ඡායාරූප වාර්තාව:හවුති සටන්කාමීන්ගේ දුරස්ථ පාලක මරාගෙන මැරෙන බෝට්ටුව

හවුති සටන්කාමීන් දුරස්ථව පාලනය කරන මරාගෙන මැරෙන බෝට්ටුවක් යොදාගෙන වාණිජ නෞකාවකට පහර දීමට දැරූ උත්සාහයක් සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ හමුද විසින් වැළැක්වූයේ ‍යැයි එම සන්ධානයේ නිල ප්‍රකාශක තුර්කි අල්-මල්කි ජූලි මස 8 වෙනදා පැවසීය.

මිනිසුන් රහිත බෝට්ටුව යාත්‍රා කරමින් සිටියදී එය දුටු සන්ධාන හමුදා අතරමගදී බෝට්ටුව විනාශ කලේය.මෙම සිදුවීම ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි හෙතෙම සඳහන් කලේය.

යේමනයේ නීත්‍යානුකූලබාවය ප්‍රතිස්ථාපනය සඳහා සහාය දෙන සන්ධානය තමන් යැ‍යි සෞදිය ප්‍රමුඛ සන්ධානය පවසයි.මැදපෙරදිග සිය ආක්‍රමණශීලී ක්‍රියාවන් සාධාරණීකරණය සඳහා "ප්‍රජාතන්ත්‍රවාදය","නීත්‍යානුකූලබාවය" සහ "මාධ්‍ය නිදහස" යන යෙදුම් භාවිතා කරන එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන තම මිත්‍ර රාජ්‍යයන්ගෙන් සමහරක් පාඩම් සෞදි නායකත්වය ඉගෙන ගෙන ඇත.සෞදි අරාබියේ ඊළඟ පියවර වශයෙන් පවසන්නේ තම රට යේමනය ආක්‍රමණය කලේ එහි ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමට කියාය.

හවුති සටන්කාමීන් භාවිතා කලේ යැ‍යි කියන මරාගෙන මැරෙන බෝට්ටුවේ ඡායාරූප සෞදි මූලාශ්‍ර විසින් නිකුත් කර තිබේ.

in-photos-houthis-remote-control-explosive-boat



හවුති සටන්කාමීන්ගේ ක්‍රියා ත්‍රස්තවාදයට සම්බන්ධ කරන්නට සෞදිය ප්‍රමුඛ සන්ධානය දැඩී උත්සාහයක් ගනියි.නමුත් හවුති පාර්ශ්වය පවසන්නේ යේමනයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය කල සෞදි බෝම්බ හෙළීමේ ව්‍යාපාරයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ගේ හමුදාමය සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවයි.




source:southfront.org


ඡායාරූප වාර්තාව:හවුති සටන්කාමීන්ගේ දුරස්ථ පාලක මරාගෙන මැරෙන බෝට්ටුව ඡායාරූප වාර්තාව:හවුති සටන්කාමීන්ගේ දුරස්ථ පාලක මරාගෙන මැරෙන බෝට්ටුව Reviewed by HarshaLulzSec on July 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.