ඔබ හඳුනානොගත් පියාසර වස්තූන් විශ්වාස කරන්නේද - චීනයේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම

do-you-believe-in-ufos-peoples-liberation-army-tests-mysterious-ballistic-missile

චීන නාවික හමුදාව ජූනි 2දා අලුයම් කාලයේදී සබ්මැරීනවලින් දියත් කරන බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි.එම වාර්තාවලට අනුව දියත් කර තිබෙන්නේ නම් චීනය සතු  සබ්මැරීන පදනම් කර ගත් ඊළඟ පරම්පරාවේ JL-3 නම් බැලස්ටික් මිසයිලයයි.නමුත් සවුත් චයිනා මෝනින් පෝස්ට් වෙබ් අඩවිය ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරමින් පවසන්නේ අත්හදා බැලීම සඳහා භාවිතා කර තිබෙන්නේ මැදි දුර "ඩොන්ග්ෆෙන්ග්" මිසයිලයක් බවයි.

ඔවුන් බීජිං හි හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් පවසන්නේ අත්හදා බැලූ ඩොන්ග්ෆෙන්ග් මිසයිලය වැඩිදියුණු කල මාර්ගෝපදේශන පද්ධතිවලින් සමත්විත වූ බවයි.




    අත්හදා බැලීම ප්‍රසිද්ධයේ නිවේදනය නොකලද ඊසානදිග චීනයේ කහ මුහුද ආශ්‍රිත බොහායි බොක්ක ප්‍රදේශය ජූනි 2දා අලුයම 2.30 පටන් නෞකා ගමනාගමනයට තහනම් කර තිබිණි.

හඳුනානොගත් පියාඹන වස්තූන්ගේ කතන්දරය මේ සිදුවීමට සම්බන්ධ වන්නේ මෙසේය.

 ෂැන්ඩොන්ග්,ෂැන්සි,හෙබෙයි,හෙනාන්,ලියොනින්ග් යන චීන පළාත්වල වැසියන් අභිරහස් ධවල වර්ණ වස්තුවක් අහසේ සුදු පැහැති අඩි පාරක් ඉතිරි කරමින් පියාඹා යන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන ලදි.



ඉන්පසුව චීන හමුදාවේ රොකට් බලකාය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කරන අයුරු දැක්වෙන ඡායාරූපයක්   Weibo සමාජ ජාලයේ සිය නිල ගිණුමේ පළ කර තිබුණේ "ලෝකයේ හඳුනානොගත් පියාඹන වස්තූන් තිබේ යැයි ඔබ විශ්වාස කරනවාද" යනුවෙන් වැකියක්ද සහිතවයි.

චීන හමුදාවේ රොකට් බලකාය පළ කල ඡායාරූපය

ඉන් මිනිත්තුවකට පසුව චීන නාවික හමුදාව ජලය යට සිට දියත් කරන මිසයිලයක් දැක්වෙන ඡායාරූපයක් පළ කරමින් "ඔබ හඳුනානොගත් පියාඹන වස්තූන් විශ්වාස කරන්නේද යැයි" ප්‍රශ්නයක් නඟා තිබිණි.

චීන නාවික හමුදාව විසින් පළ කල ඡායාරූපය

බොහොමයක් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබුණේ චීනය අත්හදා බැලුවේ JL-3 නම් සබ්මැරීන පදනම් කරගත් බැලස්ටික් මිසයිලයක් බවයි.අත්හදා බැලීම චීනයේ ෂැන්ඩොන්ග් පළාත ආසන්නයේ බොහායි   බොක්කේ සිදු කල බවද සඳහන් විය.මිසයිලය ඝන ඉන්ධන වලින් ප්‍රචාලනය වන තුන්වන පරම්පරාවේ මිසයිලයකි.එය රැගෙන යා හැක්කේ චීනයේ ඊළඟ පරම්පරාවේ න්‍යෂ්ඨික මිසයිල ප්‍රවාහන සබ්මැරීනවලටයි.එක් මිසයිලයකට ස්වාධීන අවි ශීර්ෂ 10ක් සහිතව කිලෝමීටර් 12,000-14,000 අතර දුරක් ගමන් කල හැකිය.

