සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 03

syrian-war-report-june-3-2019-israeli-military-intensifies-attacks-on-syria

ජූනි 2දා රාත්‍රියේදී ඊශ්‍රායල හමුදාව සිරියාවේ දකුණුදිග ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදාවේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කලේය.ඊශ්‍රායල වාර්තාවලට අනුව මිසයිල ප්‍රහාරවල ඉලක්ක බවට පත් ව තිබුණේ කාලතුවක්කු බතරොයි 2ක්,නිරීක්ෂණ සහ බුද්ධි තොරතුරු මුරපොලවල් සහ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියකි.

සිරියාවේ සිට හර්මන් කන්ද දෙසට එල්ල වූ රොකට් ප්‍රහාර දෙකකට ප්‍රතිචාර වශයෙන් මෙම මිසයිල ප්‍රහාරය සිදු කල බව ඊශ්‍රායල හමුදාව පැවසීය.එම රොකට් ඉරානයේ නිෂ්පාදිත "ෆාඩ්ජර්-5" රොකට් විශේෂය යැ‍යි ඊශ්‍රායලයට පක්ෂපාතී මාධ්‍ය එකනෙහිම වාර්තා සංසරණය කලහ.

ගෝලාන් උස්බිම් දෙසින් පැමිණි ඊශ්‍රායල මිසයිල කිහිපයක් බිම හෙළීමට ගුවන් ආරක්ෂක බලකා සමත් වූ බව සිරියානු රජයේ මාධ්‍ය විසින් සනාථ කලේය.ප්‍රහාරයෙන් සිරියානු සෙබලුන් තිදෙනෙක් මියගොස් හත්දෙනෙක් තුවාල ලැබීය.

පසුගිය සතිය තුල සිරියාවට එල්ල වූ දෙවන ඊශ්‍රායලය ප්‍රහාරය මෙයයි.මැයි 27දා ඊශ්‍රායල ජෙට් යානා "ෂිල්කා" ස්වබලයෙන්-ක්‍රියාත්මක ගුවන් යානා නාශක අවි පද්ධතියක් ඉලක්ක කර එල්ල කල ප්‍රහාරයකින් ටල් ෂාර් හිදී සිරියානු සෙබලෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලැබුවේය.

ගෝලාන් උස්බිම් ඊශ්‍රායලයේ කොටසක් යැ‍යි ට්‍රම්ප් පරිපාලනය විසින් පිළිගැනීමත් සමග ඊශ්‍රායලය සිය යුද ශක්තිය සිරියාවට එරෙහිව භාවිතා කිරීම වැඩි කරමින් සිටින බව මෙම සිදුවීම් වලින් පෙනෙන්නට තිබේ.ඊට සමගාමීව එස්-300 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති(රුසියාවෙන් ලැබුණු) ඊශ්‍රායලයට එරෙහි භාවිතා නොකර සිටින්නට සිරියාව තීරණය කර තිබෙන්නේ කලාපය තුල යුද ගැටුම තවත් ඔඩුදිවීමෙන් වළක්වා ගන්නටයි.
 වයඹදිග හමා හි ෂිර් අල්-මගර් නගරය ආසන්නයේ තුර්කි හමුදාවේ නිරීක්ෂණ මුරපොල වෙත මැයි 31දා ප්‍රහාරයක් එල්ල විය.එනාබ් බලාඩි පුවත් සේවය පවසන පරිදි ප්‍රහාරය පිටුපස සිටින්නේ සිරියානු රජයට පක්ෂපාතී හමුදාය.මෙම චෝදනා තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශ තවම තහවුරු කර නොමැත.තුර්කි මුරපොල තුලටත් එය වටා ප්‍රදේශයටත් කාලතුවක්කු උණ්ඩ පතිත වූ බව එනාබ් බලාඩි පුවත් සේවය සඳහන් කර තිබිණි.කෙසේවෙතත් ප්‍රහාරයෙන් තුර්කි සෙබලුන්ට හානියක් වූ බවට තොරතුරු වාර්තා නොවේ.



