සිරියානු යුද වාර්තාව - 2019 අප්‍රේල් 12

syrian-war-report-april-12-2019-turkey-aims-to-seize-tell-rifaat-after-withdrawal-of-russian-forces

හෝම්ස් නගරයේ සිදුවන්නට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු හමුදා බුද්ධි අංශය අප්‍රේල් මස 11දා සමත් විය.ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කරන පරිදී අක්‍රමහ් අල්-මක්සොමෙහ් පෙර පාසල අසල සිවිල් රථයක සවි කර තිබූ දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැරිය හැකි අධිබලැති මර උගුලක් බුද්ධි අංශ නියෝජිතයෝ නිෂ්ක්‍රීය කලහ.ප්‍රහාරයට පැමිණි අපරාධකරුවෝ විශේෂ මෙහෙයුමක් හරහා අත් අඩංගුවට ගත් බව වාර්තාවේ.අසාර්ථක ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායම් භාර ගෙන නොමැත.කෙසේවෙතත් මර උගුලේ දුරස්ථ පාලකය පෙනුමෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් භාවිතා කරන ඒවාට සමානය.

මර උගුල අටවා තිබූ මෝටර් රථය

මර උගුල සහ පිපිරවිමට භාවිතා කරන දුරස්ථ පාලකය

මෙම පෙරපාසල ආසන්න ප්‍රදේශය ඉලක්ක කරමින් 2014 ඔක්තෝම්බර් 1දා එකවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාර දෙකකින් ගැහැණුන් සහ ළමුන් ඇතුලුව සිවිල් වැසියන් 45කට වැඩි පිරිසක් මරණයට පත් විය.මීට වසර දෙකකට පෙර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රාජ්‍යය බිද වැටීම ආරම්භ වීමත් සමග ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් රජයේ පාලන ප්‍රදේශයේ ප්‍රහාර එල්ල කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කරන ලදි.කෙසේවෙතත් සිරියානු හමුදාව,ආරක්ෂක බලකා සහ බුද්ධි අංශ ඒවායින් බොහොමයක් ව්‍යර්ථ කලහ.

ඊසානදිග සිරියාවේදී කුර්දි සටන්කාමීන් සොයාගත් ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් භාවිතා කල මර උගුල් සහ දුරස්ථ පාලක කිහිපයක් දකුණුපසින් දැක්වේ.

අප්‍රේල් මස 10දා ඩැමැස්කස් අගනුවර අවට අල්-ඩුමයිර් සහ අ(ර්)බින් නගරවලදී අවි ගබඩා කිහිපයක් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත් විය.ඇමෙරිකාව ප්‍රමුඛ පක්ෂය යුද්ධයේ මුල් වර්ෂවලදී නිදහස් සිරියානු හමුදාව නම් සටන්කාමී කණ්ඩායමට ලබා දුන් යුගෝස්ලෝවියාවේ නිෂ්පාදිත M79 Osa නම් යුද ටැංකි නාශක අවිද සොයාගත් යුදෝපකරණ අතර තිබිණි.

 සොයාගත් අවි තොගය












ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිදුවිය හැකි යුද මෙහෙයුමක් සඳහා සිරියානු අරාබි හමුදාව පුහුණු වෙමින් සිටින්නේ යැ‍යි සඳහන් වාර්තා අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් ඇත.ඒවාට අනුව මේවන විට මෙම කාර්යය වෙනුවෙන් රුසියාව විසින් සැපයූ නවීන යුද ටැංකි නාශක මිසයිල,ප්‍රති-ඩ්‍රෝන් පද්ධති,ඔත්තු බැලීමේ පද්ධති සහ ඉන්ජිනේරු මෙවලම් යොදාගෙන සිරියානු අරාබි හමුදාවේ ඒකක පුහුණුව ලබමින් සිටිති.කෙසේවෙතත්,මෙම පුහුණුව සිරියානු අරාබි හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට සහ ශක්තිමත් කිරීමට 2015 වර්ෂයේදී රුසියාව විසින් ආරම්භ කල උපදේශන මෙහෙයුමේ කොටසක් වීමට වැඩි සම්භාවිතාවක් ඇත.

