාමීන්ගේ ගුවන් ආරක්ෂක ජාලයේ පරාසයද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑම නිසාය.ඝන ඉන්ධන කබ් මිසයිල යනු බරපතල අවියකි.කෙටි-දුර නියතාර්ථ අවිවලින් සන්නද්ධ අරාබි සන්ධානයේ ගුවන් නියමුවන්ට මෙමගින් තවදුරටත් සුරක්ෂිතභාවයක් නොදැනෙනු ඇත.

යේමන සටන්කාමීන් සතු SA-6 ගෙයින්ෆුල් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්

වසර කිහිපයකට පෙර කෙටි දුර ජංගම ගුවන් ආරක්ෂාවක් අවශ්‍යද යන්න ප්‍රශ්නයක් විය.නූතන ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා ගුවන් ආරක්ෂක කලාපයට ඇතුල් නොවිය යුතුය.කෙසේවෙතත් සංග්‍රාමික ඩ්‍රෝන් යානා කෙටි දුර ගුවන ආරක්ෂාවට අලුත් ජීවයක් දුන්නේය.හවුති සටන්කාමීන් සිය කෙටි දුර ගුවන් ආරක්ෂක පද්ධති ,ඩ්‍රෝන් යානා බිම හෙළීමට භාවිතා කරයි.නැගෙනහිර යුක්‍රේනයේ අර්බුදයේදී ස්ට්‍රෙලා-10(නේටෝ නාමය SA-13 ගොපර්) සහ ඕසා-එම්(නේටෝ නාමය SA-8 ගෙකෝ)යන ජංගම ගුවන් ආරක්ෂක අවි යොදාගෙන ගන්නේ ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා දඩයම් කිරීමටයි.

රුසියාවේ ස්ට්‍රෙලා-10 මිසයිල පද්ධතියක්

ත්‍රස්තවාදීන් සිරියාවේ මෙයිමිම් රුසියානු ගුවන් හමුදා කඳවුරට නිරන්තරයෙන් ඩ්‍රෝන් යානා යොදාගෙන ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග කෙටි දුර මිසයිල පද්ධති එහි ස්ථානගත කිරීම අත්‍යාවශ්‍ය විය.ත්‍රස්තවාදීන් දේශීයව නිෂ්පාදනය කල කුඩා ඩ්‍රෝන් යානාවලට එරෙහිව ක්‍රියාත්මක වීමේදී එස්-400(නේටෝ නාමය SA-21 ග්‍රව්ලර්) සහ පැන්ට්සියර්- එස්1(නේටෝ නාමය SA-22 ග්‍රව්ලර්) පද්ධති නොසෑහිණි.ත්‍රස්තවාදීන් එය ඩැමැස්කස් ආසන්නයේදී ප්‍රදර්ශනය කලහ.ඔවුන් පැරණි සෝවියට් ඕසා මිසයිල පද්ධති දෙකක් සිය භාරයට ගෙන වසර කිහිපයක් තිස්සේ සිරියානු ගුවන් හමුදාවේ ගුවන් යානා සාර්ථකව දඩයම් කරන ලදි.මිසයිල යොදාගෙන හෙලිකොප්ටර් යානා තුනක් බිම හෙළන්නටත්,තවත් යානා තුනකට හානි කරන්නට ඔවුන් සමත් විය.


රුසියාව නවතම ගුවන් ආරක්ෂක අවි සැලසුම් කරන්නට සහ අපනයනය කරන්නට අවධානය යොමු කර සිටියදී අනෙක් රටවල් පැරණි සෝවියට් පද්ධති භාවිතා කරමින් කරයි.බෙලරුසියාව සහ යුක්‍රේනය ,රුසියාවේ ප්‍රධානතම තරඟකරුවන්ය.ඔවුන් යල්පැන ගිය එස්-75 සහ එස්-125 ගුවන් යානා නාශක අවි නවීකරණය කිරීමටත්,අපනයනය කිරීමට ක්‍රියා කරයි.උතුරු කොරියාව සහ ඉරානය වැනි විදෙස් අවි මිලදී ගැනීමේ තහනමට ලක්වී සිටින රටවල් ඔවුන් සතු සෝවියට් අවි වැඩි දියුණු කර භාවිතා කරයි.

සෝවියට් දේශය බිද වැටී දශක ගණනාවක් ගත වී තිබුණත් එරටේ නිෂ්පාදිත ජංගම ගුවන් ආරක්ෂක පද්ධතිවලට තාක්ෂණිකව සංවර්ධනය නොවූ රටවලින් ඉල්ලුමක් තිබේ.දෘඪාංග වල තත්ත්වය පැරණි වුවත් තවමත් තමන්ට පැවරුණු කාර්යය ඉටු කිරීමේ හැකියාව ඒවා සතුය.

"සොස්නා" මිසයිල පද්ධතිය - ආමි 2019 ප්‍රදර්ශනය භූමියේ

රුසියාව ඔවුන්ගේ ජංගම කෙටි දුර ගුවන් ආරක්ෂක අවි වැඩි දියුණු කිරීම ආරම්භ කර තිබේ.BMP-3 චැසිය මත පදනම් වූ අලුත් "සොස්නා" මිසයිල පද්ධතිය,ආක්ටික් ටෝර්-එම්2 ඩී ටී,ඕසා සහ ස්ට්‍රෙලා අවි පද්ධති නවීකරණ ව්‍යාපෘති මෙන්ම වැඩි දියුණු කල Buk මිසයිල පද්ධතියද මෙවර ආමි-2019 ප්‍රදර්ශනයට එක් කර තිබිණි.මෙවැනි ගුවන් ආරක්ෂාවක් අමතක කර මිලාධික දිගු දුර අවි සම්බන්ධව පමණක් අවධානය යොමු කිරීම සාධාරණ නැත.කෙටි දුර මිසයිල යුද්ධයේදී භූමිකාවක් නිරූපණය කරන සේම අපනයනය සඳහා විභවයක්ද තිබේ.




source:armyrecognition.com

විශ්‍රාම නොගිය සෝවියට් යුගයේ ගුවන් යානා නාශක අවි විශ්‍රාම නොගිය සෝවියට් යුගයේ ගුවන් යානා නාශක අවි Reviewed by HarshaLulzSec on July 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.