සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 05


හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ස්ථාන වෙත පහරදීමේ මෙහෙයුම සිරියානු රජයේ හමුදාව නැවත ආරම්භ කලහ.ජූනි 3,4 දෙදින තුල සිරියානු අරාබි හමුදාවේ ඒකක සහ ටයිගර් බලකා කසාබියාහ්,හෙමිරට්,හෙර්ඩානාහ් සහ කිරුටියාහ් යන ගම්මාන මුදා ගත්තෝය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව රජයේ හමුදා දැන් මෙයිඩාන් ගසල්,ෂරියා සහ ඩීර් සෝන්බොල් මෙන්ම ටල් සාකර්,හැබිට් සහ ඇබිඩින් යන ගම්මානද මුදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති.


මෙම ජනාවාස පිහිටා තිබෙන්නේ මැයි මාසයේ අගභාගයේදී සිරියානු රජයේ හමුදා විසින් මුදාගත් සටන්කාමීන්ගේ ප්‍රධානතම බලකොටුවක් වූ කැෆ්ර් නබුඩා නගරයට වයඹදිගින් සහ නැගෙනහිරින්ය.සටන්කාමීන්ගේ ආරක්ෂක වළලු බිදි වැටීමත් සමග රජයේ හමුදාවන්ට ඉදිරියට ඇදීමට අවස්ථාව උදා විය.

 අල්-හවයිස් නගරයට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම එල්ල කල අසාර්ථක ප්‍රහාරයෙන් ඔවුන් අත් වූ හානිය පෙන්වන වීඩියෝවක් රජයට පක්ෂපාතී මූලාශ්‍ර විසින් ජූනි පළමුවෙනිදා නිකුත් කර තිබිණි.

ත්‍රස්තවාදීන් ප්‍රහාරය සඳහා පැමිණි රථය අවට දැවී ගිය මළ සිරුරු 8ක් එම විඩීයෝවේ දැකගත හැකිය.සිරියානු අරාබි හමුදාව එල්ල කල යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් හමුවේ එම රථය විනාශයට පත් විය.


මැයි 31දා ප්‍රහාරය ආරම්භ කිරීමත් සමග හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ විශේෂ බලකා සටන්කරුවන් රැගත් රථයක් දැක්වෙන ඡායාරූප කිහිපයක් එම කණ්ඩායමේ ඉබා පුවත් සේවය විසින් පළ කර තිබිණි.විනාශ වී තිබෙන්නේ එම රථය යැයි විශ්වාස කෙරේ.

වීඩියෝවේ මළ සිරුරු 8ක් දැකගත හැකි වුවද විපක්ෂ ක්‍රියාකාරීන් නිවේදනය කලේ අසාර්ථක ප්‍රහාරයෙන් මියගිය හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ මිත්‍රයන්ගේ සටන්කරුවන් ගණන 11ක් බවයි.මැයි මස 31දා ප්‍රකාශයට පත් කල පැය 48 සටන්විරාමය උල්ලංඝනය කරමින් තුර්කියේ සහාය ලබන විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් කිහිපයක් ප්‍රහාරය සඳහා සහභාගී වූහ.

උතුරු සහ දකුණු ඉඩ්ලිබ් ප්‍රදේශවලට සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වන බව සටන්කාමීන්ට පක්ෂ මූලාශ්‍ර දෛනිකව වාර්තා කරයි.





පසුගිය සතියේදී ප්‍රදේශයට බලපැවැත්වෙන තාවකාලික සටන් විරාමයක් ඇති කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමත් සමග හමුදාව ජූනි මස 3 දා යළිත් මෙහෙයුම ආරම්භ කලේය.

