තුර්කි-රුසියා S-400 ගනුදෙනුව සහ නේටෝ ගුවන් ආරක්ෂක පද්ධතීන්

turkey-s400-nato-system-compatibility

තම එස්-400 ගුවන් ආරක්ෂක පද්ධතීන් නේටෝ සංවිධානයේ පද්ධතිවලට සංඝටනය නොකරන බවට තුර්කිය පොරොන්දු වී තිබේ.ඒවා ඇමෙරිකානු එෆ්-35 යානා වලට තර්ජනයක් වන්නේ යැයි වොෂින්ටනය ඔප්පු කලහොත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල තාක්ෂණික ලක්ෂණ සීරුමාරු කරන්නේ යැ‍යිද තුර්කිය පවසා තිබේ.නමුත් එක් ආරක්ෂක විශේෂඥයෙකුට අනුව මෙම පොරොන්දු දෙක ඉෂ්ඨ කල හැකි දැයි සැකයක් පවතියි.

තුර්කිය නුදුරේදීම අත්කර ගන්නා එස්-400 පද්ධති නිසා නේටෝ සංවිධානය හමුවේ තුර්කිය සතු පොරොන්දු වල කිසිදු වෙනසක් සිදු නොවන බවත්,අන්කාරා රජයේ රුසියානු පද්ධතීන් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධව එක්සත් ජනපදයට මොනයම් හෝ උද්වේගයක් තිබේ නම් ඒ ගැන කතා කරන්නටද සූදානම් යැයි තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් මෙම සතියේදී ඇමෙරිකානු බලධාරීන්ට පොරොන්දු වූයේය.තර්ජනයක් යැ‍යි ඔප්පු කල හොත් එස්-400 පද්ධතිවල පරාමිතීන් වෙනස් කිරීමට සූදානම් යැ‍යි ඔහු කියා සිටියේය.

එස්-400 ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිල විදින රැගෙන යන ට්‍රක් රථ

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධව විශ්‍රාමික ගුවන් ආරක්ෂක බලකා කර්නල්වරයෙක් සහ ආරක්ෂක විශේෂඥයෙක් වන මිකායිල් කොඩරෙන්කොව්,එස්-400 පද්ධතිය නේටෝ සංවිධානයට මොනයම් ආකාරයේ හෝ මඃකල්පිත "තර්ජනයක්" වන්නේ කෙසේද යන්න ගැන සම්පූර්ණ නිරවුල්භාවයක් නැතැයි කියමින් පුළුල් විස්තරයක් ඉදිරිපත් කර තිබේ.

කොඩරෙන්කොව්ට අනුව තිබෙන එකම සෛද්ධාන්තික අනතුර වන්නේ,මිත්‍ර පාර්ශ්වයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකි.උදාහරණයක් ලෙස එස්-400 පද්ධතියේ ක්‍රියාකරුවන් විසින් අහම්බෙන් නේටෝ ගුවන් යානයකට පහරදීම සඳහන් කල හැකිය.නමුත් හඳුනාගැනීම,මිතුරා හෝ සතුරා හඳුනා ගැනීමේ පද්ධතිය(IFF),තුර්කි හමුදාවට එස්-400 පද්ධතිවල ස්ථාපනය කල හැකි රේඩාර් මූලික කර ගත් විධාන සහ පාලන අංගය ආදිය මගින් මෙම තර්ජනය පවා අවලංගු කල හැකි යැ‍යි කොඩරෙන්කොව් සඳහන් කරයි.

"හරියටම කියනවා නම්,අපගේ පද්ධතීන් අපනයනය කරන්නේ ගනුදෙනුකරුවා එහි ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන මිතුරා හෝ සතුරා හඳුනා ගැනීමේ පද්ධතීන් සමගයි.නමුත් මිතුරා හෝ සතුරා හඳුනා ගැනීමේ පද්ධතීන්වල සූචක තොරතුරු රුසියාව විසින් කිසිවෙකුට ලබා නොදෙයි.එවැන්නක් සිදුවුවහොත් රටේ යුද සහ රාජ්‍ය රහස් අනාවරණය වේවි" යනුවෙන් මිකායිල් කොඩරෙනොකොව් පැවසීය.