මීට පෙර අල්-හවයිස් නගරයේ තුර්කි නිරීක්ෂණ මුරපොල ආසන්න ස්ථානවල සිට අන්තවාදී සටන්කාමීන් විස්මිත ප්‍රහාරයක් දියත් කලහ.

ෂිර් අල්-මගර් හි නිරීක්ෂණ මුරපොල වනාහි පසුගිය වර්ෂයේදී තුර්කිය ඉඩ්ලිබ් ප්‍රදේශය වටා ස්ථාපනය කල මුරපොල 12න් එකකි.මැයි මාසය තුල එම මුරපොල දෙවරක් ප්‍රහාරයන්ගේ ඉලක්ක බවට පත් වූ අතර මැයි 4දා එල්ල වූ පළමු ප්‍රහාරයෙන් තුර්කි සෙබලුන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

මැයි 15දා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව තුර්කි හමුදාව "ඔටෝකාර් කෝබ්‍රා 2" පාබල හමුදා ජංගම රථයක සවි කල SERHAT II  නම් ප්‍රති-මෝටාර් රේඩාර් පද්ධතියක් එම මුරපොළට ගෙන්විය.එමගින් කාලතුවක්කු/මෝටාර් වැනි ප්‍රහාර එල්ල වන දිශාව සොයා ගත හැකිය.
 යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුම ක්‍රියාත්මක වූ ප්‍රදේශයේ උතුරුදිග ඇලපෝ හි තුර්කි ප්‍රොක්සි හමුදා අතර මැයි 31 දා බරපතල ගැටුම් ඇති වූ බව වාර්තාවේ.විපක්ෂයට පක්ෂපාතී ස්ටෙප් නිවුස් නම් පුවත් සේවය පවසන පරිදි අල්-උජෙයිල් ගෝත්‍රයේ සටන්කරුවන් අසාස් නගරයේ අල්-ටබලේ දිස්ත්‍රික්කයට පහරදුන්හ.ඔවුන් නෝර්තන් ස්ට්‍රෝම් බ්‍රිගේඩය ඇතුලුව තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් සමග ගැටුම් ඇති කරගෙන තිබේ.


සටන්වලදී ප්‍රබල මැෂින් තුවක්කු සහ රොකට් ප්‍රචාලන බෝම්බ භාවිතා කර ඇත.ගැටුම්වලින් සටන්කාමීන් තිදෙනෙක් මියගොස් අවම වශයෙන් හත්දෙනෙක් වත් තුවාල ලබා තිබේ.ප්‍රාදේශීය මූලාශ්‍ර පවසන පරිදි අල්-උජෙයිල් ගෝත්‍රයේ සටන්කරුවෙක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ගැටුම් ඇවිලී ගියේය.මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට උත්සාහ දැරීමේ චෝදනා යටතේ ඔහු තුර්කි-ප්‍රොක්සි හමුදා පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබිණි.

හමුදා පොලිසියේ සහ ප්‍රාදේශීය නායකයන්ගේ මැදිහත් වීමෙන් සටන් අවසන් කෙරිණි.දෙපාර්ශ්වයට සටන්විරාමයක් සඳහා බල කෙරිණි.කිසිවෙක් අත් අඩංගුවට ගත් බව වාර්තා නොවේ.

තුර්කි පාලනය යටතේ තිබෙන උතුරු සිරියාවේ මෙවැනි සිදුවීම් සුලභය.කෙසේවෙතත් ප්‍රදේශයේ සාමය සහ ආරක්ෂාව සහතික කිරීමට තුර්කි හමුදා මේ දක්වා ඵලදායි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට බරපතල අයුරින් යොමුවී සිටින සිය ප්‍රොක්සි හමුදාවේ ප්‍රමුඛතම කණ්ඩායම් අධෛර්යයමත් නොකර සිටිමට අන්කරා රජය උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ.
 විමුක්තිය සඳහා ජාතික පෙරමුණේ සටන්කාමීන් තුර්කියේ නිෂ්පාදිත මෝටාර් අවියක් යොදාගෙන වයඹදිග හමා හි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මැයි 31දා විපක්ෂ ක්‍රියාකාරීන් විසින් ප්‍රසිද්ධ කර තිබිණි.