සටන් විරාමය ප්‍රකාශයට පත් කල වහාම හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් සහ විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණේ සටන්කාමීන් කැෆ්ර් නබුඩා හි හමුදාවේ ස්ථාන වෙත කඩා වැදුනේ ඔවුන්ට අවශ්‍ය දිගටම සටන් කිරීම බව සනාථ කරමින්ය.මෙවැනි සිදුවීමක් සිදුවේ යැ‍යි මීට පෙර අනාවැකි පළවී තිබිණි.


එහිදී හමුදාවේ යුදෝපකරණ 4ක් විනාශ කර සහ දුසිමක් පමණ හමුදා සෙබලුන් මරා දැමූ බව සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කලහ.අනෙක් පසින් රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසා තිබුණේ සටන්කාමීන් 8ක් සහ වාහන 2ක් විනාශ කල බවයි.
 ජූනි මස පළමුවෙනිදා අපරභාගයේදී රක්කා නගරය මධ්‍යයේ අල්-නයිම් වටරවුම අසල කාර් බෝම්බයක් පිපිරී ගියේය.ඉන් පසුව එම ප්‍රදේශයේම කුඩා පරිමාණ දෙවන පිපිරීමක්ද සිදුව තිබේ.


එකෙණෙහිම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ප්‍රහාර ද්විත්වයේ වගකීම භාර ගත්තේ අමාක් පුවත් සේවය හරහාය.කාර් බෝම්බ ප්‍රහාරය මගින් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි සටන්කරුවන් ඉලක්ක කල බවත්,දෙවැනි පිපිරීම මර උගුලක් යැ‍යිද පුවත් සේවය වාර්තා කලේය.



හවාර් පුවත් සේවය වාර්තා කර තිබුණේ ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් 16 දෙනෙක් තුවාල ලැබූ බවයි.කෙසේවෙතත්ළමුන් ඇතුලුව සිවිල් වැසියන් 10 දෙනෙක් මිය ගියේ යැයි ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කර තිබිණි.
තම සාමාජිකයෝ සන්නද්ධ ඩ්‍රෝන් යානයක් යොදාගෙන අෆ්රින් හි දකුණු ප්‍රදේශයේ සිටින තුර්කි හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කලේ යැයි අෆ්රින් විමුක්ති බලකා ජූනි 2දා නිවේදනය කලේය.

මෙම කුර්දි සටන්කාමීන් කණ්ඩායම ප්‍රහාරයට අදාල වීඩියෝපටයක් ප්‍රසිද්ධ කර තිබේ.ඒ අනුව ඔවුන් භාවිතා කර තිබෙන්නේ ක්වාඩ්කොප්ටර් වර්ගයේ ඩ්‍රෝන් යානයකි.මෙම යානයේ රැගෙන ගිය කුඩා ප්‍රමාණයේ බෝම්බ ජබියර් නගරයේ තුර්කි හමුදාවේ ස්ථාන ඉලක්ක කර පතිත කෙරිණි.



එම ප්‍රහාරයෙන් තුර්කි සෙබලුන් දෙදෙනෙක් මියගොස් ඔවුන්ගේ එක යුද රථයකට හානි සිදුවූ බව කුර්දි සටන්කාමීන් කණ්ඩායම පැවසීය.ඔවුන්ගේ එම ප්‍රකාශය මේ දක්වා තහවුරු කර නොමැත.

නැගෙනහිර අෆ්රින් හි ටෙල් මලිඩ් ගම්මානයේ රැඳී සිටින යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුමේ සටන්කරුවෙක් ඉලක්ක කර අෆ්රින් විමුක්ති බලකායේ සැඟවුණු වෙඩිකරුවෙක් ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ට්විටර් සමාජ ජාලයේ පළ කර  තිබිණි.


