සිරියාවේ හෝම්ස් පළාතට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

israel-strikes-iranian-targets-in-homs-only-syrian-missile-launcher-found-to-be-destroyed

අප්‍රේල් 13දා රාත්‍රියේ ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ හෝම්ස් පළාතේ මසියාෆ් නගරය ආසන්නයේ ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කලේ ලෙබනන ගුවන් අවකාශය භාවිතා කරමින්ය.

සිරියානු පාර්ශ්වයට අනුව ඊශ්‍රායල මිසයිල වලින් වැඩි ප්‍රමාණයක් බිම හෙළා තිබෙන මුත් ඉතිරි මිසයිල පතිත වීමෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී සිරියානු සෙබලුන් 3 දෙනෙක් ඇතුලුව ආසන්න වශයෙන් 20ක් වත් තුවාල ලැබීය.එක් ඊශ්‍රායල මිසයිලයක අවශේෂ ලෙබනන දේශසීමාව ආසන්නයෙන් සොයා ගෙන තිබේ.

මසියාෆ් නගරයේ කළමනාකරණ පාසල,විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානය සහ ගිණුම් කරන පාසලද ඉලක්ක අතර විය.

 නොබෝදා සිරියාවේ හෝම්ස් පළාතට එල්ල වූ  ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයේ ප්‍රතිඵල පෙන්වන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම විසින් නිකුත් කර තිබේ.

ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍ර සුපුරුදු පරිදි මෙවර ප්‍රහාරයේත් ඉලක්ක වූයේ යැ‍යි සඳහන් කරන්නේ ඉරාන හමුදාවට අයත් මිසයිල නිෂ්පාදනාගාරයි.කෙසේවෙතත් ප්‍රහාරයෙන් සිරියාවට අයත් එක් කාලතුවක්කු රොකට් විදිනයක් විනාශ වූ බව තහවුරු කර තිබේ.


 


නිකුත් කල ඡායාරූපවලට අනුව ඔවුන්ගේ ප්‍රහාර වලින් උම් හරටයින් නගරය ආසන්නයේ "මේසාලන්" නම් කාලතුවක්කු රොකට් විදිනයක්ද විනාශ වූයේය.මේසාලන් යනු සිරියාවේ නිෂ්පාදනය කරන,ඉරාන "සෙල්සාල්-2" නම් නියාමක නොවන දිගු දුර කාලතුවක්කු රොකට් පද්ධතියේ ව්‍යුත්පන්නයකි.ඉන් නිකුත් කරන රොකට්ටුවක පරාසය කි.මී. 210ක් වන අතර අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සහිත අවි ශීර්ෂයක් අන්තර්ගතය.මෙම රොකට් මාර්ගෝපදේශන පද්ධති සමග වැඩිදියුණු කිරීම හරහා ඒවා නියතාර්ථ-නියාමක රොකට් බවට පත් කිරීමට ඉරානය සහ සිරියාව ක්‍රියා කරන්නේ යැ‍යි ඊශ්‍රායලය චෝදනා එල්ල කරයි.

විනාශ වූ ගොඩනැගිල්ලක් තුල තිබෙන කාලතුවක්කු රොකට් විදිනය

රුසියාව විසින් සිරියානු හමුදාවට ලබා දුන් එස්-300 ගුවන් ආරක්ෂක පද්ධතීන් ස්ථානගත කර තිබෙන ප්‍රදේශය ආසන්නයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීම වැදගත් කරුණකි.එම මිසයිල පද්ධති මේ දක්වා සේවයට අනියුක්ත කර හෝ මෙහෙයුම් සඳහා සූදානම් තත්තවයේ නොමැත.

