ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

 israel-carried-out-missile-strike-on-syrian-army-targets

ජූනි මස පළමුවෙනිදා සිරියාවෙන් ගුවන් ගත වූ රොකට් දෙකක් ගෝලාන් උස්බිම් වල හර්මන් කන්ද දෙසට පතිත වූ බව ඊශ්‍රායල හමුදාව පැවසීය.සිදුවීමෙන් ජීවිත තර්ජනයක් හෝ හානියක් සිදුවූ බවට වාර්තා නොවේ.

ඊශ්‍රායලයට පක්ෂපාතී මාධ්‍ය පවසන පරිදි මෙම ප්‍රහාරය සඳහා භාවිතා කල රොකට් ඉරානයේ ෆාඩ්ජර්-5 රොකට්ය.



මෙම සිදුවීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාද සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරාවි යැ‍යි අපේක්ෂා කල අතර ජූනි මස 1දා රාත්‍රී කාලයේදී ඊශ්‍රායල ගුවන් හමුදාව දකුණුදිග සිරියාව වෙත ගුවන් ප්‍රහාර එල්ල කලේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා හි මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි මෙම ප්‍රතිප්‍රහාරයේ ඉලක්ක වූයේ කාලතුවක්කු බතරොයි 2ක්,නිරීක්ෂණ සහ බුද්ධි තොරතුරු මුරපොල සහ SA-2 (S-75 Dvina) නම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියකි.

සිරියානු රජයේ මාධ්‍ය අනාවරණය කලේ මිසයිල පැමිණියේ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් උස්බිම් දෙසින් බවයි.සිරියානු ගුවන් ආරක්ෂක බලකා මිසයිල කිහිපයක් බිම හෙලූ බව වාර්තා වේ.ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිරියානු සෙබලුන් තිදෙනෙක් මිය ගොස් හත්දෙනෙක් තුවාල ලබා ඇත.

ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක බවට පත් වූ ස්ථාන වල ගුවන් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

සිරියානු අරාබි හමුදාවේ කාලතුවක්කු බතරොයියක් - බටහිර කාන් අල්-ෂියි ප්‍රදේශය

සිරියානු අරාබි හමුදාවේ කාලතුවක්කු බතරොයියක් - නැගෙනහිර බෙයිටියාමා ප්‍රදේශය

සිරියානු අරාබි හමුදාවේ නිරීක්ෂණ මුරපොලක් - උතුරුදිග කුනීට්‍රා ප්‍රදේශය

සිරියානු අරාබි හමුදාවේ ඔත්තු බැලීමේ මුරපොලක් - ටෙල් අල්-ෂාර් ප්‍රදේශය

පසුගිය දින 10 තුලදී සිරියාවට එල්ල වූ තුන්වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය මෙයයි.

ඊශ්‍රායල ප්‍රති-ප්‍රහාරයෙන් පසුව ඩැමැස්කස් උප නගරයක් වන කිස්වා නගරයට පිටතින් සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතියක් ආසන්නයේ ගිනිගෙන දැවෙන සුන්බුන් දැක්වෙන වීඩියෝපටයක් නිකුත් කර තිබිණි.


දැවෙන සුන්බුන් බිම හෙළු ඊශ්‍රායල මිසයිලයක්ද නැතිනම් සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතියකින් දියත් කල මිසයිලයක්ද යන වග පැහැදිලි නැත.එම ස්ථානය ආසන්නයේ සිටින මිනිසුන් පිරිසක් ගින්න නිවා දැමීමට ප්‍රයත්න දරන අයුරුද දැකගත හැකිය.


පසුගිය මැ‍යි මාසයේ දකුණුදිග සිරියාවේ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන සම්බන්ධව තොරතුරු එක් රැස් කිරීමට ඊශ්‍රායල හමුදාව ඔත්තු බැලීමේ බැලූන් සහ කුඩා ඩ්‍රෝන් යානා භාවිතා කර තිබේ යැ‍යි සිරියානු මූලාශ්‍ර උපුටා දක්වමින් ස්පුට්නික් පුවත් සේවය ජූනි මස 2දා වාර්තා කලේය.

එම මූලාශ්‍රවලට අනුව ඊශ්‍රායල හමුදාව ස්කයිස්ටාර් 180 උපායමාර්ගික උණුසුම් වායු බැලූන පද්ධතිය භාවිතා කරයි.එහි නිෂ්පාදන සමාගමේ නිල වෙබ් අඩවියට සඳහන් කරන පරිදි මෙම බැලූන් පද්ධතියේ විද්‍යුත්-ප්‍රකාශ තොරතුරු රැස් කිරීමේ උපාංග වලින් මැදි දුර ඔත්තු බැලීමේ හැකියාව මීටර් 300ක උසක් දක්වා දීර්ඝ කිරීමටත්,ඔත්තු බැලීමේ වීඩියෝ සහ දත්ත ගොඩබිම් පාලන මධ්‍යස්ථානයට ලබා දීමට පුලුවනි.

ස්කයිස්ටාර් 180 උපායමාර්ගික උණුසුම් වායු බැලූන පද්ධතිය

ඊට අමතරව එල්බිට් සමාගමේ නිෂ්පාදනයක් වන ස්කයිලාක් නම් කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන් යානයද ඊශ්‍රායල හමුදාවේ ඔත්තු බැලීමේ ක්‍රියාදාමයට උපයෝගී කර ගැනේ.මෙම ඩ්‍රෝන් යානයේ උපරිම මෙහෙයුම් පරාසය කිලෝමීටර් 100ක් වන අතර පියාසර කාලය පැය 6කි.ඔත්තු බැලීමට අවශ්‍ය විද්‍යුත්-ප්‍රකාශ නිරීක්ෂණ පද්ධතියක් එය සතුය.

ස්කයිලාක් ඩ්‍රෝන් යානයක්

මැයි 17 සහ 18 යන දිනවලදී දකුණුදිග සිරියාවට ඉහළ අහසේදී ස්කයිස්ටාර් 180 උණුසුම් වායු බැලූන සහ ස්කයිලාක් ඩ්‍රෝන් යානා කිහිපයක් බිම හෙළන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව වාර්තා වේ.

සිරියානු අරාබි හමුදාව පසුගිය වර්ෂයේදී අල්-කුනීට්‍රා පළාතේ සම්පුර්ණ බලය අල්ලා ගැනීමට පෙර ඊශ්‍රායල හමුදාව මෙතරම් ඔත්තු බැලීමේ පද්ධති දකුණුදිග සිරියානු අහසේ යොදවා නොතිබූ බව එක් මූලාශ්‍රයක් ස්පුට්නික් පුවත් සේවයට පැවසීය.

ඊශ්‍රායල ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් වර්ධනය වීමෙන් පෙනෙන්නේ දකුණුදිග සිරියාවේ හිස්බුල්ලා සංවිධානයේ කටයුතුවල වැඩිවීමක් සම්බන්ධව එරට හමුදාව බියකින් පසුවන බවයි.හිස්බුල්ලා සංවිධානය කලාපය තුල ජාලයක් ස්ථාපනය කිරීමට ක්‍රියා කරන්නේ යැ‍යි ටෙල් අවිව් රජය පසුගිය මාර්තු මාසයේදී චෝදනා එල්ල කලේය.



source:southfront.org


ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් Reviewed by HarshaLulzSec on June 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.