උත්තර ධ්‍රැවයේ නවතම රුසියානු හමුදා කඳවුර

northern-clove-russian-military-base-in-arctic

අලුතින් කඳවුරු ඉදි කරමින් සහ තිබෙන පහසුකම් නවීකරණය කරමින් රුසියාව ආක්ටික් කලාපයේ සිය යටිතල ව්‍යුහයන් තාක්ෂණික වශයෙන් උසස් තත්ත්වයකට ගෙන එමින් සිටියි.රුසියානු හමුදාව නිකුත් කල නවතම වීඩියෝවක උත්තර ධ්‍රැවයේ යකුටියා හි අතිනවීන පහසුකම්වලින් සමන්විත නවතම හමුදා කඳවුරක් දැක ගත හැකිය.


මෙම කඳවුර 2015 වර්ෂයේ පටන් භාවිතයට ගන්නා සෙබලුන් 250කට නවාතැන් සපයන එකකි.එමගින් රුසියානු උතුරුදිග වෙරළේ  නව  සයිබීරියානු දූපත් සමූහයෙන් එකක් වන කොටෙල්නි දූපතේ හමුදා මෙහෙයුම් වලට සහාය ලබාදෙයි.මෙම කඳවුර සතුව තාවකාලික ගුවන් පථයක් සහ දුර සිට පැමිණෙන තර්ජනයන් හඳුනාගත හැකි අධි-බලැති රේඩියෝ මධ්‍යස්ථානයක්ද තිබේ.


උතුරට වඩාත් කිට්ටු  රුසියානු කඳවුර   ෆ්‍රැන්ස් ජොසෙෆ් ලෑන්ඩ් කොදෙව් පෙළට කි.මී.1,900ක් බටහිරින් පිහිටා ඇත.කඳවුරු දෙකම සමීප ජීවිතාධාර පද්ධති තාක්ෂණය භාවිතා කරන නිසා සෙබලුන්ට ගොඩනැගිලිවලින් ඉවත්ව නොගොස්,ආක්ටික් කලාපයේ රළු දේශගුණයට නිරාවරණය නොවී ඔවුන්ට ස්වාධීනව මෙහෙයුම් කල හැකිය.


යකුටියා හි කඳවුරට අමතර සැපයුම් රහිතව වසරක කාලයක් ස්වාධීනව ක්‍රියා කල හැකිය.මෙම ගොඩනැගිලි සංකීර්ණය නිසා එහි ජීවත් වන පිරිස ආක්ටික් පරිසර පද්ධතියේ බලපෑමට ලක්වන්නේ සුළු වශයෙනි.තවදි එහි පාරිසරික ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් ඉහළ මට්ටමක තිබේ.


ආක්ටික් කලාපයේ සිය ඇලුම්කම් සහ සිය ආරක්ෂාව රැකගැනීමට රුසියාව දක්වන පරිශ්‍රමයේ සංකේතය වන්නේ මෙම කඳවුරයි.එය ලෝකයේ ප්‍රධාන බලවතුන්ගේ අවධානය වැඩි වැඩියෙන් දිනා ගනිමින් සිටියි.මොස්කව් ස්ථිරවම තමන් ආක්ටික් කලාපයේ පිහිටුවන ලද බවත්,උත්තර ධ්‍රැවය රුසියාවට අතිශයින් වැදගත් බවත් ජනපති ව්ලැඩිමීර් පුටීන් පසුගිය වර්ෂයේදී ප්‍රකාශ කලේය.


උත්තර ධ්‍රැවයේ අයිස් දිය වූ විට රුසියාව සතු ආක්ටික් කලාපයේ අතිවිශාල තෙල් සහ ගෑස් නිධි වෙත වඩ වඩාත් පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලැබේ.රුසියානු උතුරු මුහුදු නෞකා ගමන් මාර්ගය එරට උතුරු වෙරළට සමාන්තරව ගමන් කරන අතර, අනාගතයේදී භාණ්ඩ ප්‍රවාහනය සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.සාම්ප්‍රදායික පෙරදිග-අපරදිග සම්බන්ධ කරන සූවස් සහ පැනමා ඇල මාර්ග හරහා දිවෙන නෞකා ගමන් මාර්ගයේදී වැය වන කාලයෙන් භාගයක් පමණක් උතුරු මුහුදු නෞකා ගමන් මාර්ගයට වැය වේ.



source:rt.com


උත්තර ධ්‍රැවයේ නවතම රුසියානු හමුදා කඳවුර උත්තර ධ්‍රැවයේ නවතම රුසියානු හමුදා කඳවුර Reviewed by HarshaLulzSec on April 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.