රුසියාවේ නවතම ප්‍රති-බැලස්ටික් මිසයිල අත්හදා බැලීම

russian-military-test-launched-new-interceptor-missile

රුසියානු සන්නද්ධ හමුදා නවතම අතුරුවාරක මිසයිලයක් කසක්ස්ථානයේ සාරි-ෂැගන් අත්හදා බැලීමේ භූමියේදී සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ජූනි 4දා නිවේදනය කලේය.

මිසයිලය සම්බන්ධ කිසිදු තොරතුරක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෙළි කර නොමැත.කෙසේවෙතත් එය සැලසුම් කල පරිදි ඉලක්කයේ ගැටුණ බව සඳහන් වේ.


මිසයිලය දියත් කරන අයුරු විවිධ කෝණවලින් පටිගත කර තිබිණි.මිසයිලයේ වේගය සම්බන්ධව වීඩියෝව නැරඹු බොහෝදෙනා විශ්මයට පත්ව තිබූ බව ඔවුන්ගේ අදහස්වලින් පැහැදිලිවේ.මිසයිලයේ සමහරක් ලක්ෂණ සැඟවීම සඳහා වීඩියෝවේ වේගය වැඩි කර පෙන්වූවාද නැති නම් එය මිසයිලයේ සැබෑ වේගයද යන්න පැහැදිලි නොමැත.

සමහරුන් පවසා තිබුණේ මෙම මිසයිලය රුසියාව විසින් සංවර්ධනය කරමින් තිබෙන එස්-500 නම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියට අයත් එකක් බවයි.එස්-500 මිසයිල පද්ධතිය 2020 වර්ෂයේදී සේවයට එක්වීමට නියමිතය.


රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල රූපවාහිනී නාලිකාව වන Zvezdaහි මෙම මිසයිල දියත් කිරීම සම්බන්ධව තවත් තොරතුරු සහිත වීඩියෝවක් පළ කර තිබිණි.විශේෂිත සිලින්ඩරාකාර ආවරණයක් තුල බහා මිසයිලය ට්‍රක් රථයකින් දියත් කරන ස්ථානය වෙත ප්‍රවාහනය කරන අයුරුත්,එය භූගත මිසයිල සයිලෝවකට ඇතුල් කරන අයුරුත් එහි දැක්වේ.


මිසයිලය එස්-500 සඳහා භාවිත කරන එකක් යැ‍යි ඉදිරිපත් වූ කල්පිත දෙවන වීඩියෝවේ දැක්වෙන මිසයිලයේ ප්‍රමාණය සහ බර යන ලක්ෂණයන් හමුවේ ප්‍රතික්ෂේප විය.තවත් පිරිසක් ඉදිරිපත් කල කල්පිතයක් වන්නේ එය සතුරු න්‍යෂ්ඨික අවි ශීර්ෂ මෙන්ම අවශ්‍ය නම් වාසර ඉලක්ක වෙතට පහරදිය හැකි වැඩිදියුණු කල ඒ-135 නම් ප්‍රති-බැලස්ටික් මිසයිලයක් බවයි.


අත්හදා බැලූ මිසයිලයේ අංකය ටේප් පටියක් ආධාරයෙන් ආවරණය කර තිබෙන අයුරු




1987 අතරමැදි-පරාස න්‍යෂ්ඨික බලකා ගිවිසුමෙන් ඉවත් වීමට වොෂින්ටනය තීරණය කිරීමත්,අනාගතයේදී නව උපාය මාර්ගික අවි හරණ ගිවිසුමකට එළඹීමට සාකච්ඡා කිරීම අකමැත්ත ප්‍රකාශය කිරීමද ඇතුලුව එක්සත් ජනපදයේ න්‍යෂ්ඨික ප්‍රතිපත්තිය වෙනස් වීම සම්බන්ධව මොස්කව් රජය බලවත් සැලකිල්ලක් දක්වන බව පෙනේ.එක්සත් ජනපදය එහි ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධති පෝලන්තයේ සහ රුමේනියාවේ ස්ථාපනය කිරීම සම්බන්ධව කණස්සල්ල පළ කල රුසියාව පැවසුවේ මෙම ආරක්ෂක පද්ධති,ආක්‍රමණික උපායමාර්ගික අවි රැගෙන යාම සඳහා පහසුවෙන් පරිවර්තනය කල හැකි බවයි.

අතරමැදි-පරාස න්‍යෂ්ඨික බලකා ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව නව කෙටි සහ මැදි දුර මිසයිල යුරෝපයේ පිහිටුවීමට වොෂින්ටනය ක්‍රියා කිරීමත් සමග ගෝලීය උපායමාර්ගික සමතුලිතය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුසියාවට ප්‍රතිචාර දක්වන්නට බල කරන සිටින බව පෙබරවාරියේදී ජනපති ව්ලැඩිමීර් පුටීන් අනතුරු ඇඟවීය.




source:southfront.org


රුසියාවේ නවතම ප්‍රති-බැලස්ටික් මිසයිල අත්හදා බැලීම රුසියාවේ නවතම ප්‍රති-බැලස්ටික් මිසයිල අත්හදා බැලීම Reviewed by HarshaLulzSec on June 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.