චීනය:ලොව ප්‍රථම සන්නාහ සන්නද්ධ උභයචර ඩ්‍රෝන් යාත්‍රාව

china-developing-unmanned-amphibious-combat-vehicle

චීන රජයට අයත් චීන නෞකා නිෂ්පාදන කර්මාන්ත සමාගමට අනුබද්ධ Qingdao Wuchuan Heavy Industry සමාගම 2019 අප්‍රේල් 8 දා ලොව ප්‍රථම උභයචර ඩ්‍රෝන් යාත්‍රාව ප්‍රදර්ශනය කලේය.මෙම යාත්‍රාවේ තාක්ෂණික ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

දිග:මීටර් 12

පළල:මීටර් 4.14

උපරිම වේගය: නාවික සැතපුම් 50


මෙම ඩ්‍රෝන් යාත්‍රාවට ලබා දී තිබෙන නම වන්නේ "මැරීන් ලිසඩ්/සී ලිසඩ්" යන්නයි.මැරීන් ලිසාඩ් ඩ්‍රෝන් යාත්‍රාව නවීන මාර්ගෝපදේශන සහ වෙඩි පාලන පද්ධතියකින් සමන්විතය.එය භාවිතා කරන්නේ චීනය සතු "BeiDou" නම් චන්ද්‍රිකා මාර්ගෝපදේශන පද්ධතියයි.


ඩ්‍රෝන් යාත්‍රාව සතු උසස් තත්ත්වයේ කැමරා මගින් දෘෂ්‍ය සහ අධෝරක්ත පරාසයේ ඡායාරූප සහ සජීවී දර්ශන ලබා ගත හැකිය.ඒවා චීන නාවික හමුදාවේ දැවැන්ත නෞකාවක තිබෙන ඩ්‍රෝන් යාත්‍රාවේ දුරස්ථ පාලන මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය කෙරේ.


උභයචර,මිනිසුන් රහිත,අධි වේගී යාත්‍රාව සැලසුම් කර තිබෙන්නේ දකුණු චීන මුහුදේ විවාදයට තුඩු දී ඇති දූපත් වල සිදු කරන මෙහෙයුම් සඳහාය.මෙවැනි යාත්‍රා මගින් එම දූපත් වලට උභයචර සංග්‍රාමික ඒකක වේගයෙන් පිටත් කර යැවීමට පුලුවනි.







මහා පරිමාණයෙන් සැහැල්ලු සන්නද්ධ රථ නිෂ්පාදනය කරන Shaanxi Baoji Special Vehicles Manufacturing නම් සමාගම චීන හමුදාවේ විශේෂ බලකා සඳහා අවශ්‍ය කරන උභයචර රථයක් ප්‍රදර්ශනය කලේය.මෙය දිය-ගොඩ දෙකෙහිම ගමන් කල හැකි ජිප් රථයකි.






source:bmpd.livejournal.com


චීනය:ලොව ප්‍රථම සන්නාහ සන්නද්ධ උභයචර ඩ්‍රෝන් යාත්‍රාව චීනය:ලොව ප්‍රථම සන්නාහ සන්නද්ධ උභයචර ඩ්‍රෝන් යාත්‍රාව Reviewed by HarshaLulzSec on April 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.