වෙනසුවෙලාව අඳුරු වෙයි:සයිබර් ප්‍රහාර,කඩාකප්පල් කිරිම සහ ප්‍රබල කියුබානු බුද්ධි අංශ

venezuela-blackout-cyber-attacks-sabotage-and-political-horror-movies

පසුගිය දින කිහිපය තුල වෙනසුවෙලාවේ විදුලි බලය බිද වැටීම හේතුවෙන් රටම අදුරේ පැවතිණි.විදුලි බල අර්බුදය ආරම්භ වන්නේ මාර්තු 7 දා ගුරි ජල විදුලි බලාගාරයේ ඇති වූ ඇණ හිටීමකින්ය.මෙම විදුලි බලාගාරය වෙනසුවෙලාවට අවශ්‍ය විදුලි බලයෙන් 80% ප්‍රතිශතයක් නිපදවයි.ඊට අමතරව එරට බොලිවර් ජනපදයේ සිඩෝර් උපපොළේ පිපිරීමක් සිදු වූ බව වාර්තා වේ.

එතැන් පටන් මෙම අර්බුදය විසඳීමට රජය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.

ගුරි වේල්ල

ජනපති නිකොලස් මැඩුරෝට පවසන්නේ විදුලිය ඇණ හිටීමට හේතුව "ඇමෙරිකානු අධිරාජ්‍යවාදය විසින් නිවේදනය කල සහ මෙහෙය වන ඉලෙක්ට්‍රික් යුද්ධය" බවයි.මැඩුරෝට අනුව විදුලි බල පද්ධතීන් සයිබර් ප්‍රහාර සහ රට තුලට රිංගා ගත් කඩාකප්පල්කාරීන්ගේ ඉලක්කය වී තිබේ.මාර්තු 8 දා වෙද්දී රටේ බොහෝ ප්‍රදේශවල විදුලි බලය ප්‍රතිෂ්ඨාපනයට සමත් වුවද,එරට විදුලි බල මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක් එල්ල වීමෙන් ප්‍රතිස්ථාපනය කල පද්ධතීන් අක්‍රීය වු බව වෙනසුවෙලා ජනපති පැවසීය.වඩාත් හොඳින් ක්‍රියාත්මක වූ බලශක්ති උත්පාදන මූලාශ්‍රයක් කඩාකප්පල් කර සමාගම ඇතුලේ සිට මෙම කඩාකප්පල් කිරීම සිදු කලේ යැ‍යිද ඔහු සඳහන් කලේය.

එරට සන්නිවේදන සහ තොරතුරු අමාත්‍ය ජෝර්ජ් රොඩ්‍රිගස් මෙම වාතාවරණය විස්තර කලේ "වසර 200ක් වෙනසුවෙලා ඉතිහාසය තුල ජනතාවට එල්ල වූ වඩාත් කුරිරුතම ප්‍රහාරය" ලෙසයි.මෙම තත්ත්වය ඇමෙරිකානු සහාය ලබන වෙනසුවෙලා විපක්ෂය යැ‍යි කියා ගන්නා කණ්ඩායම හිතාමතා සිදු කල කඩාකප්පල් කිරීමක් යැ‍යිද ඔහු චෝදනා කලේය.


වෙනසුවෙලාවේ වාතාවරණය අස්ථාවර කිරීමට උත්සාහ දරන්නේ යැ‍යි එල්ල වන චෝදනා එක්සත් ජනපදය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.වොෂින්ටනය සහ එහි මිත්‍රයෝ "සාමාන්‍යය වෙනසුවෙලා ජාතිකයන්ට" රිදවන්නේ නැතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ කිවේය.ඔහුට අනුව ජනතාවට රිදවන්නේ "මැඩුරෝ රජයේ නොහැකියාවයි".

"ආහාර නැත,ඖෂධ නැත. දැන් විදුලි බලය නැත.ඊළඟට මැඩුරෝ නැත.මැඩුරෝගේ ප්‍රතිපත්ති අදුරට වඩා දෙයක් ගෙන එන්නේ නැත" යනුවෙන් පොම්පේයෝ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.අවාසනාවකට එරට ආර්ථික වනසා "වෙනසුවෙලා ජනතාවට" උදව් කරන්නට එක්සත් ජනපදය විසින් පැනවූ මහා පරිමාණ සම්බාධක හේතු වූයේ කෙසේද යන්න ඔහු පැහැදිලි කලේ නැත.

