ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් හඹා යන රුසියානු ජෙට් යානය

us-drone-russian-intercept

පසුගිය වසර කිහිපය තුල රුසියානු දේශසීමාව ආසන්නයේ කරක් ගසන නේටෝ ෆයිටර් ජෙට් යානා,බෝම්බ හෙළන යානා,ඔත්තු බලන යානා සහ ඩ්‍රෝන් යානා දහස් ගණනක් හඳුනාගෙන ඒවා ලුහුබැඳ ගොස් සමහර අවස්ථාවලදී සතුරු යානා සිය ගමන් මාර්ගය වෙනස් කරන තෙක් පසුපසින් එළවා යන්නට රුසියානු ගුවන් හමුදාවට සහ ගුවන් ආරක්ෂක බලකාවලට සිදුවිය.

රුසියානු ගුවන් හමුදාවට අයත් ෆයිටර් ජෙට් යානයක් ඇමෙරිකානු MQ-9 රීපර් ඩ්‍රෝන් යානයකට යාර සිය ගණනක් ආසන්නයෙන් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියේ දැකගත හැකි විය.




මෙම සිදුවීම කවදා කොහේ සිදුවූවක් දැයි එහි සඳහන් කර නොතිබිණි.තවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයද වීඩියෝ පටය සම්බන්ධව අදහස් දක්වා නැත.

MQ-9 රීපර් ඩ්‍රෝන් යානය ඉහළ උන්නතාංශ අවේක්ෂණ සහ ප්‍රහාරක මෙහෙයුම් සඳහා භාවිතා කරන අතර ජෙනරල් ඩයිනැමික් සමාගමේ නිෂ්පාදනයකි.එක්සත් ජනපද නාවික හමුදාවට,ගුවන් හමුදාවට අමතරව රීපර් ඩ්‍රෝන් යානය ඇමෙරිකානු මධ්‍ය බුද්ධි තොරතුරු කාර්යාංශය විසින් ඇෆ්ගනිස්ථානය,ඉරාකය,ලිබියාව,මාලි සහ යේමනය ආදී ලොව පුරා රටවල මෙහෙයුම් සඳහා භාවිතා කරයි.

2018 වර්ෂය තුලදී පමණක් රුසියානු ගුවන් ආරක්ෂක සෙබලුන් විසින් අනාවරණය කර ගත් විදේශීය සංග්‍රාමික ගුවන් යානා ගණන3,000ක් පමණ වේ.ඉන් 1/3ක් ඔත්තු බැලීමේ යානා සහ අවේක්ෂණ ඩ්‍රෝන් යානා යැ‍යි රුසියානු හමුදාව පවසයි.තම අරමුණ වෙනස් කර ගන්නා තෙක් සමහර සතුරු ගුවන් යානා හඹා යන්නට රුසියානු ෆයිටර් ජෙට් යානාවල නියමුවන් සමහර අවස්ථාවලදී ක්‍රියා කර තිබිණි.



source:sputniknews.com


ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් හඹා යන රුසියානු ජෙට් යානය ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් හඹා යන රුසියානු ජෙට් යානය Reviewed by HarshaLulzSec on May 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.