ඉන්දියාවට ලැබුණු පළමු අපාචි ගාඩියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානය

India-gets-1st-Apache-Guardian-chopper

පළමු AH-64E අපාචි ගාඩියන් හෙලිකොප්ටර් යානා 22ක නිල වශයෙන් ඉන්දියාවට භාර දීම උත්සවය මැයි 10 දා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි මේසා නගරයේ බොයින් නිෂ්පාදන සංකීර්ණයේදී සිදු කෙරිණි.ඇමෙරිකානු ඩොලර් බිලියන 2.02 වටිනා මෙම කොන්ත්‍රාත්තුවට එළඹුනේ 2015 වර්ෂයේදීය.

මෙම අවස්ථාව සඳහා සහභාගී වී ඉන්දීය ගුවන් හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පැවසුවේ AH-64E අපාචි ගාඩියන් හෙලිකොප්ටරයේ ආගමනය, ඉන්දීය හෙලිකොප්ටර් බල ඇණිය නවීකරණයේ සුවිශේෂී පියවරක් වන බවයි.කඳුකර ප්‍රදේශවල සුවිශේෂී සමත්කම් දැක්වීම සඳහා මෙන්ම ඉන්දියානු ගුවන් හමුදාවේ අනෙකුත් අවශ්‍යතා සැපිරීම පිණිස බොයින් සමාගම මෙම හෙලිකොප්ටරයේ වෙනස්කම් සිදු කර තිබේ යැ‍යිද ඔවුන් පැවසීය.




පළමු හෙලිකොප්ටර් කණ්ඩායම ඉන්දියාවට ලගා වන්නේ මෙම වර්ෂයේ ජූලි මාසයේදීය.ඇනවුම් කල සියලුම හෙලිකොප්ටර් යානා 2020 වර්ෂය අවසන් වෙද්දී සැපයීමට නියමිතය.ගුවන් කාර්ය මණ්ඩලය සහ ගොඩබිම් නඩත්තු සහ අනෙකුත් කාර්ය මණ්ඩල මේ වෙද්දීත් ඇලබාමා හි එක්සත් ජනපද හමුදාවේ ෆෝර්ට් රකර් කඳවුරේදී පුහුණු ලබමින් සිටින අතර එය අවසානයේදී ඔවුන්ට ඉන්දීය අපාචි හෙලිකොප්ටර් යානා මෙහෙයවීමට ඉඩ ලැබේ.

AH-64E අපාචි ගාඩියන් හෙලිකොප්ටරය

ඉන්දීය හමුදාව සිය අවශ්‍යතා සඳහා රුසියාව මෙන්ම බටහිර රටවලද යුදෝපකරණ මත යැපේ.ඇමෙරිකානු ඩොලර් බිලියන 1.93ක් වටිනා රුසියානු T-90MS යුද ටැංකි තොගයක් මිලදී ගන්නේ යැ‍යි පසුගිය මාසයේදී ඉන්දියාව නිවේදනය කලේය.

AH-64E අපාචි ගාඩියන් හෙලිකොප්ටරය

රුසියාවෙන් S-400 ගුවන් ආරක්ෂක පද්ධති මිලදී ගැනීමේ සැලැස්ම,ඇමෙරිකාවෙන් එල්ල වන පීඩනය හමුවේ වුවද අකුලා නොගැනීමට ඉන්දියාව තීරණය කලේ ඊට දඬුවමක් වශයෙන් ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන්නේ යැ‍යි එක්සත් ජනපදය එල්ල වන තර්ජන පවා නොසලකා හරිමින්ය.



source:rt.com


ඉන්දියාවට ලැබුණු පළමු අපාචි ගාඩියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානය ඉන්දියාවට ලැබුණු පළමු අපාචි ගාඩියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානය Reviewed by HarshaLulzSec on May 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.