ට්‍රිපොලි සඳහා සටන:ලිබියානු ජාතික හමුදාවේ වේගය අඩාල වේ

haftar-forces-stalled-south-of-tripoli-gna-fighters-shot-down-lna-warplane

අප්‍රේල් මස 16 දා වෙද්දී ලිබියානු හමුදාව ට්‍රිපොලි නගරයේ දකුණුදිග පිවිසුමට ලගා වී තිබූ අතර සටන අගල් යුද්ධයක් බවට හැරෙන ලකුණු පෙනෙන්නට තිබේ.ජාතික සම්මුති රජයට පක්ෂපාතී සටන්කාමීන් අයින් සාරා ප්‍රදේශයෙන් ලිබියානු ජාතික හමුදාවේ ඉදිරි ගමන නවතා දැමූ අතර වෙරළට සමාන්තරව දිවෙන ට්‍රිපොලි-මිස්රාටා මහා මාර්ගය අතරමැදින් අල්ලා ගැනීමේ ලිබියානු ජාතික හමුදාවේ උත්සාහයද ව්‍යර්ථ කරන ලදි.

රතු පැහැයෙන්:ලිබියානු ජාතික හමුදාව සහ කොළ පැහැයෙන්:ජාතික සම්මුති රජයේ හමුදාද නිරූපනය කර තිබේ

ජාතික සම්මුති රජය විසින් අත්කර ගත් තවත් වැදගත් සාර්ථකත්වයක් වන්නේ අප්‍රේල් මස 14දා ඔවුන්ගේ හමුදා අයින් සාරා ප්‍රදේශයට ඉහළ අහසේ පියාසර කල ලිබියානු ජාතික හමුදාවේ මිග්-21 ජෙට් යානයක් ජංගම ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් යොදාගෙන බිම හෙළීමයි.එහි නියමුවා යානයෙන් පිටතට පැන ගැනීමට සමත් වුවද මේ දක්වා ඔහු සොයා ගෙන නොමැත.මිග්-21 යානය බිම හෙළීම තහවුරු කර තිබුණත්,අප්‍රේල් මස 10දා ජාතික සම්මුති රජයේ එස්-39 ජෙට් යානයක් බිම හෙළුවේ යැ‍යි ලිබියානු ජාතික හමුදාව සිදු කල නිවේදනය සනාථ කිරීමට මේ දක්වා ප්‍රමාණවත් සාක්ෂියක් ඉදිරිපත් වී කර නොමැත.


මිග්-21 යානය දෙසට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කරන අයුරු පහත වීඩියෝ පටයේ දැක්වේ




කඩා වැටුණු මිග්-21 ජෙට් යානයේ අවශේෂ

LNA-Mig-21-down

LNA-Mig-21-down

LNA-Mig-21-down

ජාතික සම්මුති රජයේ හමුදා දියත් කල ප්‍රති-ප්‍රහාර වලින් ට්‍රිපොලි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පාලනය සියතට ගැනීමට ඉඩ ලැබුණේ නැත.ප්‍රධාන වශයෙන් ගැටුම් වාර්තා වන්නේ ගුවන් තොටට දකුණින් වූ අල්-ස්වානි නගරය තුලයි.

ඒ අතරේ ලිබියානු ජාතික හමුදාව දිගින් දිගටම අතිරේක සෙබලුන් සහ විවිධ යුදෝපකරණ ට්‍රිපොලි පෙරමුණට යවමින් සිටියි.ප්‍රදේශය තුල යුද මෙහෙයුම දිගටම කරගෙන යාමට ලිබියානු ජාතික හමුදා නායකත්වය තීරණය කර තිබෙන බව මෙම ක්‍රියාමාර්ගයෙන් පැහැදිලිවේ.

 අප්‍රේල් මස 13දා ලිබියානු ජාතික හමුදාවේ ගුවන් යානා ජාතික සම්මුති රජයට අයත් උණ්ඩ ගබඩා කිහිපයකට බෝම්බ හෙළු බව වාර්තාවේ.ට්‍රිපොලි නගරයට නැගෙනහිරින් සහ ගිනිකොණදිගින් පිහිටි ටාජුරා සහ වඩි අල් රාබි නගරවල මෙම උණ්ඩ ගබඩා තිබිණි.


