සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 06

 syrian-war-report-june-6-2019-syrian-russian-forces-pound-militants-in-greater-idlib

උතුරුදිග ඩාරා හි නාමීර් සහ අල්-කිරිබෙට් අතර මාර්ගයේදී මර උගුලක් ක්‍රියාත්මක වීමෙන් සිරියානු හමුදාවේ රථයක් විනාශ කල බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ අමාක් පුවත් සේවය ජූනි මස 4දා වාර්තා කර තිබිණි.එම වාර්තාවට අනුව පිපිරීමෙන් සෙබලුන් තිදෙනෙක් මරණයට පත් විය.කෙසේවෙතත් මෙම වාර්තාව මේ දක්වා රජයට පක්ෂපාතී මූලාශ්‍රවලින් තහවුරු කර නොමැත.

පසුගිය වර්ෂයේදී ඩාරා පළාතේ කැරලිකරුවන් සමග සමගි සන්ධානයකට පැමිණි රජයේ හමුදා එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව නම් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ දේශීය ශාඛාවට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමෙන් පසුව ඩාරා පළාත තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කල බවට සිදු කල පළමු නිල නිවේදනය මෙයයි.

දකුණුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නැවත ආරම්භ වීමෙන් පෙනෙන්නේ සිරියාවේ සහ ඉරාකයේ කාන්තාරවල සැඟවී සිටින ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකත්වය සමග රටේ මෙම කලාපයේ ඔවුන්ගේ තිප්පොලවට සබදතා යළි ස්ථාපිත කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබෙන බවයි.එසේ සිදුවී ඇත්නම් දකුණුදිග සිරියාවේ තවත් ත්‍රස්ත ප්‍රහාර බලාපොරොත්තු විය හැකිය.

 කසාබියාහ්,හමෙයිරට්,හර්ඩානා සහ කිරුටියාහ් යන ගම්මාන අල්ලා ගැනීමට අදාල සිරියානු අරාබි හමුදාවේ වයඹදිග හමා මෙහෙයුම්වල දර්ශන ඇතුලත් වීඩියෝවක් ANNA පුවත් සේවය විසින් වෙබ් අඩවියේ පළ කර තිබිණි.


 මිනිත්තු 10ක කාලයක් දිවෙන වීඩියෝපටයේ හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර කණ්ඩායම්වල විනාශ වී ගිය රථ කිහිපයක් දැක ගත හැකිය.තුර්කිය විසින් ලබා දුන්නේ යැ‍යි විශ්වාස කරන Panthera F9 Panthera F9  සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ 2ක් ද ඒ අතර වේ.

වීඩියෝවේ දෙවන භාගයේ සටන්කාමීන්ගේ ස්ථාන,වාහන සහ ඔවුන් රැස්වී සිටින ස්ථාන වෙත රුසියානු සහ සිරියානු ගුවන් හමුදා එල්ල කරන ප්‍රහාර 12ක් දැකගත හැකිය.

සිරියාවේ දකුණු ප්‍රදේශයේ නොබෝදා සිදු කල මෙහෙයුමකදී විශාල අවි තොගයක් සොයා ගන්නට සිරියානු හමුදාව සමත් විය.එම අවි තොගයේ ඇමෙරිකානු TOW යුද ටැංකි නාශක මිසයිල විදින තුනක් සහ මිසයිල 4ක්,රුසියාවේ නිෂ්පාදිත Metis-M යුද ටැංකි නාශක මිසයිල විදින තුනක් සහ මිසයිල 6ක්, 1PBN86-VI තාපජ දර්ශන පථ 2ක්,සෝවියට් Malyutka මිසයිලයක් සහ විදිනයක්,බල්ගේරියාවේ නිෂ්පාදිත AT-4 Spigot යුද ටැංකි නාශක මිසයිල 7ක්,බල්ගේරියාවේ නිෂ්පාදිත Konkurs යුද ටැංකි නාශක මිසයිලයක් සහ යුගෝස්ලෝවියාවේ නිෂ්පාදිත M79 Osa යුද ටැංකි නාශක අවියකට භාවිතා කරන උණ්ඩ කිහිපයක්ද අඩංගුය.






අවි තොගයේ තිබී DJI Matrice 600 ඩ්‍රෝන් යානයක්ද හමුවිය.මෙම ඩ්‍රෝන් යානය කුඩා බෝම්බ සහ ප්‍රකාශ පද්ධතීන්(කැමරා) රැගෙන යාමට හැකි අයුරින් නවීකරණය කර තිබේ.


