සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 07

syrian-war-report-june-7-2019-militants-use-turkish-weapons-equipment-in-hama-advance

ජූනි මාසයේ 6 දා හයාට් ටරිර් අල්-ෂාම් ඇතුලු ඒකාබද්ධ හමුදා,අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් සහ තුර්කි ප්‍රොක්සි හමුදාවල සන්ධානයක් වන විමුක්තිය සඳහා ජාතික පෙරමුණ උතුරු හමා ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කලහ.

සටන්කාමීන්  ජයිබීන් සහ ටෙල් මෙලෙහ්  ගම්මාන වල සිටි සිරියානු හමුදා ඒකක වලට පහරදීමත් සමග ඔවුන් උපායමාර්ගික පසුබැසීමක් සිදු කලහ.ඉන්පසුව රජයේ පාලන ප්‍රදේශයේ පිහිටි මහාර්ඩාහ් නම් ක්‍රිස්තියානි නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කලෝය.එය පිහිටා තිබෙන්නේ ටෙල් මෙලෙහ්හි සිට කි.මී.6ක් ගිනිකොණ දිශාවට වන්නටය.


සෞදි සම්භවයක් සහිත කැපීපෙනෙන අල්කයිඩා සාමාජිකයෙක් වූ  මුටසිම් බෙල්ලාහ් අල්-මඩනි ගේ නමින් මෙම මෙහෙයුම නම් කර තිබේ.පසුගිය මැයි මාසයේදී සිරියානු හමුදාව අතින් ඔහු ඝාතනය විය.


මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිරියා-රුසියා-ඉරාන සන්ධානය නවතම ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කලහ.ඊට සමගාමීව ජාතික ආරක්ෂක බලකා හි සහාය ඇතිව නැවත සංවිධානය වූ හමුදා කණ්ඩායම් ප්‍රති-ප්‍රහාරයක් දියත් කරන ලදි.

 ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ ජූනි 6 දා අපභාගයේදී  ජයිබීන් සහ ටෙල් මෙලෙහ්  යන ගම්මාන වල බලය සිරියානු හමුදාව අතින් ගිලිහිණි.

සටන්කාමීන් සහ හමුදා කණ්ඩායම් කාලතුවක්කු ද්වන්ධ සටන් හි නිරත කැෆ්ර් නබුඩා හි උතුරු සහ වයඹදිග ප්‍රදේශවල වාතාවරණය තවමත් දරුණුය.

 ත්‍රස්තවාදීන් රජයේ පාලන ප්‍රදේශයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කල අයුරු




 
 





 

ප්‍රදේශයෙන් නිකුත් කෙරෙන ඡායාරූප සහ වීඩියෝ සාක්ෂිවලින් පෙනෙන වැදගත් කරුණක් වන්නේ සටන්කාමීන් තුර්කියෙන් ලැබුණු Panthera F9 වැනි සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ සහ අවි භාවිතා කරන බවයි.යුද මුක්ත කලාප ගිවිසුම හරහා තුර්කිය එවැනි අවි සැපයුම් සිදුනොකිරීමට බැදී සිටියද මෙම සාක්ෂිවලින් පෙනෙන්නේ තුර්කිය එම පොරොන්දු කඩ කරමින් ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන්ට උදව් කරන අයුරුය.

කෙසේවෙතත් ජූනි 7 දා පෙරවරුවේදී සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා නැවතත් කැෆ්ර් හූඩ්,ටෙල් මෙලෙහ් යන ගම්මාන සිය පාලනය යටතට ගන්නට සමත් විය.



විපක්ෂයත්,තුර්කිය,ඉරානය,සිරියාව සහ රුසියාව අතර ඇති වූ අස්තානා ආකෘතියේ යුද මුක්ත කලාප ගිවිසුමේදී එකඟ වූයේ සටන් විරාමයට වැද්ද නොගත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් මධ්‍යස්ථ කැරලිකරුවන් කියන කොටස වෙන් විය යුතු බවයි.ඉන්පසුව ත්‍රස්තවාදීන් යටත් වීම හෝ ඔවුන්ව විනාශ කිරිම සිදු කෙරේ.එය සිදු නොවුනේ තුර්කි ප්‍රොක්සි හමුදා,හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම් සමග සමීප සබදතා පවත්වාගෙන ගිය නිසාය.

මෙම වාතාවරණය හමුවේ පෙනී යන තවත් කරුණක් වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින "මධ්‍යස්ථ විපක්ෂයක්" ඉඩ්ලිබ් කලාපය ඇතුලත නොමැති බවයි.මෙම අවස්ථාවේදී ත්‍රස්තවාදයට පරාජය කිරීමට යුද මෙහෙයුමක් සිදු කිරීම සහ අර්බුදය සඳහා දේශපාලනික විසදුමක් පිළිගැනීමට තුර්කි ප්‍රොක්සි හමුදාවන්ට බල කිරීම ආදිය ආකර්ෂණීය විසදුම්ය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 07 සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 07 Reviewed by HarshaLulzSec on June 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.