Syria-war-map-2019-04-11

සිරියානු අරාබි හමුදාව සහ කුර්දි මහජන ආරක්ෂක ඒකක ඒකාබද්ධව පාලනය කල උතුරුදිග ඇලපෝ හි ටෙල් රිෆාට් නගරයේ සිටි රුසියානු හමුදා පොලිස් ඒකක ඉවත්ව ගියහ.ඊට සමගාමීව,තුර්කි හමුදාව සහ තුර්කි ප්‍රොක්සි හමුදා ඒ ආසන්න ප්‍රදේශයේ සිය බලපැවැත්ම පුළුල් කර ගත් බවට වාර්තා පළවේ.කලාපය තුල සහ උතුරුදිග සිරියාවේ අනෙකුත් ප්‍රදේශවලදී කුර්දි සටන්කාමීන් සිරියානු අරාබි හමුදාවට එරෙහිව සතුරු ක්‍රියාමාර්ග ගතහොත් ටෙල් රිෆාට් ප්‍රදේශයේ සිටින කුර්දි මහජන ආරක්ෂක ඒකක මැඩපැවැත්වීමට රුසියාව සහ සිරියානු අරාබි හමුදාව,තුර්කියට ඉඩ දේවි යැ‍යි සමහර ප්‍රාදේශීය මූලාශ්‍ර දැනටමත් මත පළ කර තිබේ.

සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ කාර්ටහ් ගම්මානයට තුර්කි හමුදාව අතිරේක භට පිරිස් සහ යුදෝපකරණ ගෙන්වූ අවස්ථාව





ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා විසින් පාලනය කරනු ලබන අල්-රුක්බාන් සරණාගත කඳවුරේ මානුෂීය අර්බුදය තවත් වර්ධනය වෙමින් තිබේ.ළමුන් සහ කාන්තාවන් බහුතරයක් ඇතුලුව ඉරාක පුරවැසියන් 31,000කට වැඩි පිරිසකට සිය මවු රට බලා යෑමට අවස්ථාව ලබාදීම සඳහා ඇමෙරිකානු සහාය ලබන පාලනතන්ත්‍රය සහ ඉරාක රජය ගිවිසුමකට එළඹියහ.එම පිරිස අතර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නොමැති බව ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා පැවසීය.නමුත් එම ත්‍රස්තවාදී සංවිධානය සම්බන්ධ පුද්ගලයින් සිටින බවට යම් සැකයක් ඇත.එනමුදු මෙම ක්‍රියාමාර්ගය හරහා සරණාගත කඳවුරේ මානුෂීය අර්බුදය අඩ වශයෙන් මැකී යනු ඇත.



රුසියාවේ නිෂ්පාදිත ඔරියන් වර්ගයේ සන්නද්ධ ඩ්‍රෝන් යානයකින් පළමුවරට සිරියාවේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කලේ යැ‍යි,ස්ටෙප් නිවුස් නම් සිරියානු සටන්කාමීන්ට පක්ෂපාතී පුවත් සේවයේ වීඩියෝවක් උපුටා දක්වමින් රුසියාවේ මොස්කොව්කි කොම්සොමොලෙට්ස් පුවත්පත අප්‍රේල් 6 දා වාර්තාවක් පළ කර තිබිණි.

අප්‍රේල් මස 4දා නිකුත් මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සන්නද්ධ ඔරියන් ඩ්‍රෝන් යානයක් උතුරු හමා හි සාකා නගරයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කරන අයුරුය.


පියාසැරි අත්හදා බැලීම් සාර්ථක සමත් වීමෙන් පසුව ඔරියන් ඩ්‍රෝන් යානා සජීවී සංග්‍රාමික පරීක්ෂා සඳහා සිරියාවට එවා ඇතැයි පුවත්පතට විශේෂඥයෙක් පවසා තිබේ.

ඔරියන් යනු රුසියාවේ නිෂ්පාදනය කෙරෙන විශාලතම ඩ්‍රෝන් යානාවලින් එකකි.එහි පියාපත් දිගහැරුම මීටර් 16ක් ද දිග මීටර් 8ක්ද වේ.පොළොවට කි.මී. 7.5 උපරිම උසකින් පැය විසිහතරක කාලයක් පියාසර කල හැකි මෙම යානයේ මෙහෙයුම් පරාසය කි.මී.300කි.

මෙම යානය ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා සැලසුම් කල එකක් වුවද පසුගිය වර්ෂයේදී නියාමක මිසයිල එක් කිරීමෙන් පසුව ප්‍රහාරක හැකියාවන්ගෙන්ද ශක්තිමත් විය.සන්නද්ධ ඔරියන් ඩ්‍රෝන් යානයක් නිපදවීම සහ සාර්ථක අත්හදා බැලීමත් සමග රුසියාවද,ස්වදේශීයව නිෂ්පාදිත සන්නද්ධ ඩ්‍රෝන් යානා හිමි රාජ්‍යයන්ගේ සමාජයේ සාමාජිකයෙක් බවට පත් වුයේය.දැනට එක්සත් ජනපදය,ඊශ්‍රායලය,චීනය,ඉරානය සහ තුර්කිය ආදි රටවල් තමන්ගේම ප්‍රහාරක ඩ්‍රෝන් යානා භාවිතා කරති.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 අප්‍රේල් 12 සිරියානු යුද වාර්තාව - 2019 අප්‍රේල් 12 Reviewed by HarshaLulzSec on April 13, 2019 Rating: 5

No comments:

Powered by Blogger.