අල්-මයාඩීන්,ඩීර් එසෝර් සහ අල්-සුක්නාහ් යන ත්‍රිකෝණාකාරය ප්‍රදේශය තුල රජයට පක්ෂපාතී හමුදා කණ්ඩායම් ඉලක්ක කර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කරන ප්‍රහාර ක්‍රමයෙන් උත්සන්න වෙමින් තිබේ.පසුගිය සති කිහිපය තුලදී සිරියානු අරාබි හමුදාව සහ රජයට පක්ෂපාතී සටන්කාමීන්ගේ රථ පෙළ දෙකකට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කලහ.විවිධ මූලාශ්‍ර පවසන පරිදි එම ප්‍රහාර හේතුවෙන් රජයට පක්ෂපාතී සටන්කරුවන් 7-15 අතර සංඛ්‍යාවක් මිය ගියහ.

Syrian-war-map-2019-04-15

අප්‍රේල් මස 12දා රුසියානු ගුවන් හමුදාව හරබිෂාහ් නගරය ආසන්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කලේය.මාර්තු මාසයේදී සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් හරබිෂාහ් සහ කොබජෙප් යන ප්‍රදේශවල සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුමක් සිදු කලද,එවැනි සීමා සහිත ප්‍රයත්නයන් ත්‍රස්තවාදීගේ තර්ජනය අවසන් කිරීමට ප්‍රමාණවත් නොවේ.සමහර මූලාශ්‍රවලට අනුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බැග්ඩාඩි මධ්‍යම සිරියානු කාන්තාරයේ සැඟව සිටියි.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය අවට වාතාවරණයේද වෙනසක් නැත.සිරියානු අරාබි හමුදාවත්,විපක්ෂ සටන්කාමීනුත් අතර සටන් විරාම උල්ලංඝනය කිරීම සහ කාලතුවක්කු ප්‍රහාර හුවමාරුව නිරන්තරයෙන් සිදුවේ.

සිරියාවේ රුසියානු හමුදා කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කර්නල් ජෙනරල් ඇන්ඩ්‍රෙයි සර්ඩයිකොව් පත් කර තිබෙන බව අප්‍රේල් මස 12දා රුසියානු කොමර්සන්ට් දිනපතා පුවත්පත වාර්තා කර තිබිණි.ඔහුට පැවරී තිබෙන ප්‍රධාන කාර්යයක් වන්නේ යුද මුක්ත කලාපයේ රුසියා-තුර්කි ඒකාබද්ධ මුර සංචාර සඳහා කොන්දේසී සකස් කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් අවසන් කිරීමයි.ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කරන්නේ කලින් ප්‍රකාශයට පත් කල යුද මුක්ත කලාපය තුල බර අවිවලින් සන්නද්ධ අන්තවාදී සටන්කාමීන් සිටින තාක් කල් ඉහත අරමුණ යතාර්ථයක් කර ගැනීම කල නොහැක්කක් බවයි.

කර්නල් ජෙනරල් ඇන්ඩ්‍රෙයි සර්ඩයිකොව්

යුප්‍රටීස් නිම්නයේ බටහිර ඉවුරේ ඉතිරිව තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් සොයා විනාශ කිරීම සඳහා ඇමෙරිකානු සහාය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා මහා පරිමාණ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 "අසියස්" නමින් හඳුන්වන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි ආරක්ෂක අංශය අප්‍රේල් මස 13දා ඩීර් එසෝර් පළාතේ මහා පරිමාණ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදි.එහිදී සැකකරුවන් කිහිපදෙනෙක් අත් අඩංගුවට පත් විය.අසියස් හි ඒකක සොයා ගත් අවි අතර ගිනි අවි කිහිපයක්,රොකට් ප්‍රචාලන බෝම්බ,මර උගුල් සහ චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති ආදිය තිබිණි.

මෙහෙයුම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ වාසර ප්‍රහාරක බලකායක සහාය ලැබුණු බව මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය සඳහන් කලේය.එම නිරීක්ෂණ කණ්ඩායමට අනුව ඔවුන්ගේ එක් ප්‍රහාරයකින් ඉරාක ජාතිකයින් තිදෙනෙක් ඇතුලුව සැකකරුවන් 5ක් මිය ගියහ.















source:southfront.org


සිරියාවේ හෝම්ස් පළාතට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සිරියාවේ හෝම්ස් පළාතට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on April 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.