නේටෝ සංවිධානයේ වර්තමාන,මිතුරා හෝ සතුරා හඳුනා ගැනීමේ පද්ධති ප්‍රමිතිය වන Mark XII පද්ධතිය සමග එස්-400 පද්ධතිය පෑහීමට අවශ්‍ය තුර්කිය ඉල්ලීමක් කර තිබේ.තුර්කි පාර්ශ්වයට එම ක්ෂේත්‍රයේ සමහරක් වෙනස්කම් කල හැකි වුවද ඊට වඩා බරපතල වෙනස්කීරීම් වලට යන්නේ නම් එස්-400 පද්ධතිය මුළුමනින්ම ප්‍රති-සැලසුම් කිරීමට සිදුවන බවත් එවැන්නක් කලනොහැකි යැ‍යිද ආරක්ෂක විශේෂඥයා සඳහන් කර තිබේ.

රුසියානු එස්-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය සතු 91N6E නම් රේඩාර් පද්ධතිය

"එස්-400 පද්ධති තුර්කියට ලැබීමෙන් පසුව ඔවුන්ට එහි ඕනෑම වෙනස්කමක් සිදු කල නොහැකි යැ‍යි නොකියමි.කෙසේවෙතත් එම පද්ධතියේ උපායමාර්ගික සහ තාක්ෂණික ලක්ෂණ ගැඹුරින් වෙනස්කල හැකි යැ‍යි අපේක්ෂා නොකෙරේ."

"මෙම පද්ධතිවල දෘඪාංග සහ ඇල්ගොරිතම්  නිරායාශයෙන්ම අතිශයින් වෙනස්ය(නේටෝ සහ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතීන්).දැනට තිබෙන නේටෝ මෙහෙයුම් සහ උපායමාර්ගික-මට්ටමේ ගුවන් ආරක්ෂක පද්ධතීන් සමග රුසියානු එස්-400 පද්ධති අනුකලනය නොකිරීමට තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පොරොන්දු වී තිබුණත්,ප්‍රශ්නය එය නොවේ.නේටෝ සංවිධානයේ සංයුක්ත ගුවන් ආරක්ෂක පද්ධතිය සමග එස්-400 පද්ධතිය ස්වයංක්‍රීය මාදිලියෙන් පාලනය කිරීම සරලව කල නොහැක්කකි."

එස්-400 ගුවන් ආරක්ෂක පද්ධතියට එය සක්‍රීය නොවන අවස්ථාවේ පවා තම 91N6E රේඩාර් පද්ධතිය යොදාගෙන වාසර ඉලක්ක සම්බන්ධව තොරතුරු ලබා ගත හැකි නිසා එය නේටෝ සංවිධානයේ ගුවන් ආරක්ෂක පද්ධති ජාලයට අනුකලනය කිරීම අවශ්‍ය නොවේ.

රුසියානු එස්-400 පද්ධතිය වෙනුවට එක්සත් ජනපදය තුර්කියට ලබා දෙන්නේ යැ‍යි කී පේට්‍රියට් පැක්-3 මිසයිල පද්ධතිය

 අවසන් වශයෙන් ඔහු සඳහන් කර තිබුණේ ඇමෙරිකානු හෝ අනෙකුත් නේටෝ සාමාජික රටක් නිෂ්පාදනය කල ආරක්ෂක පද්ධතියකින් ලබා නොදෙන,රුසියානු එස්-400 පද්ධතිය සතු වාසියක් සහ සියුම් වෙනසක් ගැනයි.

