යුද ප්‍රවර්ධන ප්‍රචාරණය සහ ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ගොඩනැංවීම්

war-propaganda-and-us-military-buildup-against-iran

පර්සියානු බොක්ක ආශ්‍රිත වාතාවරණය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබේ.

මැයි මාසයේ මුල් භාගයේදී එක්සත් ජනපදය යූ එස් එස් ඒබ්‍රහම් ලින්කන් නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායම මෙන්ම යූ එස් එස් ආර්ලින්ග්ටන් උභයචර ප්‍රවාහන නෞකාව,අමතර මැරීන් භටයින් ,උභයචර සන්නාහ සන්නද්ධ රථ,හෙලිකොප්ටර් යානා,පේට්‍රියට් මිසයිල පද්ධති සහ බෝම්බ හෙළන යානා කණ්ඩායමක් මැදපෙරදිගට යැවීමට කටයුතු කලේ,එම කලාපයේ ඇමෙරිකානු සෙබලුන්ට සහ යටිතල ව්‍යුහයන්ට පහරදීමට සූදානම් වන්නේ යැ‍යි චෝදනා ලැබූ ඉරානය අධෛර්යමත් කිරීම සඳහාය.


විය හැකිව තිබූ ඉරානීය ප්‍රහාර වළක්වා ගෙන අරමුණ ඉෂ්ඨ කරගන්නට එක්සත් ජනපදය සමත් වූ බව වැඩ බලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහන් මැයි 21දා ප්‍රකාශ කලේය.මිත්‍යාමය "ඉරාන තර්ජන" වලට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශය කිරීමෙන් කලාපය තුල එක්සත් ජනපද හමුදා ගොඩනැංවීම් අවසන් වූයේ නැත.

පර්සියානු බොක්ක දෙසට යෑම සඳහා යූ එස් එස් ආර්ලින්ග්ටන් නෞකාව සූවස් ඇල හරහා යාත්‍රා කරන අයුරු,2019 ජූනි 01.

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා එක්සත් ජනපදය සෙබලුන් 1,500,ෆයිටර් ජෙට් යානා 12ක්,ඩ්‍රෝන් යානා හා ඔත්තු බැලීමේ යානා සහ හමුදා ඉන්ජිනේරුවන් යවන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි 25දා පැවසීය.

යූ එස් එස් ආර්ලින්ග්ටන් නෞකාව

ඊට අමතරව නීතියේ හිඩැසක් භාවිතා කරමින් ඇ.ඩො.බිලියන 8 වටිනා නියතාර්ථ නියාමක මිසයිල සහ අනෙකුත් යුදමය සහාය සෞදි අරාබියට ලබා දීම අනුමත කරන්නට ට්‍රම්ප් ක්‍රියා කලේය.කොංග්‍රසයේ තීරණය මඟ හැර යෑමට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කල ට්‍රම්ප් පරිපාලනය,ඉරානයේ "දුෂ්ඨ බලපෑම" මැඩපැවැත්වීමට අවශ්‍ය යැයි කීය.

හමුදා යෙදවීමත් සමග අලුත් වටයක ත්‍රාසය අලෙවි කරන ප්‍රචාරණ ව්‍යාපාරයක්ද දියත් කෙරිණි.




අරැම්කෝ සෞදි තෙල් නළ මාර්ග,පොම්පාගාර පහසුකම් ඉලක්ක කිරීම,නොබෝදා හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසනන්යේදී තෙල් නෞකාවලට එල්ල වූ කඩාකප්පල්කාරී ප්‍රහාර,මෙන්ම මැයි 19දා බැග්බෑඩ් හි ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල සිදුවූ රොකට් ප්‍රහාරය ආදී කඩාකප්පල්කාරී ප්‍රහාර වලට නියෝග දීමේදී ඉරානය නායකත්වය ඉහළින්ම සිටින බව මැයි 24දා ඒකාබද්ධ මාණ්ඩලික අධ්‍යක්ෂක  අද්මිරාල්  මයිකල් ගිල්ඩි නිකුත් කල නිවේදනයක සඳහන් විය.ඉරාන ප්‍රොක්සි හමුදා කණ්ඩායම් මැදපෙරදිග කලාපයේ සිටින ඇමෙරිකානු සෙබලුන්ට පහරදීමේ චේතනාවෙන් පසුවන බවට විශ්වාසනීය වාර්තා ලැබී තිබේ යැ‍යි ඔහු දිගින් දිගටම සඳහන් කලේය.මෙම චෝදනා සනාථ කිරීමට අවශ්‍ය ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අද්මිරාල් ගිල්ඩි අසමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසන්නයේදී තෙල් ප්‍රවාහන නෞකාවලට හානි සිදු කිරීම සම්බන්ධ මුහුදු බෝම්බ නිසැකවම ඉරානය විසින් ඇතිරූ ඒවා බව පවසමින් මැයි 28දා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් චෝදනා කලේය.

