සිරියානු යුද්ධය:ඉරාන හමුදාවන්ට එරෙහිව ඒකාබද්ධ සංග්‍රාමයක් සඳහා ඇමෙරිකා-ඊශ්‍රායල සූදානම

syrian-war-us-and-israel-prepare-for-coordinated-campaign-against-iranian-forces

යුප්‍රටීස් නිම්නයේ නැගෙනහිර ඉවුරේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට එරෙහිව දිගින් දිගටම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමත්,ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සටන් විරාම උල්ලංඝනය කිරීම් අතරේත් සිරියාවේ වාතාවරණය සාපේක්ෂව ස්ථාවර තැනක තිබේ.

පසුගිය දින කිහිපය තුල සිරියානු අරාබි හමුදාව මෙන්ම රුසියානු ගුවන් හමුදාවත් උතුරු හමා සහ දකුණු ඉඩ්ලිබ් හි "විපක්ෂක ඉලක්ක" වෙත ගුවන් ප්‍රහාර එල්ල කලේ යැයි සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර දිගින් දිගටම ප්‍රකාශ කලහ.මෙවැනි වාර්තා වැඩි වශයෙන් එක දෙක කර කියන ප්‍රචාරණ වන්නේ,දෙපාර්ශ්වය එකිනෙකා ඉලක්ක කර අඩු වැඩි වශයෙන් නිතර ප්‍රහාර එල්ල කර ගන්නා වාතාවරණයක් එහි පවතියි.

ඊට සමගාමීව අල්-රුක්බාන් සරණාගත කඳවුරෙන් සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සඳහා මානුෂීය කොරිඩෝරයක් විවෘත කර ගෙන සරණාගතයින් රජයේ පාලන ප්‍රදේශ වෙත ගෙන්වා ගැනීම ආරම්භ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ රුසියානු හමුදා සමත් විය.රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසන පරිදි සියලුම සරණාගතයෝ ඉවත් කර ගැනීමෙන් පසුව බැග්ඩෑඩ්-ඩැමැස්කස් මහා මාර්ගයේ අල්-ටන්ෆ් ප්‍රදේශයේ තවදුරටත් සිය හමුදා රඳවා තැබීමට අවශ්‍ය ව්‍යාජ හේතුව ඇමෙරිකාවට අහිමිවන බවයි.කෙසේවෙතත් සරණාගත කඳවුර ඉවත් කර ගත්තද,ඒ නිසා මේ වැදගත් ප්‍රදේශයෙන් ඇමෙරිකානුවන් වහාම ඉවත්ව යෑම අපේක්ෂා කල නොහැකිය.

Syrian-war-map-2019-04-07

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාව යුප්‍රටීස් නිම්නයේ නැගෙනහිර ඉවුරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කරන ලදි.වඩාත් වැදගත් සිදුවීම සිදුවූයේ අල්-හිසන් ආසන්නයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මරා දමන්නට ඔවුන් සමත් වීමයි.

ඒ අතරතුර,ටෙහෙරාන් රජය ටී4 ගුවන් හමුදා කඳවුරේ ඉරානයට පක්ෂපාතී කණ්ඩායම් වෙත අලුත් අවි සහ උපකරණ තොගයක් ලබා දුන් බවට මාධ්‍ය ක්‍රියාකාරීන් වාර්තා සංසරණය කරමින් සිටියි.මෙම සිදුවීම වාර්තා වන්නේ ඉරානයත්,ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍යතන්ත්‍රයත් අතර සබඳතා වඩාත් නරක අතට හැරෙමින් තිබෙන මොහොතකයි.

සිය ගුවන් අවකාශ මුහුණ දෙන අභියෝග ව්‍යර්ථ කිරීම සඳහා ගුවන් ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධව ඉරානය සහ ඉරාකය සහයෝගයෙන් ක්‍රියා කරන්නට එකඟ වූ බව ඉරාන සන්නද්ධ හමුදාහි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් මොහම්මඩ් බාකෙරි වාර්තාකරුවන්ට පැවසුවේ අප්‍රේල් 7 දා ඉරාකයේ ලුතිනන් ජෙනරල් ඔත්මන් අල්-ගානිමි හමුවීමෙන් අනතුරුවයි.මේජර් ජෙනරල් බාකෙරි පැවසූ පරිදි මෙම සම්බන්ධීකරණයේ ඉලක්කය වනුයේ ඉරානයේ බටහිර දේශසීමාවෙන් පැමිණෙන ඕනෑම ගුවන් තර්ජනයකට මුහුණ දීමයි.ඉරානයට එවැනි තර්ජනයක් එල්ල විය හැක්කේ එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලයෙනි.
 
ඉරාන විප්ලවීය හමුදාවේ භට පිරිසක් හමුදා පෙළපාලියක ගමන් කරන අයුරු

කලාපය තුල ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ අනුග්‍රහය ලබාදීම යන චෝදනා යටතේ ඉරාන විප්ලවීය හමුදාව,ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කලේ යැයි ට්‍රම්ප් පාලනතන්ත්‍රය අප්‍රේල් මස 8 දා නිවේදනය කලේය.ඊට පෙර රාජ්‍ය ලේකම්වරයාගේ උපදේශක බ්‍රයන් හුක් පැවසුවේ 2003-2011 කාල වකවානුවේදී ඉරාකය තුල ඇමෙරිකානු සෙබලුන් 608කගේ මරණ  සඳහා ඉරානය වගකිව යුතු බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදයේ මධ්‍යම අණසක,ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කරන්නට ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය ක්‍රියා කලේය.මෙම සිදුවීම්වලින් පෙනී යන්නේ වොෂින්ටනය,ඉරානය සමග අලුත් වටයක ගැටුමක් සඳහා එළඹී ඇති බවයි.ඉරාන රජය මත පීඩනය වැඩි කිරීමට සහ මැදපෙරදිග පුරා ඉරානයේ බලපෑම අවම කිරීමට ඉදිරි මාසවලදී එක්සත් ජනපදය රාජ්‍යතාන්ත්‍රික,ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම සිය හමුදාව යොදාගන්නට වැඩි නැඹුරුවක් තිබේ.දැනට එක්සත් ජනපදය සැලකිල්ලට ගන්නා එක් විකල්පයක් වන්නේ සිරියාවේ ඉරානීය ඉලක්කවලට එරෙහිව පුළුල් කල ඇමෙරිකා-ඊශ්‍රායල සංග්‍රාමයයි.




source:southfront,org


සිරියානු යුද්ධය:ඉරාන හමුදාවන්ට එරෙහිව ඒකාබද්ධ සංග්‍රාමයක් සඳහා ඇමෙරිකා-ඊශ්‍රායල සූදානම සිරියානු යුද්ධය:ඉරාන හමුදාවන්ට එරෙහිව ඒකාබද්ධ සංග්‍රාමයක් සඳහා ඇමෙරිකා-ඊශ්‍රායල සූදානම Reviewed by HarshaLulzSec on April 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.