මෙම අවිය HY-12 නමින් හඳුනාගෙන ඇත.එය ප්‍රංශයේ MO-120-RT මෝටාර් අවියේ පිටපතකි.මේවා නිපදවන්නේ තුර්කියේ MKEK සමාගමයි.මි.මී. 120 මෝටාර් අවියට කි.මී.8 දුරකට වෙඩි තැබිය හැකිය.තවද එමගින් මිනිත්තුවට උණ්ඩ 6-10 ප්‍රමාණයක් දියත් කිරීමටද පුලුවනි.


මෙවැනි මෝටාර් අවියක් තුර්කි ප්‍රොක්සි හමුදා භාවිතා කල පළමු වතාව මෙය නොවේ.2016 වර්ෂයේදී සුකොර් අල්-ෂාම් බ්‍රිගේඩස් නම් කණ්ඩායම නුබ්ල් සහ අල්-සාරා නගරවලට පහරදීමට තුර්කි HY-12 මෝටාර් අවි යොදාගත්තේය.තුර්කිය දිගින් දිගටම සිරියාවේ සිය ප්‍රොක්සි හමුදාවන්ට අවි සපයන බව රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලේය.සටන්විරාම ගිවිසුම නැවත නැවතත් උල්ලංඝනය කරන සටන්කාමීන්ට තුර්කිය සිය සහාය දිගටම ලබා දීමෙන් නැගෙන ප්‍රශ්න වන්නේ උතුරුදිග සිරියාව කෙරෙහි තුර්කියේ සැබෑ සැලැස්ම කුමක්ද යන්නයි.
තුර්කියේ ප්‍රොක්සි හමුදාවක් වන විමුක්තිය සඳහා ජාතික පෙරමුණ නම් සටන්කාමී සන්ධානය උතුරු හමා හි සිරියානු අරාබි හමුදාවේ ප්‍රබල මැෂින් තුවක්කු විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝපට තුනක් මුදා හැර තිබේ.


මැයි 31දා කැෆ්ර් නබුඩා සහ අල්-හවයිස් නගර ආසන්නයේදී යුද ටැංකි නාශක අවි යොදාගෙන මි.මී.23 ZU-23-2 මැෂින් තුවක්කුවලින් සන්නද්ධ රථ දෙකක් සහ මි.මි.12.7 DShK මැෂින් තුවක්කුවක් සහිත රථයක් විනාශ කරන අයුරුය.



අල්-හවයිස් නගරයට සටන්කාමීන් එල්ල කල අසාර්ථක ප්‍රහාරයේ සහාය පිණිස මෙම යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාර සිදු කරන ලදි.ප්‍රහාරය සඳහා විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් සහභාගී විය.එහි නායකත්වය හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම දැරීය.පසුගිය කාලේ සටන්කාමීන් යුද ටැංකිනාශක මිසයිල බහුලව භාවිතා කෙරිණි.මෙම මිසයිල සපයන්නේ තුර්කිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

හයාට් ටරිර් අල්-ෂාම් සහ තුර්කියේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම් වයඹදිග හමා හි හවෙයිස් වෙත අසාර්ථක ප්‍රහාරයක් එල්ල කලහ.සිරියානු අරාබි හමුදාව සමග ගැටුම්වලදී සටන්කාමීන් 19 දෙනෙක් මරණයට පත් වූ අතර එක් වාහනයක් විනාශ විය.


 විශාල භූමි ප්‍රදේශයක බිම් බෝම්බ එකවර පුපුරවා හැරීමට භාවිතා කරන M58A3 නම් ටොන් 4ක් බර සී4 පුපුරණ ද්‍රව්‍ය සහිත පද්ධතියක් බටහිර ඩාරා හි යාර්මූක් නිම්න ප්‍රදේශයේදී සිරියානු අරාබි හමුදාව විසින් සොයාගත් බව සානා පුවත් සේවය ජූනි පලමුවෙනිදා වාර්තා කලේය.