අප්‍රේල් මස 14දා ලිබියානු ජාතික හමුදාවේ නායක ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්ටර් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ ඊජිප්තු ජනපති අබ්ඩෙල් ෆාටාහ් අල්-සිසි හමුවිය.මෙම හමුවේදී අල්-සිසිගේ කාර්යාලය නිකුත් කල ප්‍රකාශයක මෙසේ සඳහන් විය "ත්‍රස්තවාදයට සහ අන්තවාදී සටන්කාමීන්ට එරෙහි සටනේදී රට පුරා සිටින ලිබියානුවන් වෙනුවෙන් ආරක්ෂාව සහ ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා වූ ප්‍රයත්නයට ඊජිප්තුවේ සහාය ලැබෙන බව ජනපතිවරයා සහතික කලා".එම ප්‍රකාශයේ ට්‍රිපොලි නගරයට සම්බන්ධව සෘජුව සඳහන් කර නොමැති වුවද ලිබියානු ජාතික හමුදාවේ ප්‍රධාන අනුබලදෙන්නෙක් වන්නේ ඊජිප්තුවයි.එරට ලිබියානු ජාතික හමුදාවේ ට්‍රිපොලි ආක්‍රමණයටද සහාය පළ කර තිබේ.

කලීෆා හෆ්ටර් සහ ඊජිප්තු ජනපති අල්-සිසි අතර හමුව

ඊට අමතරව ඊජිප්තු ඔත්තු බැලීමේ යානයක් මිස් රාටා නගරයට ඉහළ අහසේ පියාසර කල බව වාර්තාවේ.මිස් රාටා හි සටන්කාමීන් බහුතරයක් අන්තවාදීන් වන අතර ඔවුහු ජාතික සම්මුති රජයට සහාය පළ කරති.නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරේ ජාතික සම්මුති රජයේ යුද ගුවන් යානාවලින් වැඩි ප්‍රමාණයක් ස්ථානගත කර තිබේ.ලිබියානු ජාතික හමුදාවේ ඒකක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රහාරක යානා ගුවන් ගත වන්නේ මෙම ගුවන් හමුදා කඳවුරෙනි.



ඊජිප්තුව එකතු කර ගන්නා දත්ත ලිබියානු ජාතික හමුදාව සමග බෙදා ගනිමින් ඔවුන්ගේ මෙහෙයුම්වල ඵලදායිතාවය ඉහළ නැංවීමට යොදා ගන්නේ යැ‍යි සමහර මූලාශ්‍ර පවසයි.


මේ දක්වා,ට්‍රිපොලි ආක්‍රමණය සඳහා පැමිණි ලිබියානු ජාතික හමුදාවට ප්‍රමාණවත් ප්‍රතිවිරෝධයක් දැක්වීමේ හැකියාව තමන් සතු යැයි ඔප්පු කිරීමට ජාතික සම්මුති රජයට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම් වලට හැකිව තිබේ.ඔවුන් සන්ධාන ගත වුවහොත් ඊට වැඩි ප්‍රතිරෝධයක් දැක්විය හැකිය.කෙසේවෙතත් සටන ක්‍රමයෙන් දිග්ගැස්සුන හොත් සටනට සහභාගී වී සිටින ජාතික සම්මුති රජයට පක්ෂපාතී සමහර කණ්ඩායම් ඔවුන්ගේ පාලන ප්‍රදේශ තුල සිය වෙළඳ ප්‍රයත්නයන් අනතුරේ හෙළන බව තේරුම් ගනීවි.මෙය ට්‍රිපොලි ආසන්නයේ අනියුක්ත කර සිටින ජාතික සම්මුති රජයට පක්ෂපාතී හමුදා ඛණ්ඩනය වීමට අවශ්‍යතා නිර්මාණය කරනු ඇත.




source:southfront.org


ට්‍රිපොලි සඳහා සටන:ලිබියානු ජාතික හමුදාවේ වේගය අඩාල වේ ට්‍රිපොලි සඳහා සටන:ලිබියානු ජාතික හමුදාවේ වේගය අඩාල වේ Reviewed by HarshaLulzSec on April 17, 2019 Rating: 5

No comments:

Powered by Blogger.