"සාතන්" අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයේ ඉරණම කුමක්වේවිද?

This-is-How-Russia-May-Soon-Use-Its-Retired-Satan-ICBM

1970 දශකයේ පටන් ආර්-36 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සහ එහි ව්‍යුත්පන්නයන් රුසියානු මිසයිල බලකාහි කොදුනාරටිය ලෙස සේවය කලහ.සීතල යුද්ධයේ අවසානයත් සමග අවි හරණ ගිවිසුම් වලට අනුව මිසයිල සංචිතය ක්‍රම ක්‍රමයෙන් අඩු විය.ඉදිරි වර්ෂයන්හි,ආර්-36 මිසයිලය සම්පුර්ණයෙන්ම විශ්‍රාම යවා එම ස්ථානය නවතම ආර් එස්-28 සර්මාට් මිසයිලයට පවරන්නට මොස්කව් රජය සැලසුම් කර තිබේ.

රුසියාව සතු ආර්-36එම්2 වොයෙවොඩා මිසයිල සංචිතය(නේටෝ නාමය එස් එස්-18 සතන්) සිවිල් භාවිතාව සඳහා පරිවර්තනය කරනු ඇතැයි  රොස්කොස්මොස් රාජ්‍ය සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරල් ඩිමිත්‍රි රොගසන් නිවේදනය කලේය.

"කුඩා අභ්‍යාවකාශ යානා සිවිල් කක්ෂයන් වෙත යැවීම සඳහා ආර්-36 මිසයිල පහසුවෙන් වෙනස් කිරීමට අපිට පුලුවන්.මෙම ප්‍රශ්නය දැනට සාකච්ඡා වෙමින් තිබෙනවා.සංග්‍රාමික රාජකාරියෙන් ඉවත් කරන සියලුම මිසයිල බැහැර කිරීම සඳහා මෙම ක්‍රමය සුදුසුය." යැ‍යි ඩිමිත්‍ර රොගසන් පැවසීය.

රොස්කොස්මොස් රාජ්‍ය සංස්ථාවේ ප්‍රධානියාට අනුව මෙතැන් පටන් වසර දෙකක් ඉදිරියට කාලය තුල සර්මාට් නම් නවතම උපායමාර්ගික මිසයිලය ඇතුලුව රුසියාවේ නවතම මිසයිල පද්ධති හරහා ආර්-36 මිසයිලය ප්‍රතිස්ථාපනය කරනු ඇත.ඔහු මේ බව පැවසුවේ ජූලි මස 6 වනදා  ක්‍රස්නොයාර්ස්ක් යන්ත්‍ර ඉදිකිරීම් කර්මාන්තශාලා සංකීර්ණයේ සිදු කල සංචාරයක් අතරතුරයි.

ආර්-36එම්2 වොයෙවොඩා මිසයිලයක්

විශ්‍රාම යවන මිසයිලවල ප්‍රතිචක්‍රීකරණය සඳහා මෙම සුවිශේෂී ක්‍රමය යෝජනා කල ප්‍රථම වතාව මෙය නොවේ.පෘථිවියට තර්ජනයක් වෙමින් ළඟාවන ග්‍රාහක වලට එරෙහිව මෙම මිසයිල වෙනස් කර භාවිතා කල හැකි යැයි මීට පෙර රුසියානු මිසයිල ඉංජිනේරුවන් යෝජනා කර තිබිණි.මිසයිල හඩ්‍රසීන් පදනම් කරගත් ඉන්ධනවලින් සමන්විත වන නිසා කුඩා අභ්‍යාවකාශ වස්තූන් සමග සටන් කිරීමට වඩාත් සුදුසු යැ‍යි සඳහන් වේ.


චන්ද්‍රිකා සහ අනෙකුත් කුඩා අභ්‍යාවකාශ යානා කක්ෂය වෙත ගෙන යාම සඳහා විශ්‍රාම යැවූ අවි භාවිතා කල හැකි යැ‍යි රුසියානු අභ්‍යාවකාශ ආයතනයේ මූලාශ්‍රයක් 2018 වර්ෂයේදී පවසා තිබේ.මේ කර්තව්‍යය සඳහා ටොපොල් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයද සලකා බලන බව කියවේ.

ටොපොල් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට කිලෝග්‍රෑම් 3,200ක් බර දෑ ගෙන යන්නට මෙන්ම,කිලෝ ග්‍රෑම් 4,500ක් දක්වා බර චන්ද්‍රිකා කක්ෂ ගත කිරීම සඳහා පරිවර්තනය කල ආර්-36 මිසයිලය ඩ්නැපර් රොකට් පද්ධතිය සමග සාර්ථක යොදා ගන්නට රුසියාව සහ යුක්‍රේනය සමත් විය.1999-2015 අතර කාලයේදී මෙම පද්ධතිය වාර 22කදී දියත් කල අතර ඉන් අවස්ථා 21ක්ම සාර්ථක වූයේය.එහිදී රටවල් 20කට අයත් අභ්‍යාවකාශ යානා 140ක් කක්ෂ ගත කරන ලදි.


2014 පෙබරවාරි කුමන්ත්‍රණය නිසා රුසියානු-යුක්‍රේන සබදතා බිද වැටෙන අතර මැද කසක්ස්තානයේ බයිකොනුර් හිදී සිදු කෙරුණු දියත් කිරීම් 2015 මාර්තු මාසයේදී සම්පූර්ණයෙන්ම නවතා දැමීය.ඩ්නැපර් වැඩසටහන යටතේ මිසයිල 150ක් තිබිණි.වැඩසටහන අවලංගු කිරීමෙන් පසුව මිසයිල 100කට වැඩි ගණනක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඉතිරිව තිබෙනවා.




source:sputniknews.com


"සාතන්" අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයේ ඉරණම කුමක්වේවිද? "සාතන්" අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයේ ඉරණම කුමක්වේවිද? Reviewed by HarshaLulzSec on July 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.