ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙල:ගුවන් පෙරහුරුව

Aerospace-Forces-launch-the-second-stage-of-Aviadarts-2019

රුසියාව පවත්වනු ලබන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙලට තරඟකරුවන් තෝරා ගැනීමට පත්වන Aviadarts 2019 නම් තරඟයේ දෙවන අධියරය ක්‍රොස්නොඩාර් කලාපයේ ගුවන් හමුදා කඳවුරු භූමියේදී සම්පූර්ණ කෙරිණි.මේ සඳහා උපායමාර්ගික,දිගු-දුර,හමුදා ප්‍රවාහන සහ හමුදා ගුවන්තරණ ආදී කොට්ඨාශවල කාර්යමණ්ඩල 150 කට වඩා සහභාගී වූහ.

තරඟයට ගුවන් ධාවන පථ 13ක් සහ වර්ග 15ක ගුවන් යානා නියෝජනය කරමින් සුකොයි-30SM, සුකොයි-35S ෆයිටර් ජෙට් යානා ,සුකොයි-24M සහ සුකොයි-34 බෝම්බ හෙළන යානා,සුකොයි-25 ප්‍රහාරක යානා,Mi-8,Mi-24,Mi-28N,Ka-52 ආදී හෙලිකොප්ටර් යානා ඇතුලුව යානා 130කට වැඩි ගණනක් ඇතුලත් විය.


මෙහිදී බෝම්බ හෙළීම,මිසයිල දියත් කිරීම සහ ගොඩබිම් ඉලක්ක වෙත ගුවන් යානාවල තුවක්කුවලින් පහරදීම ආදිය ක්‍රියාකාරකම් සිදු කෙරිණි.ඒ සඳහා පුහුණු පිටි 15ක් යොදාගත්හ.

දෙවන අධියරයේ ජයග්‍රාහකයෝ මෙන්ම දිස්ත්‍රික්ක අනුව සුදුසුකම් ලැබීමේ අධියරයන්ගෙන් ජයගත් අය 2019 මැයි 20දා සිට ජූනි 14දා දක්වා ක්‍රිමියාවේ පැවැත්වෙන රුසියානුවන්ට පමණක් සීමා වූ තරඟයට සුදුසුකම් ලබයි.


ඉසව්වට අදාල ඡායාරූප එකතුවක්















source:tvzvezda.ru


ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙල:ගුවන් පෙරහුරුව ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙල:ගුවන් පෙරහුරුව Reviewed by HarshaLulzSec on June 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.