"අපි නිකමට හිතමු(හුදෙක් මනඃකල්පිතයකි)ඊශ්‍රායල ගුවන් හමුදාවේ එෆ්-16 යානයක් බිම හෙළන්න යැ‍යි ජෝර්දානයේ එෆ්-16 යානයකට නියෝගයක් ලැබුණේ යැයි.ඔහුට ඊශ්‍රායලය ගුවන් යානයට පහර දෙන්නට නොහැකි වේවි.ඊට හේතුව ගුවන් යානයේ නිෂ්පාදකයා වන එක්සත් ජනපදයයි...එක්සත් ජනපදය සහ බටහිර රටවල් නිෂ්පාදනය කරන ගුවන් යානා නාශක සහ ප්‍රති-මිසයිල පද්ධතීන් සඳහාද මීට සමාන සීමා කිරීම් පනවා තිබේ.මෙම කාරණය සම්බන්ධව යුද ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ ඇත."

උදාහරණයක් ලෙස 1991 වර්ෂයේ ගල්ෆ් යුද්ධය ගනිමු,සදාම් හුසේන් ගේ හමුදාව සතු වූ ප්‍රංශයේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂක පද්ධති බාහිර සංඥාවක් නිසා අක්‍රීය විය.මීට සමාන සිදුවීම් අප්‍රිකාවේ ප්‍රංශ "ක්‍රොටාලේ" ප්‍රති-ගුවන් මිසයිල පද්ධතිය සම්බන්ධවද වාර්තා වී තිබේ.
එක්සත් ජනපදයේ සහ අනෙකුත් බටහිර රටවල අවි මිලදී ගන්නා මැදපෙරදිග රටවල් යුද්ධයකදී එවැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවන්නේ යුද්ධයේ අනෙක් පස එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය වැනි රටක් සිටියහොත්ය.නමුත් රුසියානු පද්ධතිවල(එස්-400 මිසයිල පද්ධති ඇතුලුව)එවැනි මූලික සීමාවන් අඩුය.ඕනෑම වාතාවරණයකදී,ඕනෑම කොන්දේසියක් යටතේ ඒවා නිරන්තරව සෝදිසියෙන් පසුවේ.


ඇමෙරිකානු එෆ්-35 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක්

මෙම ගිම්හාන සෘතුවේදී ලැබීමට නියමිත එස්-400 මිසයිල පද්ධති මිලදී ගැනීමට තුර්කිය ක්‍රියා කරන්නේ නම් ඇමෙරිකානු එෆ්-35 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානා තුර්කියට ලබාදීම අවහිර කරන්නේ යැයි වොෂින්ටනය තර්ජනය කලේය.එස්-400 මිසයිල පද්ධති වෙනුවට ඇමෙරිකානු "පේට්‍රියට් පැක්-3" ගුවන් ආරක්ෂක පද්ධතිය තුර්කියට ප්‍රදානය කරන්නට එක්සත් ජනපදය කැමැත්ත ප්‍රකාශ කලේය.ඇමෙරිකානු යෝජනාව සලකා බලන්නට තුර්කිය එකඟ වුවද,එය එස්-400 පද්ධතියට ආදේශකයක් වශයෙන් සලකා නොමැත.තමන්ට එෆ්-35 යානා ලබා නොදෙන්නේ නම් රුසියානු සුකොයි-57 යානා මිලදී ගන්නට බලාපොරොත්තු වන බවට තුර්කිය පසුගිය සතියේදී ඉඟියක් ලබා දුන්නේය.



source:sputniknews.com


තුර්කි-රුසියා S-400 ගනුදෙනුව සහ නේටෝ ගුවන් ආරක්ෂක පද්ධතීන් තුර්කි-රුසියා S-400 ගනුදෙනුව සහ නේටෝ ගුවන් ආරක්ෂක පද්ධතීන් Reviewed by HarshaLulzSec on April 18, 2019 Rating: 5

No comments:

Powered by Blogger.