මෙම අවිවලින් වැඩි ප්‍රමාණයක් සපයා තිබෙන්නේ එක්සත් ජනපදයයි.ඒ සිරියාව තුල රාජ්‍යවිරෝධී කැරලිකරුවන් පුහුණු කිරීමේ සහ සන්නද්ධ කිරීමේ රහස් මෙහෙයුමක කොටසක් වශයෙනි.මෙම මෙහෙයුමේ කේත නාමය "" ය.ඒ සඳහා 2013 වර්ෂයේදී ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාගේ අවසරය හිමිවේ.වසර තුනකට පෙර මෙම වැඩසටහන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නවතා දැමූ බව වාර්තා වේ.


ජූනි මාසයේ 5 වෙනිදා අලුයම් කාලයේදී බටහිර හමා හි ජබ් රම්ලාහ් නගරයට ඩ්‍රෝන් යානා සමූහයක් කඩා වැදිණි.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ඩ්‍රෝන් යානාවලින් හානියක් සිදුවීමට මත්තෙන් ඒවා සියල්ල බිම හෙළන්නට සිරියානු ගුවන් ආරක්ෂක බලකා සමත්ව තිබේ.

ඉඩ්ලිබ් ප්‍රදේශයට සිරියානු ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ඩ්‍රෝන් යානා මෙහෙයුම දියත් කල සිරියානු විපක්ෂ මූලාශ්‍ර තහවුරු කලහ.

හයාට් ටරිර් අල්-ෂාම් ඇතුලු සන්ධානය,තුර්කි ප්‍රොක්සි හමුදා සහ අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් උතුරු හමා හි රජයේ පාලන ප්‍රදේශයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන බවට ජූනි මස 6 දා පස්වරුවේ නිවේදනය කලහ.

මෙම මෙහෙයුමට ලබා දී තිබූ කේත නාමය වූයේ පසුගිය මාසයේදී උතුරු හමා හි සිදුවූ සටන්වලදී සිරියානු අරාබි හමුදාව අතින් මරණයට පත් වූ අල්කයිඩාවේ කැපීපෙනෙන සෞදි සටන්කරුවෙක් වූ මුටසිම් බෙල්ලාහ් අල්-මඩනි නැමැත්තාගේ නමයි.

මෙම ප්‍රහාරයේ අරමුණ වන්නේ මහාර්ඩාහ් නම් ක්‍රිස්තියානි නගරය අල්ලා ගැනීම යැ‍යි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.එම නගරයට උතුරු දෙසින් වූ ජයිබීන් සහ ටෙල් මෙලෙහ් යන ගම්මානවල දරුණු ගැටුම් වාර්තා විය.ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සිරියානු අරාබි හමුදාව කටයුතු කරමින් සිටියේය.

ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ඉබා පුවත් සේවය සහ විමුක්තිය සඳහා ජාතික පෙරමුණේ මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබිණි.එම ඡායාරූපවල තුර්කිය විසින් ලබාදුන්  HAR-66  යුද ටැංකි නාශක අවියක් සහ Panthera F9 සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයක්ද දැකගත හැකිය.










 
 




ජූනි 5 දා පමණක් වයඹදිග හමා,දකුණු ඉඩ්ලිබ් සහ උතුරු ලටාකියා යන ප්‍රදේශවල ඉලක්කයන්ට සිරියානු සහ රුසියානු ගුවන් යානාවලින් එල්ල කල ප්‍රහාර ගණන සිය ගණනක් යැයි සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.කැෆ්ර් නබුඩාහි උතුරු ප්‍රදේශයේ තවමත් ගැටුම් සිදුවෙමින් තිබේ.


ඊට සමගාමීව ජයිස් අල්-ඊසා නම් කණ්ඩායමට එක්සත් ජනපදයෙන් යුදෝපකරණ විශාල ප්‍රමාණවලින් ලැබිණි.ඊට අදාල වීඩියෝ පටයේ ලාංඡනයේ කළු පැහැ පසුබිම තුල මුහම්මඩ්ගේ මුද්‍රාව ඇතුලත්ය.මෙම සලකුණ අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානවල නිල ධඡයේ දැකගත හැකිය.


 මෙම "කැරලිකරුවන් ","මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදීන්" නියෝජනය කරන්නේ යැ‍යි පෙන්වීමට ඉඩ්ලිබ් සටන්කාමී කණ්ඩායම් සහ ඔවුන්ගේ බටහිර ස්වාමියන් දරන උත්සාය කෙසේවෙතත්,සත්‍යය සැඟවීම ලෙහෙසි පහසු නැත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 06 සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 06 Reviewed by HarshaLulzSec on June 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.