සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 10

syrian-war-report-june-10-2019-militants-suffer-large-casualties-in-clashes-in-northern-hama

හයාට් ටරිර් අල්-ෂාම්,ජයිස් අල්-ඊසා,තුර්කි ප්‍රොක්සි හමුදා සන්ධානයක් වන විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ ඔවුන්ගේ මිත්‍රයෝ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ගමන් කිරීමට පත් ගැනීමත් සමග ජූනි 6 දා පටන් උතුරු දිග හමා හි බිහිසුණු සටන් සිදුවෙමින් පවතියි.

ආරම්භයේදී සටන්කාමීන්  ජයිබීන් සහ ටෙල් මෙලෙහ්  ඇතුලුව ප්‍රදේශ කිහිපයක් යටත් කර ගත්තද,සිරියානු අරාබි හමුදාව නැවත සංවිධානය වී දියත් කල ප්‍රති-ප්‍රහාරය හමුවේ සටන්කාමීන්ගේ ඉදිරි ගමන අඩාල විය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව 5 වන ප්‍රහාරක බලකා,3 වන සන්නාහ සන්නද්ධ සේනාංකය සහ 7 වන සන්නාහ සන්නද්ධ සේනාංකය සැපයූ අමතර භට පිරිස් සහ රුසියානු,සිරියානු ගුවන් හමුදා මෙම ප්‍රති-ප්‍රහාරයේ ප්‍රධාන භූමිකාවට පණපෙවීය.


සිරියානු විපක්ෂයට පක්ෂපාතී මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය පැවසූයේ සටන්වලින් රජයේ හමුදා සෙබලුන් 126ක් සහ සටන්කාමීන් 102 පමණ මරණයට පත් වූ බවයි.මෙය ජීවිත හානි ගණනය අධි තක්සේරුවෙන් වාර්තා කිරීමකි.මෙම වාර්තා අඩ වශයෙන් සත්‍යයක් නම්,පසුගිය මාස කිහිපය තුල ප්‍රදේශයේ ඇති වූ බරපතලම ගැටුම් මේවාය.



 ජූනි මස 7 දා උදෑසන හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ එහි තුර්කි ප්‍රොක්සි හමුදා මිත්‍රයෝ අල්-හමාමියාට් සහ කර්නාස් නගරවලට එල්ල කල ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාවට හැකියාව ලැබිණි.


උතුරුදිග හමා හි ඇති වූ සටන්වලදී සටන්කාමීන්ට අයත් කාර් බෝම්බ දෙකක් විනාශ කරන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කලහ.එහිදී ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් මරා දමා තවත් පිරිසක් ජීවග්‍රහණයෙන් අල්ලා ගෙන තිබේ.



ජූනි මස 9 දා විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණේ කණ්ඩායම් සහ අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමී කණ්ඩායම්වල සන්ධානය වන වා හරිඩ් අල්-මුමිනින්,තුර්කි දේශසීමා ආසන්නයේ උතුරු ලටාකියා හි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත පහර දුන්හ.හමුදාවේ මූලාශ්‍රයකට අනුව ප්‍රහාරය දියත් කරන්නේ එදින අලුයම් කාලයේදී තුර්කියට අයත් භූමියෙනි.ප්‍රබල මැෂින් තුවක්කුවලින් සන්නද්ධ වූ රථවල සහාය ඇතිව සටන්කාමීන් දේශසීමාව දෙසට ළඟා වූහ.දකුණුදිග තුර්කිය දෙසින් රොකට් ප්‍රහාරද එල්ල විය.

තුර්කි ප්‍රොක්සි හමුදා සන්ධානයට සහ වා හරිඩ් අල්-මුමිනින් සන්ධානයට අනුව ප්‍රහාරයෙන් හමුදාවේ සෙබලුන් 50කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.කෙසේවෙතත් මෙම ජිවීත හානි ගණන ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි ඔස්සේ තවමත් තහවුරු කර නොමැත.


 උතුරු දිග හමා හි සටන්වලදී හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සිදුවූ හානි පෙන්වන ඡායාරූප කිහිපයක් පුවත් සේවය සහ රජයට පක්ෂපාතී ක්‍රියාකාරීන් විසින් ජූනි 8 දා නිකුත් කර තිබිණි.

මෙම ඡායාරූපවල ටී-62 යුද ටැංකියක්,ඒ එම් බී-එස් සන්නාහ සන්නද්ධ ගිලන් රථයක් සහ තවත් සන්නාහ සන්නද්ධ රථ තුනක් දැකගත හැකිය.සමහර ඡායාරූපවල පිළිස්සී ගිය සටන්කාමීන්ගේ මළ සිරුරුද පෙනේ.

ටී-62 යුද ටැංකිය

AMB-S සන්නාහ සන්නද්ධ ගිලන් රථය





විනාශ වී ගිය රථ ප්‍රහාරය සඳහා පිටත්ව යන ඡායාරූප පෙළක් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ඉබා පුවත් සේවය ඊට පෙර පළ කර තිබුණේ මෙසේය.