මෙම වර්ෂය ආරම්භයේ සිට අෆ්රින් හි සිටින තුර්කි හමුදාව සහ එහි ප්‍රොක්සි හමුදා ඉලක්ක කර අෆ්රින් විමුක්ති බලකා සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර වැඩි කර ඇත.මෙම කණ්ඩායම යුද ටැංකිනාශක නියාමක මිසයිල,තාපජ දර්ශන පථයක් සහිත ස්නයිපර් රයිෆල් ආදී නවීන අවි මෙම ප්‍රහාර සඳහා භාවිතා කරන අතර දැන් ඔවුන් ඩ්‍රෝන් යානාවලින්ද ප්‍රහාර එල්ල කරති.
තුර්කියේ ප්‍රොක්සි හමුදාවක් වන විමුක්තිය සඳහා ජාතික පෙරමුණේ කැපී පෙනෙන අණදෙන නිලධාරියෙක් ජූනි 2දා උතුරු ඇලපෝ හි අෆ් රින් ප්‍රදේශයේදී ඝාතනයට ලක් විය.

එනබ් බලාඩි නම් විපක්ෂයට පක්ෂපාතී පුවත් මූලාශ්‍රය පවසන පරිදි ෆාවස් යූසුෆ් අල්-ෂෙයික් නැමැති මෙම නායකයා මරණයට පත්ව තිබුණේ ඔහුගේ මෝටර් රථයේ සවි කර තිබූ මර උගුලක් ක්‍රියාත්මක වීම නිසාය.පිපිරීම සිදුවූයේ ජින්ඩයර්ස් දිස්ත්‍රික්කයේදීය.

අල්-ෂෙයික්ගේ මෝටර් රථය

අල්-ෂෙයික් ජයිස් අල්-නසීර් කණ්ඩායමේ ගුවන් යානා නාශක බලකායේ අණදෙන නිලධාරියා ලෙස සේවය කරමින් සිටියේය.ජයිස් අල්-නසීර් යනු පසුගිය වර්ෂයේදී පිහිටුවූ විමුක්තිය සඳහා ජාතික පෙරමුණේ ප්‍රධාන සාමාජික කණ්ඩායමකි.

මෙම ඝාතනය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලකින්,කුර්දි සටන්කාමීන් හෝ සිරියානු බුද්ධි අංශ විසින් සිදු කලේ යැ‍යි විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍ර අනුමාන කරයි.

ෆාවස් යූසුෆ් අල්-ෂෙයික්

ජයිස් අල්-නසීර් ඇතුලුව විමුක්තිය සඳහා ජාතික පෙරමුණ උතුරුදිග හමා හි සිරියානු අරාබි හමුදාවට එරෙහි ප්‍රහාර සඳහා සහාය දැක්වීය.එම පෙරමුණේ ගුවන් යානා නාශක සහ යුද ටැංකි නාශක බලකා,හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම්වලට වෙඩි බලය ලබාදුන්හ.

ජූනි මාසයේ 2දා සිරියාවේ ටී4 ගුවන් හමුදා කඳවුරට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයෙන් පසුව ස්වභාවය පෙන්වන චන්ද්‍රිකා ඡායාරූපයක් ජූනි මස 4 වනදා ඊශ්‍රායලයේ ඉමේජ්සැට් සමාගම විසින් නිකුත් කරන ලදි.


ඉමේජ්සැට් සමාගමේ වාර්තාවට අනුව ප්‍රහාරයේ ඉලක්කය වූයේ එක් දියුණු අවි පද්ධතියක් හෝ කිහිපයකි.කෙසේවෙතත් එම අනුමානයන් සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි මේ දක්වා ඉදිරිපත් කර නොමැත.

ටී4 කඳවුරේ ඉලක්ක කර තිබෙන්නේ කුමන ආකාරයේ යටිතල ව්‍යුහයක්ද හෝ අවි පද්ධතියක්ද යන්න සම්බන්ධව සිරියාව සහ ඉරානය තොරතුරු ඉදිරිපත් කර නැත.ඉරානය සිය ඩ්‍රෝන් මෙහෙයුම් සඳහා මෙම කඳවුර භාවිතා කිරීම ප්‍රසිද්ධ රහසකි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 05 සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 05 Reviewed by HarshaLulzSec on June 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.