සිරියානු යුද වාර්තාව - 2019 මැයි 13

syrian-war-report-may-13-2019-militants-defense-is-slowly-collapsing-in-hama-province

වයඹදිග හමා හි සිටින හයාට් ටරිර් අල්-ෂාම් ඇතුලු අන්තවාදී සටන්කාමී කණ්ඩායම්වල ස්ථානවලට රජයට පක්ෂපාතී හමුදා නොනවත්වා පහර දෙමින් සිටිති.

බරපතල ගැටුම් ගණනාවකින් පසුව සිරියානු අරාබි හමුදාව,ටයිගර් බලකා සහ ජාතික ආරක්ෂක බලකා හවිජට් සාලාහ්,ජමාසියාහ්,ෂරියාහ්,බාබ් අල්-ටකා යන ගම්මාන සහ ඒ ආසන්න ස්ථානවල බලය අල්ලා ගත්හ.


ඔවුන්ගේ මෙම සාර්ථකත්වය උපයා ගත්තේ සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාර ගණනාවක් ඉඩ්ලිබ් සහ හමා පළාත් වල ත්‍රස්තවාදීන්ගේ යටිතල ව්‍යුහයන් ඉලක්ක කර එල්ල වන අතරතුරයි.අනෙක් කරුණ වන්නේ,මෙම උපායමාර්ගික සාර්ථකත්වයට රුසියානු හමුදා උපදේශකයන්ගේ සහාය හිමි වීමයි.

 සිරියානු අරාබි හමුදාව විසින් යටත් කර ගත් කැෆ් ර් නඩූබා නගරයට මැයි මස 10 දා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමෙන් එල්ල වූ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන ලදි.එහිදී ත්‍රස්තවාදීන් දුසිම් ගණනක් මරා දමා ඔවුන්ගේ වාහන තුනක්ද විනාශ කල බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කලහ.

සටනේදී මිය ගිය ත්‍රස්තවාදීන්ගේ මල සිරුරු දැක්වෙන ඡායාරූප පෙළක්ද නිකුත් කර තිබිණි.








හයාට් ටරිර් අල්-ෂාම් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායම් ඔවුන්ගේ කාලතුවක්කු,යුද ටැංකි නාශක නියාමක මිසයිල සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගෙන ප්‍රති ප්‍රහාර කිහිපයක් දියත් කලද එමගින් සිරියානු අරාබි හමුදාව,ජාතික ආරක්ෂක බලකා සහ ටයිගර් බලකා,ඔවුන් කලින් සිටි ස්ථාන දක්වා පසුබස්සවන්නට අසමත් වූහ.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සටන්වලදී ත්‍රස්තවාදීන් 40 පමණ මියගොස් තිබේ.සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවල සඳහන් කරන්නේ රජයේ හමුදාවන්ට බරපතල හානි සිදුවූ බවයි.නමුත් ඔවුන් සපයන සංඛ්‍යාත්මක දත්ත තහවුරු කිරීමට තිබෙන්නේ ස්වල්ප සාක්ෂියක් පමණයි.

 මැයි මස 11දා සිරියානු අරාබි හමුදාව වයඹදිග හමා හි අරීමාහ් නම් නගරයට ඇතුල් වූහ.මැයි 12 වන විට නගරයේ බලය තහවුරු කරගන්නට රජයේ හමුදා සමත් වූ නමුත් සටන්කාමීන් ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන ලදි.


එම ප්‍රහාර ව්‍යර්ථ කිරීමෙන් පසුව සටන් බිමේ තිබූ ත්‍රස්තවාදීන්ගේ සිරුරු දුසිම් ගණනක ඡායාරූප රජයට පක්ෂපාතී මූලාශ්‍ර විසින් නිකුත් කර තිබිණි.එසේ නිකුත් කර තිබූ එක් වීඩියෝවක හමුදාව විසින් අල්ලාගත් ත්‍රස්තවාදීන් 16 දෙනෙක්ද දැකගත හැකිය.


උතුරුදිග ඇලපෝ හි හම්සා සේනාංකය නම් තුර්කියට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම අෆ්රින් හි සිට රජයේ පාලනය යටතේ තිබෙන නුබල් සහ අල්-සාරා නගර වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.ප්‍රහාර එල්ල කලේ සිරියානු අරාබි හමුදාව වයඹදිග හමා ප්‍රදේශයෙන් ඉදිරියට ගමන් කිරීම නිසා යැයි එම සටන්කාමී කණ්ඩායමේ මාධ්‍ය ඒකකය පවසා තිබේ.