මෙය ඇමෙරිකානු හමුදාව භාවිතා කරන MICLIC පද්ධතියේ කොටසකි.අවශ්‍ය ප්‍රදේශයට මෙම පුපුරණ ද්‍රව්‍ය ජාලය පතිත කරන්නේ MK22 Mod 4 රොකට්ටුවක් ආධාරයෙනි.2017-2018 සමයේ නිදහස් සිරියානු හමුදාව(සටන්කාමීන්) ඩාරා නගරයේ දකුණු ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත පහරදීමට ආක්‍රමණික අවියක් වශයෙන් MICLIC පද්ධතිය භාවිතා කලේය.



MICLIC පද්ධතිය ඩාරා සහ කුනීට්‍රා හි නිදහස් සිරියානු හමුදාවේ කණ්ඩායම් වෙත සපයන්නේ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් පිහිටවූ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයෙනි.සිරියානු රජයේ හමුදා හමුවේ දකුණුදිග සිරියාවේ නිදහස් සිරියානු හමුදා සටන්කාමීන් ලැබූ පරාජයත් සමග ඉහත කී ඇමෙරිකානු මෙහෙයුම් මධ්‍යස්ථානය විසුරුවා හැරිණි.
 රුසියානු ඔත්තුකරුවන් යැ‍යි චෝදනා ලැබූ සිරියානු වැසියන් හත්දෙනෙක් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සාමාජිකයින් විසින් ජූනි 1දා වෙඩි තබා ඝාතනය කලහ.එම කණ්ඩායමේ ඉබා පුවත් සේවය වාර්තා කරන පරිදි ඝාතනයට ලක් වූ පිරිස ඉඩ්ලිබ් සහ ඒ අවට ප්‍රදේශවල සිදු කල බෝම්බ පිපිරවීම් 30කට වැඩි ගණනකට වගකිව යුතුය.







සුපුරුදු පරිදි මෙවර මරණ දඬුවමට ලක් කල පිරිසට එල්ල කල චෝදනා සනාථ කිරීමට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කලේ නැත.ඔවුන් සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ රජයට සහාය පළ කරන පිරිස් බිය ගැන්වීමත්,පසුගිය දිනවල උතුරු හමා හිදී තමන් ලැබු පරාජයන්ගෙන් කම්පනයට පත්ව සිටින සිය සාමාජිකයන්ගේ ධෛර්යය නැංවීමත්ය.
අල්-සුක්නාහ් නගරයේ නැගෙනහිර කොටසේදී යුද ටැංකි නාශක බෝම්බයක් පුපුරවා හැරීමෙන් සිරියානු අරාබි හමුදාවට අයත් රථ දෙකක් විනාශ කල බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ අමාක් පුවත් සේවය ජූනි 1දා වාර්තා කලේය.එම පුවත් වාර්තාවේ සඳහන් පරිදි සිදුවීමෙන් සිරියානු සෙබලුන් කිහිපදෙනෙක් මිය ගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලැබීය.

අල්-සුක්නාහ් හි බටහිර ප්‍රදේශයේදී තම සටන්කරුවන් තුන්වැනි රථයක් අල්ලා ගෙන එහි සිටි සිරියානු සෙබලුන් සිව්දෙනෙක් ඝාතනය කල බව ත්‍රස්තවාදී සංවිධානය පැවසීය.


මීට පෙර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලකින් නිරිතදිග ඩීර් එසෝර් හි අල්-ෆයිඩා ප්‍රදේශයට එල්ල කල දැවැන්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට සිරියානු හමුදාව පැය හයකට වැඩි කාලයක් බරපතල ගැටුම්වල නිතර විය.සටන්වලින් සෙබලුන් කිහිපදෙනෙක් මරණයට පත්ව තිබේ.

අමාක් පුවත් සේවය පවසන පරිදි මෙය මැයි 31දා ආරම්භ කල ගාස්වට් අල්-අයිස්ටින්සාෆ්/Battle of Attrition සටනේ කොටසක් බවයි.මෙම සටන සිරියානු අරාබි හමුදාව සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යන දෙපාර්ශ්වයම ඉලක්ක කරගෙන දියත් කල එකක් යැ‍යි පෙනේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 03 සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 03 Reviewed by HarshaLulzSec on June 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.