රුසියාව:විජයග්‍රාහී දින යුද පෙළපාලිය - ඡායාරූප එකතුව

russia-marks-victory-day-with-red-square-military-parade

දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් දේශය විසින් නාසි ජර්මනිය පරාජය කිරීම සැමරීම සඳහා රුසියාව සෑම වසරකම මැයි මාසයේ 9 දා නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ.එම ජයග්‍රහණය මොස්කව් අගනුවරදී සමරනු ලබන්නේ යුද පෙළපාලියක් සමගින්ය.මෙවර පෙළපාලියේ ගුවන් සංදර්ශනය මීදුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නොපැවැත් වුනද රථ පෙළපාලිය සුපුරුදු පරිදි සිදු කෙරිණි.


රුසියානු ධඡය සහ විජයග්‍රහණයේ කොඩිය රැගෙන යන ප්‍රියෝබ්‍රාසෙන්ස්කි නම් රුසියාවේ පැරණිතම රෙජිමේන්තුවේ භට පිරිසක්




රුසියානු පාබල හමුදා ප්‍රධානී ඔලෙග් සලියුකොව් සහ ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු පෙළපාලිය ආරම්භයේ ගමන් කරමින්.




රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන් මොස්කව් හි රතු චතුරස්‍රයේ සිට සිය කතාව ඉදිරිපත් කරන අයුරු




රුසියානු ජාතික ආරක්ෂක බලකායේ ෂොලොකොව් මොස්කව් ජනපති ශිෂ්‍ය භට විද්‍යාපීඨයේ ශිෂ්‍ය භටයෝ පෙළපාලියේ ගමන් කරමින්.




රුසියානු හමුදාවේ සෙබලියන්




පැරෂූට්භටයින් කණ්ඩායමක් රතු චතුරස්‍රය ඔස්සේ ගමන් කරන අයුරු




රුසියානු හමුදා කාණ්ඩයක් පෙළපාලිය වර්ණවත් කල අයුරු




වයස්ගත රුසියානු යුද විරුවන් පෙළපාලිය නරඹමින්




RS-24 Yars අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල පද්ධති රථ පෙළපාලියේ ගමන් කරමින්




රැකසිට කරන පහරදීම් සහ බිම්බෝම්බ මර උගුල්වලට ඔරොත්තු දෙන Typhoon-K ට්‍රක් රථ




රුසියානු හමුදා පොලිසියේ සෙබලුන් පෙළපාලියේ ගමන් කරමින්




පැන්ට්සියර්-එස් ගුවන් යානා නාශක මිසයිල සහ තුවක්කු පද්ධතිය රතු චතුරස්‍රය ඔස්සේ ඉදිරියට ඇදෙමින්




අමාටා යුද ටැංකි රථ පෙළපාලිය නියෝජනය කල අයුරු




දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයට හේතු වූ සෝවියට්  යුද ටැංකිය රථ පෙළපාලියේ පෙරමුණේ ගමන් කලේය.


ත්‍රස්තවාදය යුද්ධයකින් පරාජය කල එකම එක රටක් ලෝකයේ තිබේ.නමුත් සංහිදියාවට මුවා වී පැමිණි බලලෝභී දේශපාලුවන් එම ජයග්‍රහණ මෙලෙස අභිමානයෙන් සැමරීම අවසන් කරන ලදි.වර්තමානය වෙද්දී එම රාජ්‍යය පෙර නොවූ විරූ ත්‍රස්තවාදයකට මුහුණ දී ඇති අතරේ සුළු ඡන්ද වලට ඇති කෑදරකම නිසා නියපොත්තෙන් කඩා දැමීමට ඇති ඉස්ලාමීය ත්‍රස්තවාදය පෝෂණය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.කණගාටුවෙන් වුවත් පවසන්නට සිදුවන්නේ,5/21 පාස්කු ප්‍රහාරය වැනි තවත් මිලේච්ඡ ප්‍රහාර ඔබටත් අපටත් අනාගතයේදී දැකගත හැකිවනු ඇතැයි කියාය.


source:tass.com

රුසියාව:විජයග්‍රාහී දින යුද පෙළපාලිය - ඡායාරූප එකතුව රුසියාව:විජයග්‍රාහී දින යුද පෙළපාලිය - ඡායාරූප එකතුව Reviewed by HarshaLulzSec on May 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.