චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:චීන ගුවන් යානා ප්‍රවාහන නෞකා තුන

satellite-imagery-shows-three-chinese-aircraft-carriers-simultaneously

චීනයට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකා තුන එරට වරායන් තුනක වෙන වෙනම තිබෙන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් ඊශ්‍රායලයේ ඉමේජ් සැට් සමාගම ජූනි 3 වෙනිදා නිකුත් කර තිබේ.මෙම නෞකා වන්නේ ටයිප් 001,ටයිප් 001A සහ ටයිප් 002 නෞකා තුනයි.

තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව තවමත් ඉදි කරමින් තිබෙන නිසා එය අභිරහසකි.තවද චීන නාවික හමුදාවද ඒ සම්බන්ධව නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැත.




චීනය සිය තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කල බව ෂින්හුආ නම් රජයේ පුවත් සේවය සිය WeChat පිටුවේ සඳහන් කර තිබුණේ 2018 නොවැම්බර් මාසයේදීය.

වෙනත් තොරතුරු සපයා නොතිබුණද,එය "ඊළඟ පරම්පරාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්" යැ‍යි සඳහන් වේ.චීන රජයේ නෞකා ඉදිකිරීමේ සමාගමේ ෂැංහයි හි පිහිටි ජියැන්ග්නන් නෞකාතටාකාංගන කණ්ඩායම,ලියොනින්ග් සහ දෙවැනි ගුවන් යානා ප්‍රවාහන නෞකාවට වඩා "විශාල සහ බලවත්" නෞකාවක් ඉදිකරමින් සිටින බව චයිනා ඩෙයිලි වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව සම්බන්ධව මාස දෙකක් ඇතුලත චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් පළ කල දෙවන වාර්තාව මෙයයි.

වොෂින්ටනයේ පිහිටි උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයනයන් සඳහා මධ්‍යස්ථානය 2019 මැයි මාසයේ මුල් සමයේ නිකුත් කල අප්‍රේල් 17 දා යන දිනය සහිත වාණිජ චන්ද්‍රිකා ඡායාරූප කිහිපය, 2018 ඔක්තෝම්බර් මාසයේ විශ්ලේෂණය සමග සංසන්දනය කරද්දී ක්‍රියාකාරකම් වල සැලකිය යුතු වර්ධනයක් දැකගත හැකිය.





අලුත්ම නෞකාව න්‍යෂ්ඨික බලයෙන් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන එකක් දැයි තවමත් අපැහැදිලිය.පොදු අනුමාන කරන පරිදි එය ඩීසල් බලයෙන් යාත්‍රා කරන වෙනස් දියත් කිරීම් මාදිලි සහිත එකකි.

එය ලියොනින්ග් ටයිප් 001 නෞකාව සහ සියලුම අත්හදා බැලීම් මුහුදු ගමන් සම්පූර්ණ කිරීමෙන් පසුව 2019 වර්ෂයේදී සේවයේ පිහිටුවීමට නියමිත නමක් නොමැති ටයිප් 001A නෞකාවට වඩා ප්‍රමාණයෙන් විශාල යැ‍යි අපේක්ෂා කෙරේ.

චීනය හැකියාවන් සම්බන්ධව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව නිකුත් කල 2019 වර්ෂයේ වාර්තාවට අනුව චීනය ස්වදේශීයව නිෂ්පාදනය කරන දෙවන ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ඉදිකිරීම් ආරම්භ කරන්නේ 2018 වර්ෂයේදීය.එය ප්‍රමාණයෙන් විශාල එකක් වන අතර කැටපෝල දියත් කිරීමේ පද්ධතියකින් සමන්විතය(මෙය භාවිතා කරන්නේ නෞකාවේ සිට ගුවන් යානා ගුවන් ගත කිරීම සඳහාය).මෙම නෞකා සැලැස්මට අනුව එහි අමතර ෆයිටර් ජෙට් යානා,පූර්ව අනතුරු ඇඟවීම් ගුවන් යානා සහ වේගවත් පියාසැරි මෙහෙයුම් කිරීමට සහාය හිමිවේ.චීනයේ ස්වදේශීයව නිපදවන දෙවන ගුවන් යානා ප්‍රවාහන නෞකාව 2022 වර්ෂයේදී මෙහෙයුම් සඳහා අනියුක්ත කෙරෙනු ඇත.

ටයිප් 002 නම් මෙම නෞකාවේ සිතුවමක් 2018 ජූනි මාසයේදී චීන නෞකා ඉදිකිරීම් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ ශාලාවේ බිත්තියක දැකගත හැකි විය.


කෙසේවෙතත් චන්ද්‍රිකා ඡායාරූප සහ සිතුවම් හැරුණු කොට ටයිප් 002 නෞකාව සම්බන්ධව තීරණාත්මක තොරතුරක් සපයන්නේ පුවත් සේවය පමණයි.ඒ නිසා චීනයේ ටයිප් 002 නෞකාව මේ දක්වා අභිරහසකි.




source:southfront.org


චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:චීන ගුවන් යානා ප්‍රවාහන නෞකා තුන චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:චීන ගුවන් යානා ප්‍රවාහන නෞකා තුන Reviewed by HarshaLulzSec on June 06, 2019 Rating: 5

No comments:

Powered by Blogger.