ඉදිරියෙන්ම ධාවනය වන්නේ T-62 යුද ටැංකියයි

T-62 යුද ටැංකිය සහ AMB-S සන්නාහ සන්නද්ධ ගිලන් රථය



විමුක්තිය සඳහා ජාතික පෙරමුණ පිහිටුවන්නේ 2018 අගෝස්තු මාසයේදී තුර්කියෙන් එල්ල වූ පීඩනය හමුවේ තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වල එකමුතුවෙනි.ඊට සමගාමීව අල්කයිඩා සංවිධානයට අනුබද්ධ ජමාත් අන්සාර් අල්-ඉස්ලාම්,හොරස් අල්-ඩීන්,ජබාත් අන්සාර් අල්-ඉස්ලාම් සහ අන්සාර් අල්-තවුහිඩ් යන ත්‍රස්තවාදී කණ්ඩායම්වල එකතුවෙන් වා හරිඩ් අල්-මුමිනින් සන්ධානය ස්ථාපිත කෙරේ.
 තුර්කි ප්‍රොක්සි හමුදා සන්ධානයක් වන විමුක්තිය සඳහා ජාතික පෙරමුණේ සිටි කුප්‍රකට TOW යුද ටැංකි නාශක මිසයිල ක්‍රියාකරුවෙක් මරා දමන්නට සිරියානු අරාබි හමුදාව සමත් විය.උතුරු හමා හි සිදුවන සටන් අතරතුර ඔහුව ඝාතනය කර තිබේ.

අහමඩ් කුටයිෂ්ය

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ඔහුගේ නම අහමඩ් කුටයිෂ්ය.උතුරුදිග හමා හිදී සිරියානු අරාබි හමුදාවේ රථ පෙළක් ඉලක්ක කරමින් සිටීයදී ඔහු සිටි ස්ථානයට හමුද කණ්ඩායම් ප්‍රහාර එල්ල කලහ.ප්‍රහාරයෙන් ඔහුගේ මිසයිල විදිනයද විනාශ විය.අහමඩ් කුටයිෂ් ,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සතුව සිටි දක්ෂතම යුද ටැංකි නාශක මිසයිල ක්‍රියාකරුවෙක් බව වාර්තාවේ.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම රජයේ හමුදාවට එරෙහිව දියත් කරන ප්‍රහාරවලට සහාය පළ කිරීම සඳහා තුර්කි ප්‍රොක්සි හමුදා තුර්කියෙන් සැපයෙන යුද ටැංකි නාශක මිසයිල පසුගිය සති කිහිපය පුරාවට තීව්‍ර ලෙස භාවිතා කලේය.
ඒ අතරතුර සිරියානු අරාබි හමුදාවට ගුවන් ප්‍රහාරක සහාය ලබා දෙන ගුවන් යානා ඉලක්ක කිරීම සඳහා සටන්කාමීන් ජංගම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති භාවිතා කිරීම ආරම්භ කර තිබේ.

ජූනි 7 දා උතුරුදිග හමා හි අහසේදී සිරියානු යුද ගුවන් යානයකට සෑම් මිසයිල ප්‍රහාරයක් එල්ල විය.ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වූ සුකොයි-22එම්4 ෆයිටර් බෝම්බ හෙළන යානය හානි සහිතව හෝම්ස් හි ගුවන් හමුදා කඳවුරකට ගොඩබැස්ස වූ බව හමුදාවේ මූලාශ්‍රයක් අනාවරණය් කලේය.ගුවන් නියමුවා දිවි ගලවා ගැනීමට සමත් වූ බවද වාර්තා වේ.

 ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් "මධ්‍යස්ථ විපක්ෂය" ලෙස ලේබල් ගැසූ සටන්කාමීන් ජූනි 7දා සිරියානු ගුවන් හමුදාවේ සුකොයි-22 යානයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව එය සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් ට්විටර් වෙබ් අඩවියේ පළ කර තිබිණි.එම වීඩියෝවේ සිටින එක් "මධ්‍යස්ථ කැරලිකරුවෙක්ගේ" අතේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ලාංඡනය දැකගත හැකිය.



මෙම හුදකලා සිදුවීමක් නොවේ.ජූනි 4දා ජයිස් අල්-ඊසා කණ්ඩායම මුදා හැර තිබූ වීඩියෝවකද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ලාංඡනය සහිතව සිටින මධ්‍යස්ථ කැරලිකරුවෙක් දැකගත හැකිය.
ජූනි 8 දා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ මාධ්‍ය ජාලය පැවසුවේ සිරියානු ගුවන් හමුදාවේ එල්-39 යානයක් ඉඩ්ලිබ් ප්‍රදේශය ඉහළ අහසේදී ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය ඉලක්කයක් බවට පත් වූ බවයි.කෙසේවෙතත් රජයට පක්ෂපාතී මූලාශ්‍ර මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 10 සිරියානු යුද වාර්තාව - 2019 ජූනි 10 Reviewed by HarshaLulzSec on June 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.