ඇමෙරිකානු සහාය ඇතිව ක්‍රියාත්මක ආණ්ඩු වෙනස් කිරීමේ ප්‍රයත්නය සඳහා වැඩි විදෙස් සහාය ලබා ගැනීම සඳහා උත්සාහ දැරීමෙන් අනතුරුව,ඇමෙරිකාව පිළිගන්නා වෙනසුවෙලා අන්තර්වාර ජනපති ජුවාන් ගුවයිඩෝ නැවතත් මව් රටට පැමිණ සටනේ අලුත් අධියරයක් ආරම්භ කලේ නොබෝදාය.මෙම අන්තර්වාර ජනපතිට එක්සත් ජනපදයේ සහාය හිමි බව එරට රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ හැසිරීමෙන් පෙනේ.රාත්‍රිය අදුරේ තබමින් මැඩුරෝ සහ ඔහුගේ කල්ලිය සංත්‍රාසය දනවන චිත්‍රපටයක් මෙන් ජනතාව බියට පත් කලේ යැයි ගුවයිඩෝ පැවසීය.


නොබෝදා මුඛ්‍ය ධාරාවේ මාධ්‍ය ගිනි තැබූ පුවත වූයේ කියුබාව වෙනසුවෙලා අර්බුදයට අයුතු ලෙස මැදිහත් වේ යන්නයි.මෙම පුවතට අනුව මැඩුරෝ රජය පාලනය කරන්නේ කියුබා බුද්ධි අංශ නිසා "ප්‍රජාතන්ත්‍රවාදයේ බලකාවලට" වෙනසුවෙලා රජය පෙරළා දැමීමට නොහැකි විය.ජනපති මැඩුරෝ යනු "කියුබාවේ රූකඩයක්" වඩා දෙයක් නොවේ යැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

හිස්බුල්ලා සංවිධානයේ සහ රුසියාවේ කුලී හමුදා වෙනසුවෙලාවේ සිටියි යැ‍යි මීට පෙර චෝදනා එල්ල වූ අතර එහි දෙවන උත්සාහය වූයේ කොළොම්බියා-වෙනසුවෙලා දේශසීමාවේදී බලහත්කාරයෙන් ඇමෙරිකානු ආධාර වෙනසුවෙලාවට ගෙන ඒම හරහා ප්‍රකෝප කිරීමක් සිදු කරයි.ඒ හරහා සිය දේශපාලන රූකඩය බලයට ගෙන ඒමට එක්සත් ජනපදයට සෘජු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවස්ථාව ඉහළ යමින් ඇත.

ගිනි තැබූ ආධාර රැගත් රථයක්

පෙබරවාරි මාසයේදී ප්‍රකෝප කිරීමක් රඟදැක්වීමට දැරූ උත්සාහය අසාර්ථක වූ අතර ඇමෙරිකානු සහාය ලබන විපක්ෂය විසින් හිතා මතාම ඇමෙරිකානු ආධාර රැගත් රථ ගිනි තබා එහි චෝදනාව මැඩුරෝ රජය මත පැටවීමේ කූට උපක්‍රමය හෙළිවීම හරහා බලය යොදවා රජය පෙරළ දැමීමේ අවසන් පියවරද අසාර්ථක විය.ඇමෙරිකානු රූකඩය වන ගුවයිඩෝ යළි වෙනසුවෙලාව වෙත පැමිණීමෙන් පසුව කුමන්ත්‍රණයේ ඊළඟ අධියරය ආරම්භ වේ.නමුත් මැඩුරෝ රජයට හමුදාවේ සහාය හිමි වීම සහ රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණවල විශාලත්වය සහ තීව්‍රතාවය ,රජය දුර්වල කිරීමට ප්‍රමාණවත් නොවේ.

වෙනසුවෙලාව අදුරේ තැබීම හරහා එරට තුල කැළඹීමක් ඇති කිරීමත්, හමුදාව සහ ආරක්ෂක අංශ ඈත් කර තැබීමත් යන කාරණා ඉෂ්ඨ කර ගන්නට බලාපොරොත්තු වේ.එහෙයින් අලුත් ප්‍රකෝප කිරීමක් රඟ දක්වා වෙනසුවෙලා රජය බලයෙන් පහ කිරීමට සිදු කරන විදේශ මැදිහත් වීමක් ඒ හරහා සාධාරණීකරණය කිරීම නුදුරේදීම සිදුවනු ඇතැයි අපේක්ෂා කල හැකිය.




source:southfront.org


වෙනසුවෙලාව අඳුරු වෙයි:සයිබර් ප්‍රහාර,කඩාකප්පල් කිරිම සහ ප්‍රබල කියුබානු බුද්ධි අංශ වෙනසුවෙලාව අඳුරු වෙයි:සයිබර් ප්‍රහාර,කඩාකප්පල් කිරිම සහ ප්‍රබල කියුබානු බුද්ධි අංශ Reviewed by HarshaLulzSec on March 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.