මිසයිල අත්හදා බැලීම චීනයේ ජිනාන් නගරයට දර්ශනය වූ අයුරු

සවුත් චයිනා මෝනින් පෝස්ට් වෙබ් අඩවියට එරට හමුදා මූලාශ්‍ර දෙකක් පවසා ඇති පරිදි පසුගිය ඉරිදා දින සිදු කලේ ගොඩබිම්-මූලික,මැදි-දුර මිසයිල දියත් කිරීමකි.දියත් කිරීම සිදු කර තිබෙන්නේ ෂැන්ඩොන්ග් පළාතේ ටයියන්හිදීය.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වේයි ෆෙන්ගෙයි සහභාගී වූ ෂැන්ග්‍රි-ලා ඩයලොග් හෙවත් ආසියාවේ විශාලතම ආරක්ෂක සමුලුවේ අවසන් දිනයේදී මෙම මිසයිල අත්හදා බැලීමද සිදු කරන ලදි.

ජෙනරල් වේයි ෆෙන්ගෙයි

"චීනය සහ එක්සත් ජනපදය වෙළඳ යුද්ධයක පසුවෙද්දී සහ චීන ජෙනරල්වරුන් සිංගප්පුරුවේහි විදේශී නියෝජිතයෝ හමුවෙද්දී වැනි සංවේදී මොහොතක තම රට JL-3 වැනි උපායමාර්ගික මිසයිලයක් අත්හදා බලන්නේ නැතැයි" එක් හමුදා මූලාශ්‍රයක් පැවසූ බව සවුත් චයිනා මෝනින් පෝස්ට් වෙබ් අඩවිය සඳහන් කර තිබිණි.

"නිකුත් කර තිබෙන වීඩියෝවට අනුව එම වස්තුවේ උස JL-3 මිසයිලයට වඩා අඩු වන අතර පියාසැරි පථයද වෙනස්ය."

ලොව ඕනෑම රටකට පහරදීමට හැකියාව තිබෙන JL-3 මිසයිලයේ පළමු දියත් කිරීම 2018 නොවැම්බර් 24දා බොහායි  බොක්කේදී සිදු කෙරුණේ ටයිප් 032 කින්ග් පන්තියේ සබ්මැරීනයක් ආධාරයෙනි.JL-3 මිසයිලය චීන බසින් Julang යන නමින් හඳුන්වන අතර එහි අර්ථය  හෙවත් "මහා රළ" යන්නයි.

"චීනයේ ඩොන්ග්ෆෙන්ග් මිසයිල පෙළ වයසට යමින් තිබෙන නිසා චීනය මිසයිලවල වැඩි දියුණු කිරීම් සිදු කිරීමත්,එම වැඩිදියුණු කිරීම් අත්හදා බැලීමත් කල යුතුය.ඉරිදා දිනයේ  බොක්කේ සිදු කල හමුදා අභ්‍යාසය මිසයිලයක් දියත් කිරීමක් නොවන චීන නාවික හමුදාව කලින් සැලසුම් කර තිබූ තවත් සජීවී-හමුදා අභ්‍යාසයකි" - චීන හමුදා මූලාශ්‍රයක්

JL-2 මිසයිල 16ක් බැගින් රැගෙන යා හැකි න්‍යෂ්ඨික සබ්මැරීන 4ක් චීනය සතුවය.නමුත් ඊළඟ පරම්පරාවේ ටයිප් 096 සබ්මැරීනයකට JL-3 මිසයිල 24ක් දක්වා ගෙන යා හැකි යැයි චීනයේ යුදමය ගොඩනැංවීම් සම්බන්ධව පෙන්ටගනය ඇමෙරිකානු කොන්ග්‍රසයට සැපයූ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ටයිප් 032 කින්ග් පන්තියේ සබ්මැරීනයක්

එක්සත් ජනපද නාවික හමුදාව සතුව ඔහියෝ පන්තියේ න්‍යෂ්ඨික සබ්මැරීන 18ක් තිබෙන අතර ඉන් 14කට බලවත් ට්‍රයිඩන්ට් II මිසයිල 24 බැගින් රැගෙන යා හැකිය.




source:southfront.org


ඔබ හඳුනානොගත් පියාසර වස්තූන් විශ්වාස කරන්නේද - චීනයේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම ඔබ හඳුනානොගත් පියාසර වස්තූන් විශ්වාස කරන්නේද - චීනයේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම Reviewed by HarshaLulzSec on June 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.