ලෙබනන හමුදාවට ප්‍රංශයෙන් ලැබුණු යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරක රථ

lebanese-military-receives-ten-anti-tank-guided-missile-carriers-from-france

ප්‍රංශයේ නිෂ්පාදිත VCAC "මෙපිස්ටෝ" නම් යුද ටැංකි නාශක නියාමක මිසයිල වාහක රථ දහයක් සහ පුහුණු උපකරණ ලැබුණු බව ලෙබනන හමුදාව මැයි 11දා නිවේදනය කලේය.

VCAC "මෙපිස්ටෝ" යුද ටැංකි දඩයක්කරුවා නිර්මාණය වන්නේ ප්‍රංශයේ VAB නම් සන්නාහ සන්නද්ධ ප්‍රහාරක රථය පදනම් කරගෙනය.VCAC යන්නේ අරුත යුද ටැංකි නාශක සංග්‍රාමික රථය යන්නයි.මෙපිස්ටෝ රථයේ භාවිතා කරන්නේ හොට් මිසයිල දියත් කල හැකි යුරෝමිසයිල් මෙපිස්ටෝ නම් පද්ධතියයි.



හොට් මිසයිල පවුලේ වඩාත් නූතනම සාමාජිකයා වන්නේ හොට්-3 මිසයිලයි.හොට්-3 මිසයිලයකට යුද ටැංකියක ස්පෝථනය වන ප්‍රතික්‍රියක සන්නාහයක් හරහා ගමන් කර,RHA සන්නාහයක මි.මි. 1250-1300 අතර දුරක් පසාරු කරගෙන යා හැකිය.මෙපිස්ටෝ රථයක දියත් කිරීමට සූදානමින් හොට් මිසයිල 4ක් තිබෙන අතර තවත් මිසයිල 8 පමණ රථය තුල ගබඩා කර තිබේ.


 ප්‍රංශ සහ ලෙබනන හමුදා අතර කඩිනම් සහයෝගීතා සැලැස්මක් අනුව මෙම යුද ටැංකි නාශක සංග්‍රාමික රථ පෙළ ලෙබනනයට ලබා දුන් බව ලෙබනනයේ ප්‍රංශ තානාපති කාර්යාලය ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි.



පසුගිය මාස කිහිපය තුල ලෙබනන හමුදාව එක්සත් ජනපදයෙන්ද යුදමය ආධාර රැසක් ලැබිණි.ඒවා අතර ඩ්‍රෝන් යානාද තිබීණි.ලෙබනන හමුදාවට බටහිර රටවලින් ලැබෙන සහාය හරහා හිස්බුල්ලා සංවිධානයට එරට තුල තිබෙන නීත්‍යානුකූලබාවයට අභියෝගයක් එල්ල කිරීම අරමුණකි.හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට එරෙහිව ලෙබනනයේ ෂියා මුස්ලිම් ප්‍රජාව තුල 80 දශකයේදී නිර්මාණය වූ සටන්කාමී සංවිධානයකි.



source:southfront.org


ලෙබනන හමුදාවට ප්‍රංශයෙන් ලැබුණු යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරක රථ ලෙබනන හමුදාවට ප්‍රංශයෙන් ලැබුණු යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරක රථ Reviewed by HarshaLulzSec on May 13, 2019 Rating: 5

No comments:

Powered by Blogger.