චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:හවුති ප්‍රහාරවලින් සෞදියේ ජිසන් ගුවන්තොටුපොලට සිදුවූ හානිය


2019 වර්ෂයේ මැයි 18-ජූලි 04 යන කාල පරාසය තුල සෞදි අරාබියේ දකුණු දිග ප්‍රදේශයේ ජිසන් අන්තර්ජාතික ගුවන් තොටුපොලට එල්ල වූ හවුති ඩ්‍රෝන් ප්‍රහාර නිසා සිදු වූ හානි පෙන්වන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් Observer IL නමින් ට්විටර් වෙබ් අඩවියේ පෙනී සිටින ඊශ්‍රායල ආරක්ෂක නිරීක්ෂකයා විසින් මුදා හැර තිබිණි.

හවුති ප්‍රහාරයකින් හානියට පත් වූ ජිසන් ගුවන් තොටුපොලේ දකුණු කොටසේ පිහිටි ඩ්‍රෝන් යානා නවතා තබන ගොඩනැගිල්ලක් සහ පාලන මධ්‍යස්ථානයක් එම ඡායාරූපවල ගත හැකිය.ගුවන් තොටුපොලේ නිරිතදිග කොටසේ පිහිටා ඇති විශාල ගොඩනැගිල්ලක් දෙවන ප්‍රහාරයෙන් සම්පුර්ණයෙන්ම විනාශ විය.

ජිසන් ගුවන් තොටුපොලට හවුති සටන්කාමීන්ගේ අලුත්ම ප්‍රහාරය එල්ල වූයේ ජූලි මස 6 දා පස්වරුවේය. ප්‍රහාරය සාර්ථක යැ‍යි සටන්කාමීන් පැවසීය.කෙසේවෙතත්,සෞදිය ප්‍රමුඛ සන්ධානය කියා සිටියේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා සියල්ල ගුවන් තොටුපොලට කඩා වදින්නට පෙර සාර්ථක බිම හෙළු බවයි.

ඉරානයේ අබාබිල්-2 ඩ්‍රෝන් යානයේ පිටපතක් වන කාසෙෆ්-2කේ නම් ඩ්‍රෝන් යානා මාදිලිය මෙවැනි ප්‍රහාර සඳහා නිරන්තරයෙන් භාවිතා කෙරේ.මෙම ඩ්‍රෝන් යානා අධි බල පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත අවි ශීර්ෂයක් සහිතය.ඒවා සිය ඉලක්කයට මීටර් 20ක් පමණ ඉහළින් පිපිරී යන බව සඳහන් වේ.

අලුත්ම චන්ද්‍රිකා ඡායාරූපවලින් කාසෙෆ්-2කේ ඩ්‍රෝන් යානා වල ඵලදායිතාවය මනාව තහවුරු කරයි.සෞදි අරාබියේ නජ්රන් ගුවන් තොටුපොලේ හෙලිකොප්ටර් යානයක් ඩ්‍රෝන් ප්‍රහාරයකින් විනාශ වී තිබෙන අයුරු පසුගිය මාසයේදී ඊශ්‍රායල ආරක්ෂක නිරීක්ෂකයා විසින් නිකුත් කල ඡායාරූපවලින් අනාවරණය විය.




source:southfront.org


චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:හවුති ප්‍රහාරවලින් සෞදියේ ජිසන් ගුවන්තොටුපොලට සිදුවූ හානිය චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:හවුති ප්‍රහාරවලින් සෞදියේ ජිසන් ගුවන්තොටුපොලට සිදුවූ හානිය Reviewed by HarshaLulzSec on July 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.