එක්සත් ජනපදය ඉරානය සමග යුද්ධයකට සූදානම් වෙයි

u-s-is-reportedly-readying-to-deploy-120000-troops-for-war-with-iran

ඉරානය සමග ඇතිවිය හැකි යුද්ධයක් සඳහා ඇමෙරිකානු සෙබලුන් 120,000 දක්වා පිරිසක් මැදපෙරදිගට යැවීමේ යුද සැලැස්මක් එරට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් විසින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රය වෙත ඉදිරිපත් කර ඇතැයි,ට්‍රම්ප් රජයේ නිර්ණාමික ආරක්ෂක බලධාරීන් කිහිපදෙනෙක් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම් පුවත්පත මැයි 13දා වාර්තා කර් තිබිණි.

එම වාර්තාවට අනුව ඇමෙරිකානු සෙබලුන් යොදවන්නේ ඉරානය ඇමෙරිකානු හමුදාවන්ට පහරදීමේ සූදානමට හෝ න්‍යෂ්ඨික අවි වැඩසටහන වේගවත් කිරීමට ප්‍රතිචාරයක් වශයෙනි.මෙම සැලැස්ම සම්පුර්ණ කිරීමට සති කිහිපයක් හෝ මාස ගණනක් ගත විය හැකි අතර එය 2003 ඉරාක ආක්‍රමණයේ පරිමාණයෙන් යුක්ත සැලැස්මක් බව මැයි මස 9 දා ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවකදී ප්‍රකාශ කෙරිණි.

ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්,මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ ජීනා හස්පල්,ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ඩැන් කෝට්ස් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජෝෂෙප් ඩන්ෆෝර්ඩ් යන අය මෙම හමුවට එක්ව සිටියහ.

මෙම වාර්තාව සම්බන්ධව පෙන්ටගනය හෝ ධවල මන්දිරය තවමත් අදහස් දක්වා නොමැත.

පුළුල් පරාසයක ගැටලු හේතුවෙන් ඇමෙරිකා-ඉරාන විරසකය වර්ධනය වන අතරවාරයේ මෙම වාර්තාව පැමිණ තිබේ.පසුගිය සතියේදී ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඇතුලුව නාවික ප්‍රහාරක කණ්ඩායමක් සහ උපායමාර්ගික බෝම්බ හෙළන යානා කිහිපයක් මැදපෙරදිගට එවා කලාපය තුල සිය යුද ශක්තිය වර්ධනය කරන්නට එක්සත් ජනපදය ක්‍රියා කලේය.ඉරාන හමුදා ඇමෙරිකානු සෙබලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සම්භාවිතාවය ඇතුලුව ඉරාන තර්ජනය,සාධාරණීකරණයක් ලෙස ගෙන මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇත.

කටාර් රාජ්‍යයට යැවූ ඇමෙරිකානු B-52 බෝම්බ හෙළන යානයක්

2015 න්‍යෂ්ඨික ගිවිසුම කඩාකප්පල් කිරීමට එක්සත් ජනපදය ගන්නා ලද ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරයක් වශයෙන් ගිවිසුමේ සමහරක් වගන්ති අත්හිටුවන්නට ඉරානය තීරණය කිරීමත් සමග එක්සත් ජනපදය එරට මත තව තවත් සම්බාධක පනවන්නට ක්‍රියා කලේය.


එක්සත් ජනපදයට බොර තෙල් ප්‍රවාහනය කල තමන්ට අයත් තෙල් නෞකා දෙකකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ තීරයේදී එල්ල වූ කඩාකප්පල්කාරී ප්‍රහාරවලින් හානි සිදුවූ බව සෞදි අරාබිය මැයි 12 දා ප්‍රකාශ කලේය.ප්‍රහාරය් සම්බන්ධව එල්ල වන චෝදනාව ඉරානය නිල ප්‍රකාශයකින් ප්‍රතික්ෂේප කර එම සිදුවීම් ගැටුමකට මුල් විය හැකි යැ‍යිද පවසා තිබියදී,වාතාවරණය පිටුපස ඉරානය සිටින බවට එක්සත් ජනපදය සහතික කරන්නේ යැයි පවසමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පළ කරයි.

ප්‍රහාරයට ලක්වූයේ යැයි කියන එක් නෞකාවක්

කලාපය ක්‍රමයෙන් තවත් යුද්ධයක් දෙසට වේගයෙන් නැඹුරු වෙමින් පවතින බව මෙම සිදුවීම්වලින් පෙනෙන්නට තිබේ.කෙසේවෙතත් ඉරානය සමග සිදු කරන යුද්ධයක් 2003 ඉරාක ආක්‍රමණය තරම් ලෙහෙසි පහසු නොවන බව එක්සත් ජනපදය හොඳින් දනියි.



source:southfront.org


එක්සත් ජනපදය ඉරානය සමග යුද්ධයකට සූදානම් වෙයි එක්සත් ජනපදය ඉරානය සමග යුද්ධයකට සූදානම් වෙයි Reviewed by HarshaLulzSec on May 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.