රුසියානු දැවැන්තයා:ලොව විශාලතම හෙලිකොප්ටරය ක්‍රියා කරන අයුරු

How-the-largest-helicopter-in-the-world-operates

මිල් සැලසුම් කාර්යාංශයේ නිෂ්පාදනයක් වන Mi-26 හෙලිකොප්ටරය වාර්තා පිහිටවූ යානයකි.එහි පූර්ණ සන්නද්ධ සෙබලුන් 82ක් දක්වා හෝ ටොන් 20 දක්වා බර භාණ්ඩ රැගෙන යා හැකිය.භාණ්ඩ යානය තුල හෝ පිටතින් එල්ලාගෙන යාමට පුළුවනි.භාණ්ඩ ප්‍රවාහනය,සෙබලුන් ඉවත් කර ගැනීම,ගිනි නිවීම් ආදී කටයුතු සඳහා හෙලිකොප්ටරය භාවිතා කෙරේ.


තට්ටු තුනක ගොඩනැගිල්ලක් තරම් උස මෙම දැවැන්ත හෙලිකොප්ටරයේ ඇතුලත කෙසේදැයි බලමු.


ස්කොල් යනු උතුරු සයිබීරියාවේ ක්‍රියාත්මක ප්‍රධාන ගුවන් සේවා වලින් එකකි.එහි ගුවන් යානා බල ඇණියේ යානා 37ක් තිබෙන අතර ඊට Mi-26 හෙලිකොප්ටර් යානා ඇතුලත්ය.





පියාසැරියකට ප්‍රථමයෙන් ගුවන් ඉන්ජිනේරුවන් හය දෙනෙක් හෙලිකොප්ටර් යානයේ තාක්ෂණික තත්ත්වය පරීක්ෂා කර එන්ජිම පණ ගන්වා බලයි.එන්ජිම සාමාන්‍යයෙන්  පැයක පමණ කාලයක් ක්‍රියාත්මක කර තිබෙන අතර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක ඝෘණ 30 වඩා පහල නම් එන්ජිම උණුසුම් කිරීම සඳහා පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවේ.





තම බරට සමාන භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන කි.මී. 800ක පමණ දුරක් පියාසර කල හැකි ගුවන් යානා අතලොස්සෙන් එකක් ලෙස Mi-26 හෙලිකොප්ටර් යානය හැඳින්වේ.





Mi-26 යානයක් සහ බොයින්-737 ගුවන් යානයක් එකට තැබූ විට හෙලිකොප්ටරය දිගින් වැඩි බව ඔබට පෙනේවි.





ඊට ගෙන යා හැකි සුවිශේෂී බර ප්‍රමාණය නිසා මෙම වර්ගයේ හෙලිකොප්ටර් රුසියාව සහ විදේශයන්හි ජනප්‍රියත්වයට පත්ව තිබේ.





රුසියාව යනු ප්‍රධාන පෙළේ තෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදකයෙකි.මෙම ඉන්ධන සංචිතවලින් බහුතරය උතුරු සර්බියාව වැනි දුරබැහැර ප්‍රදේශවල පිහිටා ඇත.එම ප්‍රදේශවල ජනාවාස හෝ ඒවාට ලගා විය හැකි සැතපුම් ගණන් දීර්ඝ මාර්ගද නොමැත.එවැනි ප්‍රදේශවලට විශාල භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යා හැක්කේ මෙවැනි හෙලිකොප්ටරයකිනි.





මෙම හෙලිකොප්ටරයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී පැනවෙන ප්‍රධාන නීතිය වන්නේ ජනාවාස මග හැර පියාසර කිරිමයි.එමගින් ගමනට අමතර සැතපුම් ගණනක් එකතුවේ.





මෙම හෙලිකොප්ටරය සතුව එන්ජින් දෙකක් තිබෙන අතර එකක් අශ්ව බල 11,400 බලයක් උත්පාදනය කරයි.ඒවා පැයකට තෙල් ටොන් තුනක් පරිභෝජනය කරන බව සඳහන් වේ.





source:rbth.com


රුසියානු දැවැන්තයා:ලොව විශාලතම හෙලිකොප්ටරය ක්‍රියා කරන අයුරු රුසියානු දැවැන්තයා:ලොව විශාලතම හෙලිකොප්ටරය ක්‍රියා කරන අයුරු Reviewed by HarshaLulzSec on July 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.