සතියේ හොඳම ඡායාරූප:අප්‍රේල් 12


ජපාන වෙරළාරක්ෂක යාත්‍රාවක් සහ ඇමෙරිකානු හමුදාවේ ගුවන් යානයක්,කඩා වැටුණු ජපාන එෆ්-35 ෆයිටර් ජෙට් යානය සෙවීමේ නිතර වන අයුරු,උතුරු ජපානයේ අමෝරි නගරය ආසන්න මුහුද,2019 අප්‍රේල් 10.ජපාන ගුවන් හමුදාවේ එෆ්-35ඒ ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් රාත්‍රී පුහුණු පියාසැරියකදී පැසිෆික් සාගරයට කඩා වැටිණි.යානයේ කොටස් සොයා ගත්තේ යැයි එරට ආරක්ෂක අමාත්‍යවරයා අප්‍රේල් 10 දා පැවසීය.




ඇමෙරිකා-පිලිපීන වාර්ෂික යුද අභ්‍යාසයේ කොටසක් ලෙස ඒ-10 වර්තොග් ප්‍රහාරක යානයක් සජීවී වෙඩි තැබීමේ සරඹයක නිතර වෙමින්,උතුරු මැනිලා හි ටාර්ලැක් පළාතේ ක්‍රෝව් නිම්නය,2019 අප්‍රේල් 10.




ඇමෙරිකා-පිලිපීන වාර්ෂික යුද අභ්‍යාසයේදී එක්සත් ජනපද මැරීන උභ්‍යචර ප්‍රහාරක රථයක් මුහුදේ යාත්‍රා කරද්දී සීහැවොක් හෙලිකොප්ටරයක් යූ එස් එස් වොස්ප් නම් ඇමෙරිකානු නාවික හමුදාවේ බහුකාර්යය උභ්‍යචර ප්‍රහාරක නෞකාව ඒ ආසන්නයෙන් යාත්‍රා කරන අයුරු.දකුණු චීන මුහුදේ සැන් ඇන්ටෝනියෝ නගරය ආසන්න මුහුද,2019 අප්‍රේල් 11.




ලෙබනන ගුවන් හමුදාවේ ඒ-29 සුපර් ටුකැනෝ යානා අභ්‍යාසයක් අතරතුර ඉලක්ක වලට ඉහළින් පියාසර කරමින්,උතුරු ලෙබනනයේ හැමාට් ගම්මානය,2019 අප්‍රේල් 11.




LAAD 2019 ප්‍රදර්ශනයේ දී බ්‍රසීල නාවික හමුදා සාමාජිකයෝ ගිනි අවියක දූරදර්ශකය පරීක්ෂා කරන අයුරු,බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ රියෝසෙන්ට්‍රෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානය,2019 අප්‍රේල් 02.




කාර්ටූම් අගනගරයේ හමුදා මූලස්ථානයට පිටතින් දෙවන දිනටත් රැස්වී සිටි සුඩාන උද්ඝෝෂකයෝ ඔවුන් පසුකර යන හමුදාවේ රථයක් දෙසට ජයග්‍රහණයේ සලකුණ ප්‍රදර්ශනය කරන අයුරු,2019 අප්‍රේල් 7.සුඩාන ජනපති ඔමාර් අල්-බෂිර්ට ඉල්ලා අස් වන්න යැයි බල කරමින් පැවැති උද්ඝෝෂණවලදී සිය පක්ෂයට සහාය පළ කරන්න යැ‍යි උද්ඝෝෂකයෝ හමුදාවෙන් ඉල්ලා සිටියහ.




ආක්ටික් වෘත්තයට ඔබ්බෙන් පිහිටා ඇති කොටෙල්නි දූපතේ තිබෙන රුසියානු හමුදා කඳවුරේ සිටින සෙබලෙක් මුර සංචාරයේ යෙදෙමින් සිටින අවස්ථාවක්.මෙම රුසියානු කඳවුර "නෝර්තන් ක්ලෝවර්" නමින් හඳුන්වන අතර එහි සෙබලුන් 250කට නවාතැන් ගත හැකිය.




බලිකටන් 2019 නමින් හැඳින්වූ ඇමෙරිකා-පිලිපීන යුද අභ්‍යාසයට සහභාගී වූ ඇමෙරිකානු ඕ වී-22 ඔස්ප්‍රි යානා වල ඡායාරූප ගන්නා පිලිපීන නාවික හමුදා සෙබලෙක්,පිලිපීනයේ වයඹදිග මැනිලා සැන්බාලීස් පළාතේ,සැන් ඇන්ටෝනියෝ නගරය ආසන්නයේ,2019 අප්‍රේල් 11.




Allied Spirit X නම් යුද අභ්‍යාස මාලාවේදී ජර්මන් හමුදාවේ සෙබලෙක් උපාය මාර්ගික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරක්ෂා කරන අයුරු,ජර්මනියේ හොහෙන්ෆෙල්ස් නගර සභා සීමාවේ ඇමෙරිකානු 7 වන හමුදා පුහුණු මධ්‍යස්ථානය,2019 අප්‍රේල් 9.ඇමෙරිකානු සෙබලුන් 1,300 ඇතුලුව ඩෙන්මාර්කය,ෆින්ලන්තය,ජර්මනිය,ඊශ්‍රායලය,ඉතාලිය,ලිතුවේනියාව,මෝල්ඩෝවා,නෙදර්ලන්තය,පෝලන්තය,ස්ලෝවැකියාව,ස්පාඤ්ඤය,ස්වීඩනය,තුර්කිය සහ බ්‍රිතාන්‍යය යන රටවලින් සෙබලුන් 5,600ක් පමණ මෙම සති තුනක් දීර්ඝ යුද අභ්‍යාස මාලාවට එක් විය.





පිලිපීන ගුවන් හමුදාවේ ඕ වී-10 ගුවන් යානයකින් ඉලක්කයක් වෙත බෝම්බයක් හෙළන අයුරු.ඇමෙරිකාව සහ පිලිපීනය යන රටවලින් 8,000ක් පමණ සෙබලුන් පිරිසක් සහභාගී වන ඇමෙරිකා-පිලිපීන යුද අභ්‍යාසය පිලිපීනය මුල් කරගෙන පැවැත්වේ.




රුසියානු නාවික හමුදාවේ අද්මිරාල් ට්‍රිබුට්ස් නම් ප්‍රති-සබ්මැරීන නෞකාව මැනිලා ජාත්‍යන්තර වරායට පැමිණෙද්දී පිලිපීන නාවික හමුදාවේ වාදක වෘන්දය පිළිගැනීමේ උත්සවයේ වාදනය කරද්දී,2019 අප්‍රේල් 8.




රුසියානු Mi-26T2V හෙලිකොප්ටරයක් මිල් මොස්කව් හෙලිකොප්ටර් කර්මාන්තශාලා භූමියේ ප්‍රදර්ශන පියාසැරියක නිරත වන අයුරු,2019 අප්‍රේල් 3.ලොව විශාලතම හෙලිකොප්ටරය වන Mi-26T2V යානය එහි මූලික පියාසැරි පුහුණු අභ්‍යාස අවසන් කිරීමෙන් පසුව නිල හමුදා පුහුණු අභ්‍යාස සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට භාර දීමට නියමිතය.



source:defensenews.com


සතියේ හොඳම ඡායාරූප:අප්‍රේල් 12 සතියේ හොඳම ඡායාරූප:අප්‍රේල් 12 Reviewed by HarshaLulzSec on April 16, 2019 Rating: 5

No comments:

Powered by Blogger.