ඊට සමගාමීව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ තුර්කියේ සහාය හිමි විමුක්තිය සඳහා ජාතික පෙරමුණේ කණ්ඩායම් ගණනාවක්,වයඹදිග හමා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි සිරියානු අරාබි හමුදාවට එරෙහිව සම්බන්ධීකරණයක් සහිතව සටන් කිරීම පිණිස ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කරන ලදි.

වයඹදිග සිරියාවේ ත්‍රස්තවාදීන්ගෙන් වෙන් වන්නට මධ්‍යස්ථ විපක්ෂය නැවත වරක් අසමත් වූ බව මෙම සිදුවීමෙන් පැහැදිලිවේ.දෙපාර්ශ්වයම ඩැමැස්කස් රජයට එරෙහිව සම්බන්ධීකරණයක් ඇතුව සහ සහයෝගයෙන් ක්‍රියා කරමින් සිටියි.

මැයි මස 12දා අන්තවාදී සටන්කාමීන් එල්ල කල රොකට් ප්‍රහාරවලට මැදි වීමෙන්
උතුරුදිග හමා හි ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ පිහිටි අල්-සුකයිලබියාහ් නම් ක්‍රිස්තියානි නගරයේ සිටි කාන්තාවක් සහ ළමුන් හතරදෙනෙක් මරණයට පත්ව තවත් ළමුන් හයදෙනෙක් බරපතල තුවාල ලැබීය.



40 හැවිරිදි හාලා ෆෙරිඩ් ,බෂාර් නිහමාහ්,ඇන්ජි රාසුක්,ජිසිකා කර්ජින් සහ සුහිර් ජුර්ජුස් අය මෙහිදී මරණයට පත් වූහ.ළමුන් සිව්දෙනා වයස අවුරුදු 6-10 අතර පසුවන්නන්ය.

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සහ එහි සිරියානු ප්‍රොක්සි හමුදා සිරියාවේ අල්-ටන්ෆ් කඳවුර ආසන්නයේ මැයි මස 11දා රාත්‍රියේ සජීවී යුද අභ්‍යසයක් සිදු කලහ.ඒ සඳහා භාවිතා කලේ කඳවුරු භූමියේ ස්ථානගත කර තිබෙන එක්සත් ජනපදයේ නම් රොකට් පද්ධතියයි.පසුගිය මාස දෙකක කාලය තුල එම ප්‍රදේශයේ මෙවැනි යුද අභ්‍යාස නොනවත්වා සිදු කෙරිණි.එමගින් ඔවුන් ලබාදෙන සංඥාව වනුයේ බැග්ඩෑඩ්-ඩැමැස්කස් මහා මාර්ගය අවුරාලමින් රැදී සිටින සිය හමුදා ඉවත් කර ගැනීමට සූදානම් නොමැති බවයි.


රුසියාව සිරියාවේ ලටාකියා පළාතේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ අලුත් ඉදිකිරීම් සිදු කරමින් තිබෙන බව ඊශ්‍රායලයේ ඉමේජ් සැට් ඉන්ටර්නැෂනල් නම් සමාගම නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනේ.රුසියාව ගුවන් යානා ආරක්ෂාකාරීව නවතා තැබීම සඳහා තුන් පැත්තකින් ආවරණය වූ බැමි නිර්මාණය කරන බව එම සමාගමේ විශ්ලේෂකයෝ පවසති.පසුගිය දිනවලදී මෙම රුසියානු කඳවුර සටන්කාමීන්ගේ රොකට් සහ මෝටාර් ප්‍රහාරවල නිරන්තර ඉලක්කයක් බවට පත් විය.



අල්-රුක්බාන් හි සරණාගත කඳවුරෙන් සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ සිරියානු සහ රුසියානු ප්‍රයත්නයන් මේ දක්වා අත් කරගෙන තිබෙන්නේ සීමා සහිත සාර්ථකත්වයක් පමණි.ගිනිකොණදිග සිරියාවේ ඇමෙරිකානු හමුදා යටතේ තිබෙන බිම් කඩේ කොටු වී සිටින සරණාගතයන්ගෙන් මේ දක්වා ගෙන්වා ගෙන තිබෙන්නේ 8,000 ආසන්න පිරිසක් පමණි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 මැයි 13 සිරියානු යුද වාර්තාව - 2019 මැයි 13 Reviewed by HarshaLulzSec on May 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.