ලිබියානු අර්බුදය:ලිබියානු ජාතික හමුදාව සතුරු ගුවන් යානයක් බිම හෙළයි

libyan-national-army-shoots-down-gna-warplane-amid-further-advances-south-of-tripoli

අප්‍රේල් මස 10දා අපරභාගයේදී ලිබියානු ජාතික සම්මුති රජයේ ගුවන් හමුදාවට අයත් එල්-39 ගුවන් යානයක් බිම හෙළු බව ලිබියානු ජාතික හමුදාව නිවේදනය කලේය.ගුවන් යානය බිම හෙළා තිබෙන්නේ ට්‍රිපොලි නගරයේ පිටත ප්‍රදේශයේ පියාසර කරමින් තිබියදීය.ඒ සඳහා ලිබියානු ජාතික හමුදාවේ 166 වන බ්‍රිගේඩය සහභාගී වුව බව එම හමුදාවේ මාධ්‍ය කාර්යාලය සඳහන් කලේය.

ජාතික සම්මුති රජයේ හමුදාවන්ගේ අත් අඩංගුවට පත් වූ ලිබියානු ජාතික හමුදාවෙන් සටන් කල තරුණයින් පිරිසක්

වාර්තා වන පරිදි බිම හෙළු යානය ට්‍රිපොලි නගරයට නැගෙනහිරි තිබෙන මිස්රාටා ගුවන් තොටුපොලින් ගුවන් ගත වී තිබේ.මෙම ගුවන් හමුදා කඳවුර ජාතික සම්මුති රජයේ ගුවන් හමුදාවෙහි මූලස්ථානය ලෙස ක්‍රියාත්මක වේ.එහි එල්-39 ඇල්බට්‍රොස් නම් නියමුවන් පුහුණු කිරීමේ සහ සැහැල්ලු ප්‍රහාර යානා 9ක් මෙහෙයුම් සඳහා අනියුක්ත කර තිබිණි.දැනට තිබෙන දත්තවලට අනුව යානය බිම හෙළා තිබෙන්නේ දෙපාර්ශ්වයේම හමුදා භාවිතා කරන ZU-23-2 වැනි ගුවන් යානා නාශක ද්විත්ව බැරල් ස්වයංක්‍රීය කාලතුවක්කු අවියක් යොදාගෙනය.

Libya-war-map-2019-04-11

පසුගිය සතියේදී ජාතික සම්මුති රජයේ ජෙට් යානා ඉදිරියට ඇදෙන ලිබියානු ජාතික හමුදාවේ ඒකකවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමග ලිබියාවේ බටහිර කොටසේ ගුවන්-නිෂේධන කලාපයක් ප්‍රකාශයට පත් කරන්නට ලිබියානු ජාතික හමුදාව ක්‍රියා කලේය.ජාතික සම්මුති රජයේ ගුවන් ප්‍රහාරක බලයට එරෙහිව සැබෑ ක්‍රියාමාර්ග ගැනීම හැකියාව ලිබියානු ජාතික හමුදාව සතු යැ‍යි අප්‍රේල් 10දා සිදුවීමෙන් ඔප්පු වේ.සෝවියට් දේශයේ නිෂ්පාදිත 2K12 Kub නම් මැදි දුර ගුවන් ආරක්ෂක පද්ධතියක් සහ විවිධ වර්ගවල ජංගම/ අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක මිසයිල පද්ධති ලිබියානු ජාතික හමුදාව සතුය.ප්‍රදේශය තුල සැබෑ ගුවන්-නිෂේධන කලාපයක් නිර්මාණය කිරීමට එම අවි පද්ධති ප්‍රමාණවත් නැති වුවද කුඩා,යල්පැන ගිය ජාතික සම්මුති රජයේ ගුවන් හමුදාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කිරීමට ගුවන් යානා නාශක අවි සහ ජංගම ගුවන් ආරක්ෂක පද්ධතීන් ප්‍රමාණවත්ය.

ලිබියානු ජාතික හමුදාව සතු SA-6/2K12 "Kub" ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය

ඊට සමගාමීව ලිබියානු ජාතික හමුදාව ට්‍රිපොලි නගරය දෙසට ගමන් කරමින් සිටියි.එම හමුදා අගනගරයට දකුණින් පිහිටා ඇති 42 බලසේනාවේ සහ 4 වන බ්‍රිගේඩයේ කඳවුරු 2ක් යටත් කර ගත්හ.පළමු කඳවුර අයින් සාරා නගරාසන්නයේද දෙවැන්න අසිසියා නගරය අසලද පිහිටුවා තිබේ.ගැටුම්වලදී ජාතික සම්මුති රජයේ හමුදාවන්ට අයත් වාහන කිහිපයක් විනාශ කර අවි සහ උණ්ඩ තොගයක් සිය භාරයට ගන්නට ලිබියානු ජාතික හමුදාව සමත් විය.දැන් බරපතල ගැටුම් වාර්තා වන ට්‍රිපොලි ජාත්‍යන්තර ගුවන් තොටුපොලට ලිබියානු ජාතික හමුදාවේ ඒකක නැවත වරක් ඇතුල් වූහ.කසර් බින් ගෂිර් නගරයට ජාතික සම්මුති රජයෙන් එක් ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

ලිබියානු ජාතික හමුදාවේ සටන්කරුවෙක් 9K32 Strela-2 නම් ජංගම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් සමග

ඒ අතරේ ට්‍රිපොලි නගරයේ ජාතික සම්මුති රජයට පක්ෂපාති හමුදාන්ට එරෙහිව වේගවත් සහ තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලිබියානු ජාතික හමුදාව අසමත්ව තිබේ.පසුගිය දින කිහිපය තුල දැක ගත හැකි වූයේ ලිබියානු ජාතික හමුදාවේ සම්පූර්ණ ඉදිරි පෙරමුණම පසුපසට තල්ලු කිරීමේ හැකියාව ජාතික සම්මුති රජයට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම්වල සන්ධානය සතුව නොමැති බවයි.එහි අරුත ට්‍රිපොලි නගරය ජාතික සම්මුති රජය යටතේ තිබෙන අනෙකුත් ප්‍රදේශවලින් හුදකලා කිරීමේ කදිම අවස්ථාවක් ලිබියානු ජාතික හමුදාව සතුය යන්නයි.මෙම පසුබෑම ට්‍රිපොලි ආරක්ෂකයන්ට සැලකිය යුතු පරාජයකි.එමගිනි ආක්‍රමණකාරී මෙහෙයුම් සඳහා තවදුරටත් සූදානම් වීමටත්,ලිබියානු අර්බුදයට විසඳුමක් ලබා ගැනීමේ සාකච්ඡාවලදී ලිබියානු ජාතික හමුදාවේ නායකත්වයේ ස්ථානය ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව ලැබේ.





source:southfront.org


ලිබියානු අර්බුදය:ලිබියානු ජාතික හමුදාව සතුරු ගුවන් යානයක් බිම හෙළයි ලිබියානු අර්බුදය:ලිබියානු ජාතික හමුදාව සතුරු ගුවන් යානයක් බිම හෙළයි Reviewed by HarshaLulzSec on April 13, 2019 Rating: 5

No comments:

Powered by Blogger.