 ජූනි මස තුන්වෙනිදා අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ යූ එස් එස් ඒබ්‍රහම් ලින්කන් නෞකාවට ඉහළින් බී-52 බෝම්බ හෙළන යානා,එෆ්-18 ෆයිටර් ජෙට් යානා සහ එම් එච්-60 සී හැවොක් හෙලිකොප්ටර් යානා පියාසර කල අයුරු





මැ‍යි 30දා මක්කම නගරයේ පැවැත් වූ අරාබි නායකයන්ගේ හමුවකදී සෞදි අරාබියේ සල්මාන් රජු ඉරානයට තදින් පරිභව කලේය.පසුගිය දශක හතරක කාලය තුල ගෝලීය ආරක්ෂාවට බරපතලම තර්ජනය බවට පත් වූයේ ඉස්ලාමීය ජනරජය(ඉරානය)යැයි ඔහු කීවේය.ඉරානීය මිසයිල සහ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් සම්බන්ධව එක්සත් ජනපදය-ඊශ්‍රායලය එල්ල කරන චෝදනා නැවතත් ගෙනහැර දැක් වූ සල්මාන් රජු,ඉරාන රජය සිදු කරන කලාපීය මැදිහත්වීම් වළක්වන්නට සියලුම උපක්‍රම භාවිතා කරන්න යැ‍යි එක්සත් ජනපදය ප්‍රමුඛ කඳවුරෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රාජ්‍යයන් යුද්ධය සම්බන්ධව සිදු කරන වාග් සංදර්භයන් සහ නොබෝදා කලාපය තුල සිදු කල අතිරේක හමුදා යෙදවීම නොසලකා හරිමින්,වොෂින්ටනය ඉරානය සමග සෘජු ගැටුමකට දැන් සූදානමක් නොමැති බව පෙනෙන්නට තිබේ.යූ එස් එස් ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායම පර්සියානු බොක්කෙන් පිටත  අරාබි මුහුදේ රැදී සිටීමෙන් පෙනෙන්නේ ඉරානයේ යුද ශක්තිය සහ හැකියාවන් සම්බන්ධව වොෂින්ටනය සැලකිල්ලෙන් පසුවන බව සහ ඉරාන වෙරළට බොහෝ සමීපයට සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව යවා ඇමෙරිකානු නාවික ශක්තිය ප්‍රදර්ශනය කිරීමට ගොස් ලැජ්ජාවට පත් විය හැකි සිදුවීමකට මුහුණ දීමට සිදුවේවි යන චකිතයෙන් පසු වන බවයි.




අනෙක් පසින් ඉරානය,මෙවැනි තර්ජන හමුවේ පියවරක් පසුපසට තියන්නට සූදානම් නැතැයි අවධාරණය කලේය.ඉරාන ජනපති හසාන් රුහානි පැවසුවේ ආර්ථික සම්බාධක සහ යුදමය ක්‍රියාමාර්ගය සම්බන්ධව එල්ල වන තර්ජනය හමුවේ සිය රාජ්‍යය අලුත් සාකච්ඡාවලට යොමු නොවන බවයි.

"මගේ කැමැත්ත කතිකාවට සහ රාජ්‍යතාන්ත්‍රිකත්වයට,නමුත් වර්තමාන තත්ත්වයන් හමුවේ මම එය අනුමත කරන්නේ නැහැ.අද පවතින වාතාවරණය කතිකාවක් සඳහා සුදුසු නැහැ.අපේ තේරීම ප්‍රතිරෝධය පමණි." යැයි රුහානි පැවසීය.

ඉදිරි මාසවලදී,ඇමෙරිකා-ඉරාන ඝට්ටනය රාජ්‍යතාන්ත්‍රික,ආර්ථික සහ යුදමය ක්ෂේත්‍රයන් හි තවදුරටත් වර්ධනය වේවි.ඉරානය කෙරෙහි එල්ල කරන තර්ජන සහ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග,ප්‍රතිචාරයක් නොමැතිව ඉදිරියට නොයනු ඇත.ඉරානයේ මර්මස්ථාන හෝ තෙල් ප්‍රවාහන නෞකා මාර්ග වලට සෘජු ප්‍රහාරයක් එල්ල වීම වැනි ඉවසා සිටිය නොහැකි සිදුවීමක් නොවන්නට,ඉරානය විසින්ම තමන්ව මෙම අර්බුදය යුද්ධයක් දක්වා දිගැස්සවීමට හේතුවන ක්‍රියාවක යෙදේවි යැ‍යි අපේක්ෂා කල නොහැකිය.





source:southfront.org


යුද ප්‍රවර්ධන ප්‍රචාරණය සහ ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ගොඩනැංවීම් යුද ප්‍රවර්ධන ප්‍රචාරණය සහ ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ගොඩනැංවීම් Reviewed by HarshaLulzSec on June 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.